
(බිමල් ශ්‍යාමන් ජයසිංහ, එච්.එම්. ධර්මපාල සහ බී ජානක)
දෙහිවල සිරිසඟබෝ පෙදෙස නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 සහ 17 පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි.
ඔවුන්ගේ පියා (55) බරපතල තත්වයෙන් කළුබෝවිල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීයි.
කොස්මල්ලි නැමැති සංවිධාරාත්මක අපරාධ කල්ලි පාර්ශවයට අයත් බව කියන මෙම නිවැසියන් ප්‍රහාරයට ලක්ව ඇත්තේ කූඩු අංජුගේ පාර්ශවයේ සාමාජිකයන්ගෙන් එල්ල වූ ප්‍රහාරයකින් බව පොලිස විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
මෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි දරුවන් දෙදෙනා සහ පියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා මියගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට අස්ථාවර කරලා ජාත්‍යන්තරයට ගතු කියන උන්ගේ වැඩ. පළමුවෙන් උන්ව ප්‍රශ්න කර සැලසුම් හෙළිකරගන්න. තරාතිරම නොබලා දඬුවම් දෙන්න.
බංකුවක් අරන් එන්නද?
බොහෝම කනගාටුදායක පුවතක්. දෙමව්පියන්ගේ වැරදි වැඩවලට අහිංසක දරුවන් බිලිවීම කිසිම ශිෂ්ට සමාජයක් අනුමත කරන්නේත් නැහැ, පිළිගන්නේත් නැහැ. වැරදි වැඩ කරන අය සතුරු පාර්ශ්වයෙන් බේරීමට තම දරුවන් ආරක්ෂක පලිහක් විදිහට යොදා ගැනීම වැරදි ක්‍රියාවක්. ඔබලා එවැනි දේවල් කරනවා නම් දරුවන්ගෙන් ඉවත් වී සිටින්න. තමන් කරන වැරදිවලට තමන්ම තනියෙන් වන්දි ගෙවන්න.
ලංකාවේ මේ තරම් පාතාල සාමාජිකයෝ ඉන්නවද? විනාශය පතුරලා, පැතිරිලා තියෙන තරම හිතාගන්නවත් බැහැ.
මේ වැඩිහිටියන්ගේ ජානය ඉදිරියට යන එක නැවතුණු එක හොඳයි.