හම්බන්තොට එකම දළ ඇතාට වෙඩි තබා මැරු බව කියන පුද්ගලයා අද (10) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.
වෙඩි තැබු බව කියන අවිය පෙන්වීම සඳහා පොලීසිය දෙතුන් තැනකටම රැගෙන ගිය එම පුද්ගලයා අවසානයේ වස ශරීර ගත වීමකින් රෝහල්ගත කළ බව පොලීසිය සඳහන් කරයි.
ඔහු වස කටට හලා ගත්තේ දැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සමාජයට වින කරන මිනිසුන් මොන ක්‍රමයෙන් හරි මියයෑම එසේ නොකරන මිනිසුන්ගේ මානව හිමිකම් රැකීමක්. සමහර අය අපරාදකරුවන්ට කඩේ යනවා සල්ලි වලට සහ විරුද්ධ දේශපාලන මත වලට. ඒ අයට බහුතර මතය පේන්නෙ නැහැ. ඒ නිසාම දේශපාලන ජයග්‍රහනත් නැහැ. (නදී)
මනුෂ්‍ය ජීවිතය අන් හැමටම වඩා වටිනවා. සුද්දන්ගේ කාලේ අලි විනාශ නොකළා නම් අලි නිසා අපිට පාරකට බහින්නවත් අමාරුවෙන්න තිබුනා. 100% හරි (නදී)
මම බන්දුල පෙරේරා සමග එකග වෙන්නේ අපේ පවුලේ සාමාජිකයෝ 2 ක් ම අලි ගහල මැරුණු නිසයි. ඊළගට ගමේ තියෙන ඔක්කොම හේන් අලි කල විනාශ කරනකොට, අලි නෙවෙයි මොන සක්කරයා ආවත් බලා ඉන්නේ කොහොමද? මේ මෝඩ කොමෙන්ට්ස් දාන අයට අලි ඇත්තු ගහල මිනිස්සු මැරුණට ගානක් වත් නෑ ...අලි ඉදල මොකටද ? මිනිස්සු නැතුව. (දී)
කරපු අපරාදෙට මෙහෙම වෙන්න ඕනේ (නදී)
ඔය සියලුම සොහොයුරු සොහොයුරියෝ බන්දුල පෙරේරා කියන දේවල් වලට උත්තර දෙන්න යන්න එපා. එයා කරන්නේ ඔය ගොල්ලන්ව අන්දන එකයි. එයා ඔයගොල්ලන්ව අවුස්සලා ගෙදරට වෙලා හොඳට හිනා වෙනවා ඇති. ලංකාදීපය මෙම පිටුවෙන් කරන්නේ ලෝකය පුරා විසිරිලා ඉන්න ශ්‍රී ලංකාව හා බැඳීගත් සුන්දර සිතිවිලි වලින් පෝෂිත බුද්ධිමත් හෙළයින් වෙනුවෙන් ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් නිර්මාණය කිරීමයි. මෙතනට ගැලපෙන බුද්ධමත් අදහස් සුහද සිතින් වැළඳගන්නවා වෙනුවට කුණුගොඩවල් බදාගන්නෙ කුමටද සබඳ ?(නදී)
නිසල් ඕගොල්ල ගිහිල්ල වැඩි තන්හාවට කැලෑ එළිකරන නිසා තමයි අපට අලි සම්පත නැති උනේ. රජයට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ.(නදී)
මරල මරල අද මුළු ලංකාවේම කැලෑ අලි 900 ගානයි ඉන්නේ. තව අවුරුදු කීපයකින් ඔක්කොම ඉවරයි (නදී)
නිසල් ඔබගේ පියාණන්ට සිදුවූ දෙය දැක කණගාටුවට පත්වුනෙමි. ඔව් ඔබ කියන පරිදි ඔබලා වෙනුවෙන් යම් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඔබගේ පියාණන්ට නිවන්සුව පතමි. (නදී)
බන්දුල පෙරේරා ඇතුළු දේශපාලු ඇම්බැට්ටයන්ගේ ජනගහනයත් හොඳටම වැඩියි. ජනගහනය වැඩි නිසා අලි මරනවා නම් ඇම්බැට්ටයන් වත් ඒ සමග මරන්න ඕනා. (නදී)
බන්දුලට බනින කාගෙවත් පවුල් වල අය වන අලි ප්‍රහාරයකින් මැරිලා නැතුව ඇති. මට මගේ පියාව අහිමිවුයේ වල් අලියෙකුගේ ප්‍රහාරයකින්. මේ කාටවත් ඒ දුක දැනිල නැහැ. අපේ ජාතියේ හැටියක් එක පැත්තක් විතරක් දකින එක. මම කියන්නේ නැහැ ගම් වදින අලින්ව මරන්න කියලා අපේ වගාබිම් සහ ජිවිත ආරක්ෂා කරගන්න විධිමත් වැඩපිළිවෙලක් සකස්කලොත් ඇති. (නදී)
අපේ උගත්, බුද්ධිමත්,බන්දුල පෙරේරා ගේ අවධානයට, ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ හිටිය මේජර් රොජර් කියල ඉංග්‍රීසි නිලධාරියෙක් . බදුල්ලේ දිසාපති ලෙසත්, විනිසුරුවරයෙකු ලෙසත් රාජකාරි කල වගට සදහන්. මොහු අලි 1400 ක් වෙඩි තියල මරපු බවට තොරතුරු වාර්තාවෙලා තියනවා. නුවරඑළියේ තානායමේ වැස්ස පායා ඇති හවසක තේ බීල එලියට ආපු රොජර් ට වැහි නැති අකුණක් වැදිලා තමයි මැරිලා තියෙන්නේ. ඒ විතරක් නොවේ ඔහුගේ සොහොන් කොතත් විනාස වෙලා තියෙන්නේ වැහි නැති අකුනක්ම ගහල බවට සඳහන්. දිට්ඨ ධම්ම වේදනීය කර්ම! (නදී)
බන්දුල ඔබ වැස්සටවත් ඉස්කෝලේ ගියේ නැද්ද ? තණකොළ කෑවට උම්ඹෑ කියන්න එපා (නදී)
බන්දුල මිනිස් ජනගහනයත් අසීමිතව වැඩි වෙන නිසා මරනවද (නදී)
රටේ අලි ප්‍රමාණයට වඩා මෝඩ මිනිස්සුන්ගේ ප්‍රමාණය වැඩියි. ඒ නිසා මෝඩයන්ව මරන්න කව්රු හරි තීරණය කලොත් අපේ බන්දුල පෙරේරා මහත්තයට දෙවියන්ගේම පිහිටයි. (නදී)
කොහොමත් අලි නැති වෙන කාලයක් මේක එ්ක හැමෝම දන්නවනේ (නදී)
බන්දුල වගේ නරි ලංකාවේ ඉන්න නිසා තමා ලංකාවේ අලි මැරෙන්නේ. (නදී)
බලාගෙන් යනකොට බන්දුල මෙතන ලියන කට්ටියට විතරක් නෙමෙයි, කැලේ ඉන්න අලි ඇතුන්ටත් විරිත්තනවා. ඇත්තටම මොකද්ද බන්දුල ඔයාට මේ සතාගෙන් වුණ වැරැද්ද? (නි)
මේ බන්දුලට නම් ළමා කාලයේ මොනවාහරි භයානක දාමරික අත්දැකීම් ටිකක් ලැබෙන්න ඇති. මම මේ විහිලුවට නෙමෙයි කියන්නේ. බලන්න සතුන් සිවුපාවුන් කෙරෙහිත් කොච්චර ක්‍රෝධයකින්ද කතාකරන්නේ. (නි)
අපරාධකරුට දඬුවම් නීතියෙන් හෝ ස්වභාව ධර්මයෙන් ලැබිය යුතුමයි. මෙම දළ ඇතා හම්බන්තොට ගුවන් තොටුපළ පාරේදී මම දැක තිබෙනවා. මම ඡායාරූප කීපයකුත් අරගෙන තිබෙනවා. මැරිලා තියෙන හැටි දුටුවම නෙත් වලට කඳුළු එනවා. (නි)
මාංචු දාගෙන ගෙනයන කෙනා වහබීලා? ආශ්චර්යක් තමයි! කවුරුහරි දේශපාලන බලවතෙක් ගෑවිලාවද්ද? (නි)
පාඨක මහතුන්ගේ , අලි ප්‍රහාර නිසා මියගිය ඥාතීන්ට සංවේගය පල කරන අතරතුර මේ ප්‍රශ්නය සඳහා ඉක්මනින් පිලියමක් ලැබේවායි පතමි. (දී)
බන්දුල පෙරේරා, ඔයා හිතාගෙන ඉන්නේ ඔයා හොඳ අලෙවි භාණ්ඩයක් කියලාද? මහත්තයෝ, කරුණාකරලා අංගොඩ පිස්සන් කොටුවට ගිහිල්ලා බාහිර රෝගී අංශයෙන් බෙහෙත් ටිකක් ගන්න. (නි)
බන්දුල පෙරේරා කියන්නේ මහා නරි නුවණක් තියන කපටියෙක්.පළමුව කිවුවා අලි මරණ එක හොඳයි කියලා.අපේ කට්ටිය ඒකට දොස් කියනකොට එයා කියනවා එයා නොවෙයිලු ඒක කිවුවේ.බන්දුල, අපි ඔයා ගැන හොඳට දන්නවා. (නි)
අපි මේ මිහිපිට වාසය කරනවා මෙන් සතා සීපාවටද මේ මිහිපිට විසීමට උරුමය ඇත . (දිල්)
බන්දුල පෙරේරා මුලින් කියපු දෙබිඩි අදහස ,බන්දුල පෙරේරාට මෙතන බනින, කිසිම කෙනෙක් අවබෝධ කර ගත්තේ නැහැ. එයා ඒ කිව්වේ කැලේ ඉන්න කකුල් හතරේ අලි ගැන නෙවෙයි. මම නම් කියවන කොටම තේරුම් ගත්තා, එයා මොකක්ද කියන්නේ කියලා. (නදී)
මෝඩ පාඨකයෝ ටික, එක නමින් දෙන්නෙක් ඉන්න බැරිද. මේ බන්දුල පෙරේරලා දෙන්නෙක් වගේ. (නදී)
රොහාන් මහත්තයෝ.හොදට අලෙවි වන භාණ්ඩයක් දැකපු ගමන් කට්ටිය ඩුප්ලිකේට් ගහනවා..පරමාර්ථ දෙකකින්..එකක් ඒ වෙළද නාමය විනාශ කරන්න..දෙවැනි එක ඒ වෙළද නාමය මුවාවෙන් ලාභයක් ලබන්න..ඩුප්ලිකේට් ඔර්ජිනල් වෙන්කර ගැනීම බුද්ධිමත් පාටකයින්ගේ වගකීමක්... (දී)
8;59 ට අදහස් දාලා තියෙන්නේ අර කලින් අදහස් දාපු බන්දුලමද?අදහස් පරස්පර විරෝදියි...එයාම නම් මේ .අදහස් දාලා තියෙනේ ....කොල්ලා අම්මත් එක්ක බෙහෙත් ගන්න යන්න ඇති . (දී)
කුමුදිනි වත්සලා,මම දන්නා හැටියට ලංකාවේ අලි ජන ගහනය 6200ක් විතර වෙනවා 900ක් නෙමෙයි.....සමහරු කියනවා හේන් විනාස කරනවා කියලා ....අපි ඒ හේන් නිවාස ගොඩනැගිලි හදන්නේ උන්ගේ වාස බුමියේ නේද? කියන එක අමතක කරලා කතා කරන අයනම් ගොඩාක් ඉන්නවා... (දී)
බන්දුල පෙරේරා ඔයා මුලින් කියපු දේ දැන් වෙනස්වෙලා . (දී)
බන්දුල ඇත් දළ වලට බොහොම කැමතියි වගේ. (නි)
මේ රටේ අලි මරන්න කියන්නේ කවුද? අලි මිනිස් ගැටුමටත් මුලික හේතුව අලින්ට උරුම ඉඩ කඩ වනත්තර මිනිසුන්ගේ ආක්‍රමණය ලක් වීම..ඒකට වැරදි කාරයෝ මිනිස්සු මිසක් මේ අහිංසක සත්තු නෙමෙයි..(දිල්)
අලි ඉන්න වනාන්තර එලි පෙහෙළි කරමින් මිනිසුන් ගෙවල් හැදීම වගාකිරීම නිසා සහ විනෝද සංචාර යන අය අලින්ට පලතුරු සහ විවිධ කෑම වර්ග දීම නිසා ඔවුන් ගම්මාන වලට එන්න පුරුදුවෙලා. අලි රංචුවල ඉන්න දල ඇත්තු මැරීමට වෙඩි තැබීම සහ පැටවුන් පැහැරගෙන යාම නිසාත් අලි ඉන්නේ කුපිත වෙලා. එම නිසා පසුගිය කාලේ අලි කරදර වැඩි වෙලා. මෙයට විසදුම අලි මැරීම ද? (නදී)
ලංකාවේ තට්ටු ගෙවල්වල ඉන්න අය අලි දකින්නේ සත්තුවත්තේ දී විතරයි. රෑට රෑට ගෙවල් ලඟට අලි ආවොත්, කලිසමේ මුත්‍රා යයි. (දී)
නිර්මාණශීලී අපේ පොලිසිය... කොයි කෙනා මොන හැටියට කීවත්.. මේවා හොද වැඩ..... (දී)
නියම අපරාදකාරයමද කියලා තීරණේ කරන්න ඕනේ උසාවියෙන්. අපි කව්රුත් දන්නවද මේ අහිංසකයෙක්ද කියලා. නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ උසාවියයි පොලිසියයි. (නදී)
අලි මිනිස් ගැටලුවලට විසදුමක් දෙන්නේ නැති බලධරයින්ට තමා මේ වැඩේ කරන්න ඕනි (දිල්)
නැනීගේ අදහස අනුමත කරමි (නදී)
බන්දුල පෙරේරා කුහක කතා තමයි ලියන්නේ (නදී)
මට වැටහෙන විධියට බන්දුල පෙරේරාටත් අවි පෙන්වීමේ ගමනකට සහභාගි වෙන්න ආස හිතිලා වගේ. කමක් නැහැ ඔබේ කැමැත්තක්. ලොකු දේශපාලන ශක්තියක් නැතුව කැලේ ඉන්න අලිත් එක්ක හැප්පෙන එක බොරු. (නදී)
බන්දුල පෙරේරා කොහොමද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ ලංකාවේ වනාන්තර වල ඉන්න අලි ගැන? (නි)
බන්දුල, මොකටද අලි මරන්නේ? (නි)
බන්දුලට පිස්සුද අලි මරන්න කියන්න? හිතක් පපුවක් තියෙනවද? (නි)
සැකකරුවෙක්ව මාංචු නොදමා ගෙනගියේ ඇයි? (නි)
මනුෂ්‍ය ජීවිතය අන් හැමටම වඩා වටිනවා. සුද්දන්ගේ කාලේ අලි විනාශ නොකළා නම් අලි නිසා අපිට පාරකට බහින්නවත් අමාරුවෙන්න තිබුනා. (නි)
සොබාදහමින්ම නිසි දඩුවම් ලැබී ඇත (නි)
ඇත්ත බන්දුල, මිනිස් ජීවිත සියල්ලටම වැඩිය වටිනවා (නි)
බන්දුල පෙරේරා අදහස් කරන්නෙ වන අලි ගැන නම් වෙන්න බැහැ (නි)
මේ බන්දුල පෙරේරා කියන කෙනාට පිස්සුද (නදී)
බන්දුල පෙරේරා වගේ මිනිස්සු අප අතර තවමත් ජීවත් වෙනවනේ (නදී)
නියමයි! කොහොමහරි මේ නුගත් පාපතරයාට ලැබෙන්න පුළුවන් හොඳම දේ ලැබුණා (නි)
මේ කෙන්යාව නෙමෙයි බන්දුල මහත්තයෝ. ඒ රටේ නම් අලි වැඩියි කියලා මරණවා. (නි)
අලියා විඳි වේදනාව දැන් මෙයාට දැනෙනවා ඇති.දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙනවා කියන්නේ ඕකට තමා. (නි)
බන්දුල පෙරේරා, ඔයාගේ ඔලුවේ අමාරුවක් තියෙනවද? (නි)
මම නම් කියන්නේ ඕනවට වඩා අලි අපට අවශ්‍ය නැහැ. මුන් හරියට බෝවෙනවා. ඒ නිසා මේ අලි සංහාරය අවශ්‍යයි කියලා තමා මගේ මතය. (නදී)
මේ ඇතා මරපු මිනිහාට මේ ආත්මයේදීම පලදෙත්වා. මම ශාප කරන්නේ නැහැ එහෙත් අලි මරණ මිනිසුන්ට නම් හොඳක් වෙන්නේ නැහැ. මම රූපවාහිනී නාලිකා වලින් ඉල්ලා සිටින්නේ මිනිසුන්ට ස්වබාව දර්මයාගේ අගය වටහා දෙන ටෙලි මාලාවන් පෙන්වන්නද. ළමයින්ගේ දැනුම ඒ තුලින් දියුනු කරන්ඩ. මේ සියල්ල විනාශ උනොත් ඔය ගොඩ නගන තට්ටු ගොඩනැගිලි වලින් සහ කාර්පට් පාරවලින් සත 5ක වැඩක් නෑ.(නදී)
අවි පෙනන්න ගිය මේ මනුස්සය පුදුම විදියට නේ බේරිලා තියෙන්නේ.(නදී)
නිර්මාංශ ශීලී පොලීසියට අපේ උත්තමාචාරය. (නදී)
පොලීසියට මම ස්තුති කරනවා (නි)
මොකක්ද දන්නෙ නැහැ වුණේ? (නි)
අවි පෙන්වීම නම් හරිම අගෙයි. (නි)
ආයුධ පෙන්වන්නද මේ එක්කගෙන ගිහින් තියෙන්නේ? වස කුප්පිය තිබෙන තැනට සැකකරු ගිහින්ද? (නි)
බන්දුල පෙරේරා දළ ඇතා මරපු කෙනාගේ කවුරුහරිද මන්දා? (නි)
බන්දුල පෙරේරා, මොනවද මේ දොඩවන්නේ? (නි)
අලි මරණකරුට නීතියෙන් දඬුවම් දීම අනිවාර්යයි! හැබැයි පොලිස් අත්අඩංගුවේ සිටියදී පොලිසිය නොදැන වස ශරීරගත වුණේ කොහොමද? මොකද මොහු උසාවියට ඉදිරිපත් කර සිද්ධිය විභාග කර උසාවියෙන් වැරදිකරු කරනතුරු සැකකාරයෙක් විතරයි. (නි)
බන්දුල ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
වසන්තගේ ගෙදරට වල් අලි රංචුවක් ඇවිල්ලා, ගේ කුඩුකරලා ගිය දවසට දැනෙයි අලි ගහපු මිනිසුන්ගේ දුක (නි)
බන්දුල, නුඹ මනුෂ්‍යයෙක්ද? (නි)
දල ඇතාට නිවන් සැප ! වෙඩික් කරුට අවීචිය !මෙහෙම නරුමයින්ට අවීචියට වඩා වැලිකඩින් ලැබෙයි නොමැරුනොත් ! (නදී)
බන්දුලට දියයුතු පිළිතුර මෙතන සඳහන් කළ නොහැක (නි)
ඔය අත්අඩංගුවට ගන්න සමහර දේශපාලකයින්ටත් එහෙම වස කැවෙන්න ක්‍රමයක් සොයාගත්තොත්.... (නි)
අනේ බන්දුල, මෝඩකම තිබුනාට ඒක ප්‍රදර්ශනය කරන්න එපා.තව ටික දවසකින් ඔයා කිව්වොත් මිනිස් ජනගහ්‍ණය පාලනය කරන්න මිනීමැරුවට කමක් නැහැ කියලා? (නි)
වසන්ත, ඔබගේ යෝජනාව ඉතා කාලෝචිතයි සිතමි. (නි)
මෙවන් පුද්ගලයින්ට "අලි දඬුවම්ම" දිය යුතුය. (නි)
බන්දුල, අලි කොහෙද හරියට බෝවෙන්නේ? ලංකාවේ දැන් අලි ඉන්නේ බොහොම සුළු ගණනක්. (නි)
බන්දුල පෙරේරා, ඔයා කන්නේ තණකොලද? (නි)
බන්දුල පෙරේරාව යවන්න ඉස්කෝලයක් නැද්ද ලංකාවේ ?මෝඩ කමට බෙහෙත් නැතිලු (නදී)