IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ධුරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

මනෝප්‍රිය ගුණසේකර
 
ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද  එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇත.
 
එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (11)   ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසීමට නියමිතය.
 
තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බව ද, 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව ද දැනුම් දුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය මත තමන්ට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ වසර හයක කාලයක්ද එසේ නැතිනම් වසර පහක කාලයක් ද යන්න පිළිබඳව විමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන්ට දැනුම් දෙන ලෙස  ඉල්ලීමක් කර ඇත.
 
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතාට මේ පිළිබඳව කළ දැනුම් දීමකට අනුව නීතීඥ සංගමයේ සාමාජික සාමාජිකයින්ට මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ සිල්වා මහතා මෙම පෙත්සම විමසීමට ගන්නා අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට අවශ්‍ය නම් කරුණු ඉදිරිපත් කිරීමට හැකි බව ද දැනුම් දී ඇතැයි වාර්තා වේ. 



අදහස් (49)

ධුරකාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

Bandara Tuesday, 09 January 2018 04:32 PM

අවුරුදු 5 කි

:       451       563

Ratnayeke Tuesday, 09 January 2018 04:50 PM

ජනාධිපතිතුමාට ඉන්න පුළුවන් අවුරුදු 5යි. එක දැනගෙනනෙ 19 වෙනි සංශෝධනය කලේ

:       1       529

chanak los angeles Tuesday, 09 January 2018 05:03 PM

අපේ ජනාධිපතිතුමාට 2026 දක්වා දිගටම ඉන්න පුළුවන් බව මගේ මතයයි

:       3175       3154

kosala Tuesday, 09 January 2018 08:54 PM

පාර්ලිමේන්තුව වසර 5 යි. ජනපති අවුදු 6 යි. ඕක නොදන්නේ කව්ද? මේ මොකද්ද මේ ප්‍රශ්නේ?

:       3       2

Jayampathi Tuesday, 09 January 2018 10:59 PM

හ්ම්. රස වැටිලා වගේ.

:       0       12

sugath Tuesday, 09 January 2018 11:41 PM

ජනාධිපති පුටුවේ රස දැනුන වගෙයි ...

:       0       11

C.K.lankaputhra Wednesday, 10 January 2018 12:49 AM

අර පරණ එක්කෙනා වගේ හැමදාම ඉන්න පුලුවන්ද කියලත් බලන්න.

:       0       1

C.K.Lankaputhra Wednesday, 10 January 2018 12:50 AM

අර පරණ මහත්තය වගේ හැමදාම ඉන්න පුලුවන්ද කියලත් බලන්න.

:       0       0

senadhipathi Wednesday, 10 January 2018 01:27 AM

අවුරුදු 11 ක් පුළුවන් ඔබ තුමාට , ඔබ එනකොට තිබ්බේ 6 යි පස්සේ සංශෝධනයෙන් 5 යි එකතුව 11

:       0       4

ලුම්බිණි Wednesday, 10 January 2018 01:28 AM

මෙතුමා බලයට ආවේ දින 100 කින් විධායක ජනාධිපති කම නැති කරනවා කියල. දැන් හදන්නේ අඩු කරපු කාලයත් ආපහු ගන්නද?

:       0       13

duminda Wednesday, 10 January 2018 01:52 AM

අනේ මෙහෙම තණ්හාවක්.................... අනේ මෙහෙම ආසාවක් ..................මිනිසුනි ලැබේද ම්න් සැනසීමක්

:       0       12

Raveendra Wednesday, 10 January 2018 02:34 AM

ඉල්ලුවේ බලය නිසි කලටම යනවා කියා... දැන් විමසනව කීයද උපරිමය කියා.... සිටිනෙමි සිහින මවමින් 20ක් විතර කියා... දෙනවා නේද අබරපු ලනු හොදද කියා...

:       0       3

wimal Wednesday, 10 January 2018 02:36 AM

ජනාදිපති දුරයට පත් උනේ 78 ව්‍යවස්ථාව යටතේ. ඒ හින්ද කලින් පැනල යන්න බැහැ. අවරුදු 6 ක් ඉන්න ඕනේ. 2015 මැතිවරණෙ තිබ්බේ. යන්න ඕනේ 2021.

:       5       0

රංග Wednesday, 10 January 2018 02:41 AM

තමන්ගේ ධූර කාලයත් පූජ කරල ලෝකෙටම ආදර්ශය වී දින සියයෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කර ගෙදර යන අපේ ජනපති උතුමාණන්ට ජයවේවා...!

:       1       35

NIRMAL Wednesday, 10 January 2018 02:45 AM

ඔබතුමා ජනාදිපති උනේ 19 වෙනි සංශෝදනය පාස් වෙන්න කලින් . අලුත් නීතිය බලපාන්නේ 19 වෙනි සංශෝදනයෙන් පස්සේ පත්වෙන ජනාධිපතිවරුන්ට. අවරුදු 5 න් යන්න හදන්නේ බැරි කම නිසාද?

:       4       1

අනිල් Wednesday, 10 January 2018 02:47 AM

ලොස් අන්ජලීස් වල එහෙම කර ගන්නවා.

:       0       2

danushka Wednesday, 10 January 2018 02:50 AM

අයියෝ අවරුදු 6 කට පත් වෙලා අවරුදු 5 න් කර ගන්න බැරුව යන්න හදන එකම කෙනා.

:       3       0

danushka Wednesday, 10 January 2018 02:50 AM

අයියෝ අවරුදු 6 කට පත් වෙලා අවරුදු 5 න් කර ගන්න බැරුව යන්න හදන එකම කෙනා.

:       2       0

මාධව Wednesday, 10 January 2018 03:20 AM

එතුමා දිවුරුම්දෙන අවස්ථාවේ වලංගු නීතිය වුයේ 1978 ව්‍යවස්ථාවයි. 19 වැනි සංශෝදනය අතීතයට බලපැවැත්වෙන නීතියක් නොවේ. එබැවින් එතුමාට අවුරුදු 06ක් බලයේ සිටිහැකියි.

:       131       143

rocky Wednesday, 10 January 2018 03:23 AM

අවුරුදු හයක් ඉන්න පුළුවනි. ඔහු බලයට පත් වුනේ පෙර තිබුන නීතිය අනුවයි. අතීතයටත් බල පාන පරිදි එය වෙනස් කර නැත්නම් එහි වෙනසක් වන්නේ නැහැ.

:       51       3

ranga Wednesday, 10 January 2018 03:26 AM

අවුරුදු 4යි, දැන්ම යනවනම් හොඳයි.

:       185       315

rama Wednesday, 10 January 2018 03:30 AM

ලොස් ඇන්ජලිස් වල නීති ලංකාවට නෑ මෙහෙ නම් 5 යි

:       0       151

ඩී. ජයදේව Wednesday, 10 January 2018 03:31 AM

රොටි අළු වී තැටි උණුවී ඇත

:       1       92

එච්.කේ.ඒ රෝහණ Wednesday, 10 January 2018 03:41 AM

මම විශ්වාස කරනවා මේ ජනාධිපති තුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුල්ලංගනීයව ආරක්ෂා කරලා රටට ආදර්ශයක් සපයාවි කියලා. මො‍කද මෙතුමා තම දූරකාලය පිලිබඳ පුන පුන කිව්වේ ජනාධිපති බලතල අඩු කර ගත්ත ඉතිහාසයට නමක් තියපු එකම ජනාධිපති කියලනේ ඒ නිසා අපට විශ්වාසයි මෙතුමා තම ධූර කාලය අවුරුදු 5කට සීමා කරන බව.

:       1       36

dias Wednesday, 10 January 2018 03:47 AM

ජනාදිපතිතුමනි ඔබතුමා අවුරුදු 6 ක් ඉල්ලනවානම් හොඳයි.

:       93       69

emerson Wednesday, 10 January 2018 04:01 AM

ඔබ තුමා කියල සෝවාන් වෙලාය. අතාරින්න එපා දිනනවා වගේ පේනවනම් තව සැරයක් ඉල්ලන්න. පරණ කියපු කතා ලංකාවේ ඉන්න ගොබ්බයියන්ට මතක නෑ. හැබැයි අලුත් සටන් පාටයක් හොයාගන්න වෙනවා. මහා බැංකු කේස් එක තව ටිකක් ඇදගෙන ගියෝතින් කියන්න පුළුවන් බැංකුව හොරකන් කරපු උන්ට දඩුවන් දෙන්න ඡන්දෙ දෙන්න කියලා.

:       1       1020

samana Wednesday, 10 January 2018 04:03 AM

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැලුවොත් 2016 වෙනකන් රාජපක්ෂ තමයි ජනාධිපති.

:       32       60

ගලබොඩ අත්තේ චමින්ද Wednesday, 10 January 2018 04:14 AM

විධායක ජනාධිපති බලතල ගත්ත කාටවත් එක දාල යන්න අමාරුයි. ජනාධිපති මුලින් කිවුවේ ධූර කාලය අවුරුදු 4 කට සීමා කරන්න එයා යෝජනා කරා කියලා. නමුත් වසර හතරෙන් හතරට මැතිවරණවලට යන වියදම නිසා අවුරුදු 5 කට එකඟ වුනා කියලා. ඔහුට එම ධූරයේ ඉන්න ආසාවක් නැහැ කියලා තමා ආප්ප කාලා ඇවිල්ලා මුලින්ම කිවුවේ. මොහුගේ සැබෑ ස්වරූපය දැන් පැහැදිල්යි නේද?.

:       101       442

aseWednesday, 10 January 2018 04:36 AM

ඕකට තමා කියන්නේ " කන කොක් සුදු පෙන්නේ ඉගිලෙනකොට " කියල ---- හරි පාට දැන් පෙනිගෙන යනවා නේද ??

:       0       19

Deepal Nirosh Wednesday, 10 January 2018 04:47 AM

කොහොමද ජේ. ආර්. ගෙ පැණි ගුලිය? කනකොට තමයි ඉතින් රහ දැනෙන්නෙ.

:       0       2

sanath Wednesday, 10 January 2018 04:59 AM

මෙතුමාට අවුරුදු පහේ වාර දෙකක් දෙන්න කියලයි මන් නම් කියන්නේ. JR 10 යි, ප්‍රේමදාස 5 යි, විජේතුංග එක හමාරයි, චන්ද්‍රිකා 11යි, මහින්ද 10 යි, විජේතුංග විතරයි මේක කැමැත්තෙන් අතහැරියේ.

:       1       0

Darshana Wednesday, 10 January 2018 04:59 AM

එනකොට නම් කීවේ මස 06 න් ජනපතිධුරය ඉවත් කරනවා කියලා.

:       0       42

nalin Wednesday, 10 January 2018 05:01 AM

බස් සීසන් එකක් අරගත්තට පස්සේ එකේ ගාන වැඩි උනොත් කඩේට ගිහින් ඉතුරු ගාන ගෙවනවද? නීතිය බලපාන්නේ අනාගතේට . මෛත්‍රී ජනපති උනේ 78 ව්‍යවස්ථාවෙන්. මේක තේරුම් ගන්න බැරි ඇයි ?.

:       10       0

Prabath Wednesday, 10 January 2018 05:03 AM

මේ මොන විහිළුද?ඔබතුමා හොදටම දන්නවා අවුරුදු 5 බව. මේ හොරු නිසා ඔබතුමා යහපාලන සංකල්පය වේගයෙන් අතහරිමින් යන බව මහජනතාව දැඩි කලකිරීමකින් ඉන්නේ.

:       0       162

sena Wednesday, 10 January 2018 05:18 AM

හරිම කනගාටුයි, මනුස්සයෙක්ට මෙච්චරම ඇද වැටෙන්න පුලුවන්ද - හෘද සාක්ෂියක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද?

:       0       63

manoj Wednesday, 10 January 2018 05:19 AM

ඔබතුම කිවුවේ නම් දින 100න් විධායකෙ අහෝසි කරලා රනිල් අගමැති කරලා මම බැහැල යනවා කියල.

:       0       70

Sathyayaa Wednesday, 10 January 2018 05:20 AM

කොයි තරම් බලවත් වුනත් සමහර පාලකයින්ට සිද්ධ වෙනවා ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ ඉන්න. මේ තත්වය විෂය බද්ධව තේරුම් නොගත් පිරිස් නිරන්තරවම උත්සහ කරනවා මුල් පුටුවේ සිටින පුද්ගලයාගේ හිස මතට නොවිසිඳුනු සියලුම ප්‍රශ්න අත හරින්න. ගඟ ලඟට ගියහම කිඹුලා කන්න පනිනවා. ඒකෙන් බේරිලා ගෙදර ආවහම හූනා ඒ කියන්නේ කිඹුලාගේ මල්ලි උත්සාහ කරනවා ගේ හිමියාගේ හිස මතට වැටී ඔහුගේ මරණය ළඟාකර දෙන්න. ගෙදර ගියොත් අඹු නහිනවලු. මග හිටියොත් ගේ හිමිය නහිනවලු.

:       0       22

Nuwan Wednesday, 10 January 2018 05:23 AM

දින 100 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ආ තමන්ම අඩුකර ගත් වසරක ධූර කාලය යලි ඉල්ලයි.....

:       0       81

Muhan Wednesday, 10 January 2018 05:35 AM

ජනදිපතිතුමා ඡන්දයට කලින් ප්‍රකාශ කලේ නිර්පක්ෂිකව සිට හොරුන්ට දඩුවම් දී රට නිවැරදි මාර්ගයකට රට ගෙනියනවා කියල. මේක විශ්වාස කරපු හැට දෙලක්ෂයක් එතුමාව ජනාධිපති කෙරුවා.

:       0       13

Rasi Wednesday, 10 January 2018 05:47 AM

ආයේ එන්න බැරි හින්ද තව අවුරුද්දක් ඉඳලා යන්න හිතිලා (ජනතාව වෙනුවෙන්!)

:       3       6

de silva Wednesday, 10 January 2018 05:51 AM

ඔබතුම පත්වෙනකොට තිබුනේ වෙන නීතියක් නමුත් ධුර කාලය අවරුදු 5 කට සිමා කල යුතුය යන්න යෝජනා කලේ ඔබතුම විසින් , සමහර විට ඔබතුමාට නිතිය පැත්තෙන් බැලුවොත් අවරුදු 6 ඉන්න පුළුවන් ඇති , නමුත් ඔබතුම අවරුදු 6 ක් ඉන්න එක සදාචාරාත්මක නැහැ මොකද ඔබතුම අන් යට ආදර්ශවත් විය යුතුය , ජනතාව ඔබතුමාට බලය දුන්නේ ඔබතුම ඔවුන්ට ධුර කාලය අවරුදු 5 කරන බවත් විධයක ජනාධිපති ක්‍රමය අහෝසිකිරිම වැනි පොරොන්දු දුන්න නිසා , මට පෙනෙන විදිහට හොඳම දේ අවරුදු 5 අවසානයේ ජනාධිපතිවරණය පැවත් විය යුතුය.

:       0       21

Senarath Wednesday, 10 January 2018 06:06 AM

කිව්වේ තණ්හාව නැහැ කියල. දැන් කොහොමද පහ හය කරගන්න දගලන හැටි. රටට වැඩක් වෙනවා නම් තව කමක් නෑ...රට පාලනය කරන්නේ පොලොන්නරුවේ ඉදගෙන කිව්වා.... අපිට තව යිහිලු කථා අහගෙන අවුරුද්දක් ඉන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.......අපි හිතන්නේ මේ වැටුණු වලෙන් ගොඩ එන්නේ කොහොමද කියල.

:       1       4

Vipula Wednesday, 10 January 2018 06:14 AM

මෙතන ධූරකාලය ඉල්ලලා නෑ, සංශෝදනය උන නිසා පැහැදිලි කරගන්නයි අහන්නේ,

:       37       0

Sunil Wednesday, 10 January 2018 06:27 AM

කලින් හිටපු රාජකීය නක්ෂත්‍ර උතුමාණන් අමතක වීද?

:       0       23

Shan Wednesday, 10 January 2018 07:29 AM

මේ අය බලයට එන්නේ කොහොමද? මට මේවා ඕන නෑ, අවුරුදු දෙකෙන් දාල යනවා කිය කියා... කිව්වට සත පහකට විශ්වාස කරන්න පුළුවන්ද? මේ වගේ අපිත් කන්නේ තණකොළ කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ....

:       0       0

de silva berlin Wednesday, 10 January 2018 07:43 AM

අවුරුදු 5ත් දිග වැඩියි. ජර්මනිය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් වලත්, ඇමෙරිකාවේත්, කැනඩාවේත් අවුරුදු 4 පසු ඡන්දෙ පැවැත්වීම අනිවාර්ය වේ. ඇමෙරිකාවේ නම් ව්‍යවස්ථාවේ අවුරුදු 4 කට වරක් ඡන්දය පැවැත්විය යුතු දිනය පවා සඳහන්ව ඇත. අර්ථ නිරුපන වලින් වැඩක් නැත. ඔබතුමා ආදර්ශමත් වන්න ඔබතුමා මැදිහත් වෙලානේ... ධුර කාලය 5ත් අඩු කළේ.. ඔබතුමා මේ වෙනකන් කිය කියා හිටියේත් අවුරුදු 5නේ.. 5 ඉඳලා කැමතිනම් ලබන ඡන්දෙට ඉදිරිපත් වෙන්න.

:       0       12

Hafeel Wednesday, 10 January 2018 09:48 AM

කඩුව රත් කරන්න වෙන්නැති මේ හදන්නේ නේද?.

:       0       0

de silva berlin Wednesday, 10 January 2018 11:04 AM

හරි නම් ඔබතුමා මේක අහන්න ඕනේ රටේ ජනතාවගෙන්.... හොරු අල්ලනවය, විධායක ජනාධිපති ක්‍රමය නැති කරනවා වැනි පොරොන්දු ඇතුළුව අර මෛත්‍රි පාලනය නමැති පොතේ තිබෙන පොරොන්දු මාලාවක් ඔබතුමා ජනතාවට දුන්න නිසානේ ඔවුන් ඔබතුමාව පත්කරගත්තේ... ඔබතුමාට හිතෙනවා නම් අවුරුදු 5 මදියි ජනතාවට සේවය කරන්න කියලා අවුරුදු 5 අවසානේ ජනාධිපතිවරණයක් තියන්න. එතකොට ජනතාව තීරණය කරාවී ඔබතුමාගේ සේවය අවශ්‍යද නැද්ද කියලා... අවශ්‍ය නම් සේවය කරන්න. නැත්නම් ගෙදර යන්න. රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට ඔබගේ සේවය අවශ්‍ය නැහැ කියල හිතෙනවා නම් බලෙන් සේවය කරන්න වුවමනාවක් නැහැනේ...

:       0       25

de silva Wednesday, 10 January 2018 11:50 PM

රොටිය කරවෙලා නම් ඒක ලිපට දමලා රොටි කබල හරි අවරුදු 6 ක් රත් කර කර ඉමු . කොච්චර මළගෙවල් මගුල් ගෙවල් විවුර්ත කිරීමේ උත්සව තිබෙනවද රටේ සහභාගී වෙන්න , තව කොච්චර කොමිසම් තිබෙනවද පත්කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 144 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 70 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 198 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 402 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 205 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 618 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 497 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site