පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතියේ තරග අවසන් වන විට මහනුවර ධර්මරාජ විදුහල අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටියේය.
ධර්මරාජ විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ මේ වන විට තරග 7 කදී තරග 6 ක් ජය ලබා තරගයක් සම තත්ත්වයෙන් අවසන් කරමින් ප‍්‍රසාද ලකුණු 34.5 ක් හිමිකරගෙන සිටියි.
ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස - ‘ඒ’ කාණ්ඩය
| පාසල | තරග | ජය | පරාජ | වි/තො | ලැ/ල | දු/ල | අ/ප‍්‍ර | ප‍්‍ර/ල | සාමා. |
| ධර්මරාජ | 7 | 6 | - | 1 | 231 | 161 | 2.0 | 34.5 | 4.93 |
| ත‍්‍රිත්ව | 7 | 5 | 1 | 1 | 186 | 142 | 35 | 32.0 | 4.57 |
| වෙස්ලි | 7 | 4 | 3 | - | 175 | 167 | 3.5 | 26.5 | 3.79 |
| ශා. පීතර | 7 | 4 | 3 | - | 210 | 169 | 2.5 | 25.5 | 3.64 |
| රාජකීය | 7 | 3 | 4 | - | 138 | 151 | 1.5 | 20.5 | 2.93 |
| කිංග්ස්වුඞ් | 7 | 2 | 4 | 1 | 159 | 167 | 3.0 | 19.5 | 2.79 |
| විද්‍යා | 7 | 2 | 4 | 1 | 147 | 146 | 2.5 | 19.0 | 2.71 |
| ශා. ජෝශප් | 7 | 2 | 4 | 1 | 119 | 170 | 2.0 | 18.5 | 2.64 |
| ශා. අන්තෝනි | 7 | 2 | 4 | 1 | 130 | 203 | 0.5 | 17.0 | 2.43 |
| ඉසිපතන | 7 | 2 | 5 | - | 143 | 184 | 1.0 | 16.0 | 2.29 |
කෙටි යෙදුම්: වි/තො - විසඳුමකින් තොර, ලැ/ල - ලැබු ලකුණු, දු/ල - දුන් ලකුණු, අ/ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර/ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිංග්ස්වුඩ්ට ජය වේවා! (නි)
කෝ මේ ප්‍රියා? දාන්නකෝ අදහසක්.ගෝ රජන්ස් ගෝ. (නි)
වරුණ, මම මේ බලන් ඉන්නේ ප්‍රියා එනකල්. හිතේ අමාරුවට මොනවත් කරගත්තද? (නි)
රාජන්ස් මැච් එක දිනයි. (ස)