ශූරයන්ගේ ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තය හා ඉන්දියාව අතර බර්හිම්හැම්හි එජ්බස්ටන් ක්‍රීඩාංගනයේ ඉරිදා පැවැත්වෙන අවසන් තරඟයේ විනිසුරුවරුන් ලෙස ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන හා ඕස්ට්‍රේලියාවේ රොඩ් ටකර් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) පත්කරනු ලැබ සිටිති.
2012 වසරේ අයි සී සී විනිසුරු ලෙස කුමාර් ධර්මසේන තෝරා ගැනිණි.
එම තරඟයේ රූපවාහිනී විනිසුරු ලෙස ඕස්ට්‍රේලියාවේ බ්රූස් ඔක්සෙන්ෆර්ඩ් ක්‍රියා කරයි.
තරඟ තීරක වනුයේ ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2012 හේ සිදුවීමක් ගැන ඇයි දැන් වාර්ථා කරන්නෙ? (ස)
දිනුම වගේම පැරදුමත් දරාගන්න පුළුවන් වෙන්න ඕන. නිශාන් කියන දේ හරි. ක්‍රිනට් ගැන ටිකක් හරි දන්න කෙනෙක් නම් කවදාවත් අපේ කණ්ඩායමට බනින්නේ නෑ.(ත)
උනන්දුවත් එයාලගේ වුනොත් සදුදටත් වැඩට ගිහින් ඉවරයි මම (නි)
අයි.පී.එල්. ගහලා අපේ ටීම් එකේ ඉන්දියාවට එරෙහි ආක්‍රමණශීලී බව, තරඟකාරීබව නැතිවෙලා තියෙන්නෙ. ඕක තේරුම් ගන්න බැරි, සල්ලි මත්තෙ නැහෙන ටීම් එකක් තමයි දැන් ඉතිරි වෙලා තියෙන්න. (නි)
රටවල් දෙකටම මම කැමති නැහැ , අකමැත්තෙන් හරි එංගලන්තයට වාසි වෙන විදියට වැඩ කරන්න වග බලා ගන්න කුමා (නි)
මේ සැරේ ඉන්දියාවේ කොඩිවින හා බන්දන වලට, ලංකාවේ පිරිත් නූල් සියල්ල යට වුණා. (නි)
මෙදා පාර අපි සුද්දන් එක්ක ඉන්දියාව ගහනවා කියන්නේ හිතේ දුක ටිකක් අඩු වෙනවා. අනේ මන්දා ඉන්දියන් ක්‍රිකට් කියනකොට පුදුම තරහක් යන්නේ (නි)
මිනිසුනේ, හැමදාම දිනන්නත් බැහැ වගේම හැමදාම පරදින්නේත් නැහැ. මේක තමා ලෝක සත්‍යය. අපි හැමෝම මේ නියමයට ගරු කරලා මැදහත් සිතින් නැවත ක්‍රිකට් බලමු. පොඩි සපෝට් එකකුත් දෙමු අපේ රටනේ (නි)
මටත් ටිකට් එකේ ගාණට තට්ටු වුණා (නි)
දිනුම පැරදුම අපි දරාගන්න පුරුදු වුනේ මිට බොහෝ කාලෙකට පෙරයි. දැන් ඇත්තේ මේ කට්ටිය ඉන්දියාවටම ගැති වීමේ කනගාටුවයි (නි)
සෙමිය, වික්කා වගේ මේ ඩබලත් ඉන්දියාවට දිණුම දෙන්න වැඩකටයුතු කරයිද?(ස)
හරි හරි මටයි වැරදුනේ ! එක්දින තරඟයක් කියල හිතාගෙන මම බලල තියෙන්නේ ටෙස්ට් තරඟයක් නේ !! අපරාධ කියන්න බෑ අපේ ක්‍රීඩා මහත්වරුන්ට මේ දෙකේම වෙනස හොඳටම දන්නවා හැබැයි එදා නොදන්නවා වුනාට.(නදී)
අහිංසක කකුළුවෝ තම්බන අයට කවදාවත් අවසන් තරග දිනන්න වෙන්නේ නැහැ. (නදී)
මම දන්නවා තරගය පටන්ගන්න කලින් ඉන්දියාව දිනනවා කියලා. නැතිනම් අපිට අයි.පී.එල් නැතිව යනවා.(නදී)
මෙවර අපරාජිත එකම ටීම් එක ඉන්දියාවයි. එයාලා අයි.පී.එල්. ගහලා හොදට පුරුදු වෙලා තමයි මේ පාර ආවේ. ඉතින් අපිට මොන කතාද? (නි)
ඉස්සෝ, කකුළුවෝ, පොකිරිස්සෝ තම්බන අයට සැනසීමක් නැත... කරන පවු තමන්ගේ දරුපවුල් උඩින්ද ගලායෑම වැළක්විය නොහැක. (ස)
කුමාර් දර්මසේන ගැන ආඩම්බර වෙනවා. එදා ක්‍රිකට් ගමට වැඩසටහන සමාජයට හදුන්වා දුන් නිසා හෙට කුමාර් ධර්මසේන ලා තව සීයක් අපිට බිහිවේවා!. එදා ක්‍රිකට් ගමට ඒ සංකල්පය හදුන්වා දී එය ඒ කියූ පමණින් ක්‍රියාත්මක කල එදා ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලේ සබාපති ගරු ටිරෝන් ප්‍රනාන්දු , මැති තුමා ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු. ඒ කාලේ පක්ෂ බේද,ජාති බේද ,පවුල් බේද ,ආගම් බේද ,තිබුනේ නැහැ. ඔබට දේව පියාණන්ගේ මෝක්ෂයේ දොර කවුළු පියන් පත් ඇරේවා!(නදී)
තරග දිනන්න වාසනාවත් ඕනා. අර්ජුන වාසනාවේ උපත.(නදී)
මට පෙනෙන්නේ ලංකාවේ ගොඩක් ප්‍රේක්ෂකයෝ බලන්නේ ක්‍රිකට් හයිලයිට්ස්. මැච් එක බලන්නෙ නැහැ. මොකද ක්‍රිකට් අපේ ඇගේම තිබෙන නිසා (නි)
මාලිංගට බැනල වෙඩක් නෑ නේ දිලාන්, ඒ මාලිංග හැදුනු ගෙවල් පැත්තේ මිනිස්සු කතා කරන විදිය , ගිහින් බලන්න ඕන (අ)
අර්ජුන වාසනාවේ උපත ,මහේල ඇතුළු අයිපී.එල් කණ්ඩායම වාසනාවේ විපත (අ)
නියමෙට ගැහුවා උන්. කොල්ලනේ මුන්ට පාඩමක් උගන්වමු.(ස)
කණ්ඩායම් දෙකටම දිනන්න බැහැ.ජය පැරදුම දෙකම බාරගන්න ඕන.මමනුම් කණ්ඩායමට දොස් කියන්නේ නැහැ. හැබයි කොතැනම හරි ලොකු හිඩැසක් තිබෙනවා. කට්ටියම එකතු වෙලා එයට විසදුම් සොයාගන්න වෙනවා. බාහිර බලපෑමක් නම් වක්‍රව හරි එය සමාජ ගතකරන්න වෙනවා. නැතුව හැමදාම ඔය සෙල්ලම කරන්න බැහැ (අ)
අයිපීඑල් යනකන් ඔය කරුමේ තමා (අ)
ඕෂන්, නිල්මිණි ඔයාලට ස්තුති. හුඟ දෙනෙක් එහෙම නෑ. රටට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා (අ)
අපිටත් පාළුව මකාගන්නත් එක්ක දිනුවත් පැරදුනත් ලංකාවේ කොල්ලෝ ගහනවානම් ඒ මැච් එක බලනවා. එත් ඉන්දියාව එක්ක දිනන්නේ නැහැ කියන එක දන්නවා ඒ වෙන මුකුත් හේතුවක් නිසා නෙවෙයි අයි.පී.එල් නිසා. අයි පී එල් යනඑක නවත්වනකන් අපේ ටීම් එක ඉන්දියාව පරද්දවනවා බොරු. මේක තමයි තිත්ත ඇත්ත. (අ)
මැච් පැරදුන ප්‍රශ්න අපිට වැඩක් නැහැ. ඕවට වැඩිය ලොකු ප්‍රශ්න අද අපිට තියෙනවා (නි)
"මැච් පරදින්නෙ හරියට සෙල්ලම් කරන්නෙ නැති වුනහම"ලු. ගොඩක් අය ඕක කියන්නෙ පැරදුනාමයි. ක්‍රිකට් ගැන අබමල් රේණුවකවත් දැනීමක් තියෙනවා නම් දන්නව ඊයෙ මොකක්ක්ද වුනේ කියලා. අනික අපේ අය ගැහුවෙ ප්‍රතිවාදියො 3ක් එක්කනේ (ඉන්දියාව, වැස්ස සහ කොටි රැල ) (නි)
මමත් එහෙමයි අසේල. ගොඩක්ම එපා වුනා අර මාලිංගගේ සිද්දියෙන් පස්සේ (නි)
මම නම් පලවෙනි පාරට සුද්දට සපෝට් කරනවා ඉරිදට.මොකද සඳුදට කනක් ඇහිලා වැඩට ගියහැකි.මොනවා කරන්නද අපිට කියලා අපේ කණ්ඩායමක් නැතිකොට (නි)
කොහොම වුනත් ලංකාවේ දෙදෙනෙක් අවසාන තරඟයට සහබාගි වෙන එක අපිට ආඩම්බරයක්. රන්ජන් මඩුගල්ලේ හොඳ මහත්මයෙක් කුමාර ධරමසේනත් හොඳ මහත්මයෙක් (නි)
කෙසේ හෝ ශ්‍රී ලංකා සහබාගිත්වයක් අවසාන තරගයට තිබීම ලොකු දෙයක්. මීලග තරග සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතනවා (නි)
දිලාන්, ඔයා වගේ මිනිස්සු ක්‍රිකට් නොබලන තරම ගොඩක් හොදයි, ලොකු දෙයක් (නි)
මගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)
මම නම් ඔය මොන ප්‍රශ්නේ ආවත් අපේ කොල්ලෝ ගහන මැච් බලනවා,දිනුවත් පැරදුනත්. එයාලට පුළුවන් විදිහටනේ කරන්නේ,බටහිර ඉන්දියාවට ගිහින් දෙන්න තියෙන්නේ බඩ පැලෙන්න (නි)
අපිට මොනවද ඉතුරු වුනේ මැච් බලන්න කාලය යොදවලා? එදා වේලත් නැති වෙච්ච එකයි. අජූතයි ක්‍රිකට් නම් දැන් (නි)
නිල්මිණි , අන්න නියම ශ්‍රී ලංකික හැගීම (නි)
ඕෂන්,මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. නමුත් මම එහේ නිවාඩුවක් දානවා තරගය බලන්න ඕනෑ නිසා.නමුත් එයාලට පුළුවන් විදිහට කළා. බලමු ඊලග එක (නි)
සුද්දන්ට ජය වේවා. මට ඔය ඉන්දියන් මලබාරින්ව පෙන්නන්න බැහැ. (නි)
දැන්වත් තේරෙනවද තමිල්නාඩුවේ අය මොනවද කරන්නේ කියලා... (නි)
නිල්මිණි ,මම ඉන්නේ ලංකාවේ නෙමෙයි. අපිට හැගෙන ලාංකීය බව ලංකාවේ ඉන්න සමහර පුද්ගලයන්ට නැහැ (නි)
මම නම් දැන් ක්‍රිකට් බලන්නෙ නැහැ. ඒ තරම්ම අප්‍රියයි. (නි)
අපේ කොල්ලො එක පාරකුත් බැට කෑවා.අපේ අයගේ ආරක්ෂාව මදි.රටේ වගකිවයුත්තන් මේවාට ඉදිරිපත්විය යුතුයි.මාලිංගලාගේ කළකිරීම් ඒ අතින් සාධාරණයි.ඉන්දියාවට මේ දේ වුනා නම් එන්ගලන්තය ටුනමන්ට්ස් කරලා ඉවරයි.අනික ක්‍රිකට්වලට වාසනාවත් බලපාන හැටි ඊයේ මනාවට ඔප්පු වුනා.අපි අපේ ක්‍රීඩකයෝ ගැන මීට වඩා සිතිය යුතුයි..ඔවුන්ව ආරක්ෂා කළ යුතුයි..මේ සදහා වගකියයුත්තන් ඉදිරිපත් වේවා..අපට කළ හැක්කේ ආශිර්වාදය තිරීම පමණයි.. (නි)
බටහිර කොදව් ගිහිල්ලා බඩ කට පිරෙන්න කාලා එන්න වෙයිද දන්නෙත් නැහැ (නි)
මේකටත් නැටි කැඩිච්ච කොටි රාලලා එයිද දන්නේ නැහැ, විනිසුරුවරු ලංකාවේ සිංහල අය නිසා විරුද්ධකම් පෙන්නන්න? (නි)
අපේ අර්ජුන අයියා කියනවා වගේ ක්‍රිකට් ක්‍රීඩාවට හෙනහුරා ලැබුවේ අයි.පී.එල්. නිසා. දැන් අපේ ගොඩක් ක්‍රීඩකයෝ සල්ලි පස්සේ දුවනවා රටගැන හිතන්නේ නැහැ,කණ්ඩායම් හැඟීම නැහැ පලවෙනි හේතුව මේක.මේ අයට දැන් කොපමණ මුදලක් ලංකාවෙන් දුන්නත් මදි. (නි)
නිල්මිණි, ඕෂන්, ඔය දෙන්නා හරියටම හරි.දිනුම පැරදුම කොයික වුනත් අපේ කොල්ලෝ උත්සහ කළා.කොටි ගොඩක් මැද්දේ උන් එක්ක ඔහොම හරි සෙල්ලම් කරලා ජීවිත බේරුන එක කොච්චර දෙයක්ද? හැම වෙලාවකම මොකෙක්ගේ හරි උල්පන්දමක් ඔළුවට අරගෙන මැච් විකුණන කතා නොකියා, බුද්ධිමත්ව කතා කරන්න. ලංකාවේ ඉන්න අය ඒක තේරුම් ගන්න ඕනෑ.අපි මේ වෙලාවේ අපේ අය එක්ක ඉන්න ඕනෑ කියන එක මතක තියාගන්න ඕනෑ අපි හැමෝම.... (නි)
මේකේ සම-හරක් කියන විදියට පැරදුනාම ප්‍රේක්ෂකයෝ කටවහාගෙන ඉන්න ඕනෑ, ක්‍රිඩකයන් හා ක්‍රීඩා බලධාරින් විවේචනය කිරීම තහනම්, ඉන්දියාවටයි , වැස්සටයි සහ කොටි රැලටයි බණින්නම තමා ක්‍රිකට් වලට ආදරේ දේශහිතෂින් වෙන්නේ. ප්‍රේක්ෂකයෝ නිසා තාම ඔය ක්‍රීඩාව ඔය විදියට අද පවතින්නේ. ඒක නිසා ප්‍රේක්ෂකයන්ට අයිතියක් තියෙනවා ඕවා ගැන කතා කරන්න. අද වෙනකොට ලාංකිකයන්ට අපේ දක්ෂතාවයන් ලෝක මට්ටමේ පෙන්නන තියෙන එකම ක්‍රීඩාව බවට පත්වී තියෙන්නේ ක්‍රිකට්, ඒ නිසා ප්‍රේක්ෂකයෝ ඒකට සංවේදියි. (නි)
දැන් හැමදේකටම දේශපාලෙනේ සම්බන්ධ වෙලා. කිසිම ජාතික හැගිමක් නැහැ. (නි)
ඔය සමහර අය තණතීරුවට, කාලගුණයට බැන්නට, ලෝක මට්ටමේ ඉන්න කණ්ඩායමක් වුණාම එහෙම අමාරු තණතීරු වල පන්දුවට පහර දී ගොඩ එන්න දැන ගන්න ඕනෑ. (නි)
ලංකාව 181 ට අවුට් වෙලා තියෙද්දිත් මම ඉන්දියන් එකෙක් එක්ක ඩොලර් 100 ඇල්ලුවා ඒ මගේ හැටි. මට සිංහලයා ,මගේ රට අපේ ටීම් එක ගොඩක් වටිනවා (තරහ ගියහම ඉතින් පොඩ්ඩක් බනිනවා ).(නදී)
ලද්දු නිශාන්,"අපේ අය ගැහුවෙ ප්‍රතිවාදියො 3ක් එක්කනේ (ඉන්දියාව, වැස්ස සහ කොටි රැල )" කියන එක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනෑ.කොටි රැල නම් අපේ ක්‍රීඩකයෝ ගණන් ගන්නේ නැහැ.මොකද?උන් නරි රැලක් නිසා.මම දැක්ක විදිහට ලොකුම ප්‍රතිවාදිය,විනිසුරුවෝ දෙන්නා.තිරය දකින ඕනෑම කෙනෙකුට පේනවා අපේ ක්‍රීඩකයෝ නිවැරදියි කියලා.හොඳ වෙලාවට විනිසුරු තීරණ විමසන ක්‍රමවේදයක් තිබුනේ. (නි)
මම ඉන්නේ එන්ගලන්තයේ,මෙතෙක් සපෝට් කලේ ලංකාවට.දැන් නම් එංගලන්තයට? (නි)
අපේ අය අයි.පී.එල්. ගහනකම් ඉන්දියානුවන් පරදනවා බොරු (නි)