දින නවයකට පසු බලපිටි ධීවරයෝ යළිත් මූදු රස්සාව ඇරැඹූහ.
මූද රළු වීමත් සැඩ සුළං පැවතීමත් නිසා මුහුදු ගමන් නතර විය. මෙය මුහුද යළි සාමාන්‍ය අතට හැරෙමින් පවතින බව කාලගුණ නිලධරයෝ කියයි.
ධීවරයන් පනස් ගණනක් මිය ගොස් විස්සකට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි ධීවර අමාත්‍යංශය කියයි.
ජීවිතාරක්ෂක ජැකට් නොපැළඳීම එම මරණ වලට බොහෝ දුරට හේතු වූ බව ධීවර සමිති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාවැකි බලබලා ගෙදර හිටියොත් ගැහැණු දරුවෝ බඩ ගින්නේ. දුම්රිය මාර්ගයේ උපවාස කරන කන් ඉන්නේ නැතිව ,ලාබෙට දෙන චීනයෙන් නිකම් බැරි නම් සහනදායි මිලකට හෝ ජීවිතාරක්ෂක ජැකට් සැපයීම වගකිව යුත්තන්ට බාරයි.(නදී)
සියලු දෙනාටම හොඳින් රැකියාව කරන්න වාසනාව ලැබේවා. කිසිම විපතක් නොවේවා බුදු සරණයි. දෙවි පිහිටයි.(නදී)
ආරක්‍ෂිත කබා සහ රක්ෂණය නැතුවනම් මුහුදු යන්න එපෝ.(නදී)
කරුණාකරලා මේ අහිංසක ජනතාවට ජීවිත ආරක්ෂක කබායන් ගන්න ගෙවීමේ ක්‍රමයකට හරි සැලැස්මක් හදල දෙන්න. (ත)
හැමවෙලාවකම ආරක්ෂක කබා පළදින්න. එය පැය 8ක කාලයකට ඔබට වතුරේදී ආරක්ෂා කරනු ඇත (නි)
මොනවා හදලා දුන්නත් මෙයාලත් කියන දේ අහනවා අඩුයි , කියල හදන්නත් බැහැ මෝරලා වැඩි නිසා.(නදී)
මේ අය ආපහු යනවද? ජීවිත ආරක්ෂක කබායන් නැතුවද යන්නේ ? කෝ මේ මැති ඇමතිවරු ? අහිංසක දරු පවුල් කාරයෝ ජීවත්වෙන්න මහා සාගරයත් එක්කලා සටන් කරනවා. නොපෙනෙන දෙවියන්ගේ පිහිට විතරද? ඔබලා වෙනුවෙන් ලියු ගීපද, රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ ඔබලා අදහන ආගමකින් ඔබලාගේ ජීවිත ආරක්ෂා වේවා.(නදී)
තමන්ගේ ආරක්ෂාව තමන් සළසා ගතයුතුයි. ධීවරයන්ට විතරක් නොව, රබර් වතුවල රැකියා කරන කම්කරු ජනතාවත් ,තවත් බොහෝ පිරිසකටත් රැකියා අහිමි වෙලා.මේවට වගකිවයුත්තේ අහසද, පොළවද, ආණ්ඩුවද? (නි)
අනිවාර්යෙන් ආරක්ෂක කබා පළදින්න මේ අය උනන්දු කරවන්න. මේ අයගෙ බෝට්ටු වල ප්‍රමිතිය ගැන දැනුවත් කරන්න. (නි)
ආරක්ෂක කබා මොකටද මෙයාලට. මෙයාලා හොද චන්ඩිනේ.(නදී)
ගැහැණු, දරුවෝ බඩ ගින්නේ - සියලු දෙනාටම හොඳින් රැකියාව කරන්න වාසනාව ලැබේවා. කිසිම විපතක් නොවේවා බුදු සරණයි. දෙවි පිහිටයි.(ස)