IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


නිකම් ලැබුණු වෛද්‍ය උපකරන ගන්න පිනක් නෑ

රංජන් කස්තුරි

එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සමාජ සේවා කටයුතු කරන පිරිසක් එක්ව පිහිටුවාගෙන ඇති ‘‘සිල්වියා ලංකා පදනම’’ මගින් මෙරටට පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් කෝටි 12 ක් පමණ වටිනා (රුපියල් කෝටි 300 කට අධික) නවීන පන්නයේ වෛද්‍ය උපකරණ තොගයක් බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් අහිමිවීමේ අවදානමක් මතුව ඇත.

ශ්‍රී ලංකාවට නොමිලේ ලැබෙන කන්ටේනර් සියයකින් යුත් මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා ගැනීම ආර්ථික දුෂ්කරතා පවතින මෙවන් අවධියක ඉතා අත්‍යවශ්‍ය බව ද රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්‍ෂ රජවැල්ලේ සුභූති හිමියෝ පැවසූහ.

එංගලන්තයේ සිල්වියා ලංකා පදනම ලබාදෙන මෙම නවීණ පන්නයේ වෛද්‍ය උපකරණ ඇතුළු උපකරණ තොගයට දැඩි සත්කාරක ඇඳන් 2500 ක් රෝහල් ඇඳන් 3500ක් සේලයින් ස්ටෑන්ඩ් 12000 ක්, ඖෂධ ගබඩාකර තබන ශීතකරණ 400ක් ඇතුළු භාණ්ඩ තොගයක් අයත් වන බව ද සුභූති හිමියෝ කීහ.

යාපනය රෝහලේ මහාචාර්ය ඒකකයටත් කරාපිටියේ ඉදිකර ඇති නව රෝහල් ගොඩනැගිල්ලටත් උපකරණ අවශ්‍යව තිබෙන අතර, කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේ උපකරණ හිඟය නිසා එය තවමත් විවෘත කිරීමට නොහැකිව තිබෙන බව ද උන්වහන්සේ කීහ.

මීට අමතරව, දිවයිනපුරා ග්‍රාමීය රෝහල් බොහොමයකම වෛද්‍ය උපකරණ හා රෝහල් උපකරණවල දැඩි හිඟයක් පවතින බව ද සුභූති හිමියෝ පැවසූහ.

මෙම වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීමට රජයට යම් මුදලක් වැයවන නමුත් ලැබෙන අතිනවීන වෛද්‍ය උපකරණ තොගයේ වටිනාකම ඊට වඩා අතිවිශාල බව ද උන්වහන්සේ පැවසූහ.

මෙම වටිනා වෛද්‍ය උපකරණ සහ භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි සති තුනක පමණ කාලයක සිට රජයේ වගකිවයුත්තන්ට දැනුම් දී ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් නැතැයි පැවසූ සුභූති හිමියෝ තවත් සති දෙකක් ඇතුළත එම භාණ්ඩ ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නොකළහොත් එම විශාල පරිත්‍යාගය රටට අහිමිවනු ඇතැයි ද කීහ.

මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජයට වැයවන ප්‍රවාහන වියදම රුපියල් කෝටියක් පමණ වන නමුත්, මෙම උපකරණවල වටිනාකම රුපියල් කෝටි 300කට වැඩි බව ද රජවැල්ලේ සුභූති හිමියෝ කීහ.



අදහස් (17)

නිකම් ලැබුණු වෛද්‍ය උපකරන ගන්න පිනක් නෑ

shyam Wednesday, 05 April 2023 10:04 PM

ඕවා අරන් බෑනෙ, එතකොට කොමිස් හම්බෙන් නෑනෙ

:       0       23

සනත් බණ්ඩාර Wednesday, 05 April 2023 10:41 PM

දැනට ලංකාවේ තියෙන දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 1000 ට අඩුයි. පරිත්‍යාග කරලා තියෙන එම ඇඳන් සංඛ්‍යාව ස්ථාපිත කිරීමට අලුතෙන් දැඩිසත්කාර ඒකක 200 වත් හදන්න වෙනවා. ඒ සඳහා වන වියදම රුපියල් කෝටි 400 ට වැඩියි. ඒ සඳහා කාර්ය මණ්ඩලය ට වෛද්‍යවරු 1200 හෙදියන් 3000 අවශ්‍යය වෙනවා.

:       7       13

Bishan Wednesday, 05 April 2023 11:49 PM

කොමිස් නැද්ද?

:       1       17

සත්‍යපාල Thursday, 06 April 2023 01:09 AM

මේ පදනම ලංකාව ගැන දන්නේ මොනවාද ? ඔය උපකරණ තොගය කෝටි 500 කවුරුහරි ගෙවලා ලංකාවටම ගෙනාවත් ඒවා බෙදන්න දෙන්නේ නෑ. හේතුව ඉන්පසු ටෙන්ඩර් කැදවා විදේශ සමාගම් වලින් මේවා ගන්නලා කොමිස් ගසා ගන්නට ඇති මාර්ග ඇහිරෙනවා.කලකට පෙර නොමිලේ බෙදන්න මම කන්නාඩි කුට්ටම් 250 ක් ගෙනල්ලා නිදහස් කරගන්න නොහැකිව අමාරුවේ වැටුනා.වෛද්‍ය උපකරණ ගෙන්වනවා කියන්නේ මාෆියාවක්. දේශපාලකයින් සහ වෙළද මාෆියාව තමනට කෝටි ගණන් හම්බකරන්න තියන දේවල් පරිත්‍යාග කරන්නට ඉඩ දෙන්නේ නෑ.

:       0       21

Wasiyek Thursday, 06 April 2023 01:30 AM

ඕවා ලංකාවට ගෙනාවොත් ඒවාට සම්බන්ධ වෙන නිලධාරීන් ට කොමිස් එකක් ලැබෙන්නේ නැත්නම් කොච්චර වටිනවා උනත්...... චීනෙන් පොහොර නැව ගෙන්නන්න තිබුන හදිසිය මේවට නෑ. මේ ශ්‍රීලංකාව අපේ හාමුදුරුවනේ.

:       0       20

Prabha Thursday, 06 April 2023 02:36 AM

කොමිස් නැත්නම් වැඩක් තියනවද අපේ හාමුදුරුවනේ

:       0       16

Shan Thursday, 06 April 2023 03:53 AM

මේ පදනමෙන් තෑග්ගක් දුන්නොත් ලංකාවට බාර දෙනවා. භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සඳහා රජය හෝ වෙනත් අයෙකු පරිත්‍යාග කළ යුත්තේ ඇයි? කිසියම් පදනමක් තෑගි කරන්නේ නම් එයට රටට භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඇතුළත් විය හැකිය. සමහරවිට මොකක් හරි වැරදීමක් වෙන්න ඇති

:       5       4

කපිල Thursday, 06 April 2023 03:59 AM

අලිය දෙන්න පුළුවන් හෙන්ඩුව තමයි දෙන්න බැරි. මොනවද මේ විහිළු. කෝටි 300ක් දෙන අයට තව කෝටියක් දාල ඔය ටික ලංකාවට එවන්න බැරිද?

:       10       5

Muditha Thursday, 06 April 2023 04:24 AM

අදාළ නිලධාරීන්ට 10% නැද්ද?

:       0       13

Perera Thursday, 06 April 2023 04:59 AM

මැටි මෝල්ලුන්ව මැති ඇමතිලා කරගත්තම ඔහොම තමයි

:       0       16

Cisco Thursday, 06 April 2023 05:00 AM

ලොකු කමිෂන් එකක් ලැබෙනවා නම් ඇමතිතුමා සහ නිලධාරීන් උනන්දුවෙයි

:       0       16

ලංකාපුත්‍ර Thursday, 06 April 2023 08:04 AM

මේ සදහා ප්‍රතිචාරයක් නොදක්වන්නේ යමෙක්ද ඔහු හෝ ඇය රටේ විනාශය ප්‍රාර්ථනා කරන අතර විශාල කොමිස් කුට්ටියක් බලාපොරොත්තුව සිටින එවුන්ට කාළකන්ණි ලංකාපාලුවො කියලා කියන්න පුළුවන් කාලෙකට පෙර අපේ මුස්ලිම් සහෝදරයෙක් රටට අවශ්‍ය යන්ත්‍රයක් ගෙන්වීම සදහා ජනතජනතාවගෙන් මුදල් පරිත්‍යාග එකතුකර රජයට දුන්නා ඒක ගෙනාවද කියලා අහන්නත් වෙනවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ බාධා කරන්නෙ කවුද කියලා කියන්න බැරිද

:       0       9

Lalla Thursday, 06 April 2023 08:41 AM

ජරාව නැතිව ඉහල රාජ්‍ය නිලධාරීන්ට කිසිම දෙයකට මොලේ ක්‍රියාත්මක වෙන්නේ නැත. අඩුම තරමේ පරීක්ෂණ චාරිකාවක්වත් ඕන.

:       0       16

SL Thursday, 06 April 2023 12:02 PM

තොගය ආවොත් , කොමිස් තියාගෙන ඒවා ගන්න උන්ට කොමිස් කොහෙන්ද ..........

:       0       15

fairoos Thursday, 06 April 2023 02:27 PM

මම හිතන්නෙ ඔක යන්නෙ ‍යාපනයට එකයි වැඩේ..එකනෙ අර සෞදි රජයන් හදපු සුනාමි ගෙවල් 500ක් තාම කාටත් දෙන්ඩ බැරිවෙලා ති‌ෙයන්නෙ..අපේ අයගෙ කාලකන්නි කමට මෙහම වෙලා මදි.

:       1       0

Rata Perata Thursday, 06 April 2023 05:01 PM

ඡන්දෙන් පරද්දලා ගෙදර යවපු කෙනෙක් පාලනය කරන රටකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.?

:       0       1

අැණයා Sunday, 09 April 2023 10:39 AM

එකතු කරපු ආධාරය එවන්න වැයවන වියදම ගැන සැළකිලිමත් වෙලා නෑ. කියන්නේම කොතන හෝ කොස්සක් ඇති බවනේ. කහ වස්ත්‍රයක් ගෑවිලා නං අසූචි ගොඩක් වීමේ සම්භාවිතාවය වැඩී. භාවිතා කරලා අයින් කරන ඒ්වා නේද? නවීන පන්නයේ කීවාට අළුත් ඒ්වා කියා කොහේවත් ලියා නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 5 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 270 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 148 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 412 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1110 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1118 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site