(ප්‍රියාණි මංගලිකා )
කොරෝනා ඒකක දෙකක් පවතින නිකවැරටිය මූලික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල වලට මෙතෙක් ආරක්ෂිත ඇඳුම් ලබා දී නොමැති බවත් ,ඒවා වහා ලබා දෙන ලෙසත් ඉල්ලා එම කාර්ය මණ්ඩලය කෑම පැයේදී අද(08) දහවල් රෝහල ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වූහ.
රෝහලේ සියලු කාර්ය මණ්ඩල වෙත ආරක්ෂිත ඇඳුම් ලබා දී ඇතත් තමන්ට එම ආරක්ෂිත ඇදුම් ලබා නොදෘම හේතුවෙන් විශාල රෝග අවදානමක් මත සේවා කටයුතු කිරීමට සිදුව ඇති.බවත් ඔවුහු කියා සිටියහ .
කොරෝනා වෛරස් වසංගත තත්වය ආරම්භයේ දී සිටම බලධාරීන් ගෙන් තමන්ට ආරක්ෂිත ඇඳුම් ලබා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියද , මේ වන තුරුම එය ඉටු වී නොමැති බවද ,ඇතැම් සේවකයන් තම.පෞද්ගලික මුදලින් එම.ආරක්ෂිත ඇඳුම් සකසා ගෙන ඇති බවද තව දුරටත් එසේ කිරීමට නොහැකි බවද ඔවුහු බලධාරීන්ට අවධාරණය කළහ.
මේ වන විට රෝහල් කණිෂ්ඨ කාර්ය මංඩලය 150ක් පමණ වන බවද , පවතින තත්වය අනුව ,තමන් මෙන්ම තම .පවුල් වල අයද කොරෝනා වසංගත රෝග තත්ව අවධානමට ලක්ව ඇති බවද ඔවුහු බලධාරීන්ට අවධාරණය කර සිටියහ.
තමන් පත්ව ඇති අවාසනාවන්ත තත්වය සලකා බලා ඉතා ඉක්මනින් ආරන්ෂිත ඇඳුම් ලබා දෙන ලෙස ඔවුහු බලධාරීන් ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව නිහඬ විරෝධතාවයක පැවැත්වුන අතර,සේවක සේවිකාවෝ 100ක් පමණ විරෝධතාවයට එක්ව සිටියහ.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිකවැරටිය රෝහලේ විරෝධතාවක්