නිකවැරටිය කරිහට්ටිකුලම ප්‍රදේශයේ දී පාළු ළිඳක වැටී සිටිය දී ගොඩ ගත් වල් අලියෙකු වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට බැඳ සිටියදී අද මිය ගිය බව වන ජීවී ආරංචි කියයි.
පසුගිය අගහරුවාදා (05) රාත්‍රියේ මෙම අලියා ළිදට වැටී සිටි අතර වනජීවී නිළධාරීන් අලියා ජාතික වනෝද්‍යානයකට රැගෙන යාම සදහා ප්‍රතිකාර කරන අවස්ථාවේ එගෙස මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියං සමයේ ජල පිපාසාවෙන් ලිඳකට වැටී ගොඩගත් මියගිය හස්ති රාජයා ගැන දුකයි. මෙවැනි සතුන් වෙනුවෙන් හිත උණු නොවන්නේ මන්ද? (නි)
අනේ දෙවියනේ! අපේ ජාතික අලි සම්පතට මොකද මේ වෙන්නේ? එක්කෝ දේශපාලුවන් උන්ව විකුණනවා. කොටසක් පන්සල් යයි කියාගන්නා තැන් වලට යනවා. කොටසක් හක්කපටස්, මර උගුල් වලින් මැරෙනවා. ඒ මදිවට අලි බලාගන්නවයි කියන ආයතනවල සේවකයිනුත් උන්ව ටික ටික මරනවා. ඇතුන් දඩයක්කාරයින්ගේ වෙඩිවලට දළ පුජා කරනවා. ශක්‍රයා ළඟ ඉන්න ඵෙරාවන හස්තියාවත් මේවා දෙවියන්ට පෙන්නලා දෙනෙන් නැද්ද මන්දා. (නි)
මේ අලි ඇතුළු වන සතුන් විනාශ කරන අයට හොඳක් වෙන්නෙ නෑ. මේ අපේ ජාතික සම්පත්. බලධාරින් නිදිද?(අ)
බලධාරින් නිදි නෙවේ වෙන බලවතුන් බලවත් , නීතියක් අද රටේ නැහැ . බලය දෙන්න හරි මිනිස්සුන්ට. (අ)
අලි ,වන සතුන් ටිකත් ටිකෙන් ටික වඳවෙනවා (නි)
අලි ඇතුන් ගැන කුමන කතාද? ඕකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)