නැගෙනහිර නාගාස් පිලට එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයයට සහභාගි වීමේ වරම් හිමිවිය.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (29) රාත‍්‍රි පැවැත්වීමට නියමිතව තිබූ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල සහ සනත් ජයසූරිය මෙහෙයවන කදුරට වොරියස් පිල අතර දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය.
නැගෙනහිර පිල පළමු වටයේ තරග හතරක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 8 ක් ලබා දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. කදුරට පිල තරග තුනක් ජය ලබා තරගයක් විසදුමකින් තොරව අවසන්වීමෙන් ප‍්‍රසාද ලකුණු 7 ක් ලබා තෙවැනි ස්ථානයට පත්විය.
තරගාවලියේ නීති රීතිවලට අනුව ප‍්‍රසාද ලකුණක් ඉදිරියෙන් සිටි නැගෙනහිර නාගාස් පිලට අවසන් මහ තරගයට පැමිණීමේ අවස්ථාව හිමිවිය.
අවසන් මහ තරගය තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ නැගෙනහිර නාගාස් පිල අතර අනිද්දා (31) ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමෝන් නාගාස්.... (නි)
ඇයි චන්ද්‍රසිරි, සංගා හිටියා නම් වහින්නේ නැද්ද? (නි)
අමුතුම තරංග නීතිනේ මේවා. අර්ධ අවසාන තරගයක දෙපිළටම සම සමව ලකුණු ලබාදෙන එකම ක්‍රීඩාව ටී20 වෙන්න ඇති. (නි)
හරිම අසාධාරණයි.. මෙච්චර වැදගත් තරගයකට අතිරේක දවසක් දෙන්න බැරි ඇයි..?(නු)
මැච් එපා කරවනවා...(නු)
අපි මෝඩයන් නෙමෙයි. ඒ නිසා අපි දුක් වෙන්නේ නැහැ. මේකත් මහ ලොකු තරගයක්ද? (නි)
අන්තිමට ඌවයි, නැගෙනහිරයි තමයි 'ෆයිනල්' ආවේ. (නි)
ඒක තමයි අපි කිවුවේ සංගා නැතුව බෑ කියලා. (නි)
31 වෙනිදා පැවැත්තෙන අවසාන තරගයටත් වැස්සොත් එම තරගයේ ජය පැරදුමත් ලකුණු සටහන අනුව ලැබෙයිද දන්නෙ නැහැ. (නි)
පුදුම නීති තියෙන තරගාවලියක්නේ. අන්තිමට මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)
ප්‍රභාත් ශබ දන්නේ නැද්ද? මගේ අදහසේ හැටියනම් පුටු ටික ගලවාගෙන ගිහිල්ලා හම්බන්තොට පිටියේ සමිකළා.. ඉතිං කොහොමද මිනිසුන් වාඩිවෙන්නෙ..!!(නු)
අසාර්ථක තරගාවලියක්..!!(නු)
රොෂානුත් මෝඩයෙක් වගෙයි. (නි)
ඒ වුණාට තව තරගයක් තියන්නයි තිබුණේ. (නි)
මොන අපරාධයක්ද මේ? (නි)
වැරදි තීරණයක්. (නි)
සුභ පැතුම්! (නි)
මේක හරි අසාධාරණයි. අදත් වැස්සොත්? :D (නි)
ඒක හරිම අසාධාරණයිනේ. තව තරගයක් තියන්නනේ තිබුණේ. (නි)
ඉතිං අපිට මොකද? කවුද ඕවා බලන්නේ? (නි)
අනේ සනත් පවු! (නි)
දඹුල්ල දැන් තරග වලට අරහන්ද? (නි)
කවුද අනේ දැන් ඔය මැච් බලන්නේ? (නි)
ලංකාවේ මෝඩ වැඩ ඉවර වෙන්නයි යන්නේ. (නි)
අනේ, සනත් පවු. (නි)