ගාල්ල හිටපු නාගරික මන්ත්‍රී පී වයි බී කොස්තා මහතාගේ අදාහනය අද (10) සවස සිදු වෙද්දී ගාලු නගර සභා අදාහානාගාරය ක්‍රියා විරහිත විය.
ඒ වන විට සිරුර බාගෙට පිළිස්සී තිබිණි.
ගාලු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා කීවේ ගෑස් පද්ධිතය කිහිප වරක් ක්‍රියාත්මක කරමින් දේහය ආදාහනය කිරීමටඋත්සාහ ගන්නා බවයි. දේහයක් ආදාහනය කළ නොහැකි වුවහොත් එය භූමදානය කිරීම සිදුවෙයි.
එහෙත් ඊට නාගරික මන්ත්‍රීවරයාගේ නෑයන් සිරුර භූමදානයට කැමත්ත පළ කළ බවක් ඔහු කීවේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හැටි ඔහොම තමා. ගෑස් නැතිවෙනවා දිනගණන්. විදුලිය විසන්ධි වෙනවා පැය ගණන්. විකල්පයක් වශයෙන් දර ආදාහනාගාරයක් ද තබා ගැනීම කාලෝචිතයි. කෑගල්ලේ ආදාහනාගාරය අසල පාසල් වසන තෙක් ආදාහන කටයුතු නොකරයි. අවසන් කටයුතු 3,4 ක් ආවොත් අරන් පලයන්කෝ ගලිගමුවට. නගර සීමාවේ බදු ගෙවන්නෙකුට මැරිලත් සහනයක් නැහැ (නදී)
එයාලට ඔහොම නම් අපිට කොහොම වේද (නදී)
මුලින්ම ඕක කැඩිලා තිබුනේ. නව නගරාදිපති හදාවි (නදී)
දේශපාලකයෙක් හෝ කවුරුන් වුවද කෙනෙකුගේ විපතකදී සතුටුවන්නට තරම් අපි පහත් අය නොවෙමු (නි)
මම මේ සිද්ධිය ගැන ඊයේ ඉඳලා කිසිවක් ලියන්නේ නැතුවයි හිටියේ. මේ පුද්ගලයාට නිවන් සුව ලැබේවා! (නි)
දේශපාලකයින් සහ පොලිසිය ගත්විට, මෙවැනි දෙයක් සිදුවූ විට මිනිසුන්ට ඒ හැඟීම යම් අමුතු ආකාරයකටයි එන්නේ (නි)
දසුන්, බහුතරයක් දේශපාලඥයොයි පොලිසියයි කරන වැඩ දැක්කම ඒක සාධාරණයි (නි)
ගාල්ල නම් ඔහොමම තමා. පේන්නේ නැද්ද ටවුන් එක වටේ තියෙන මල් ගස් වල හැටි. ඒවා එහෙම නම් අනිත්වා ගැන කවර කතාද (නදී)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ද ? (නදී)
මේවටත් හේතු ඇති (නදී)
මියගිය දේශපාලකයාට නිවන් සුව පතමි. ජීවත්ව ඉන්න දේශපාලකයන්ට පාඩමක් වෙනු ඇතයි සිතමි. (නදී)
නිවන් සුව (දිල්)