වසර තුනක වත්කම් හෙළි නොකළැයි හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පනවා තිබූනඩු 3ක පැමිණිලි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉල්ලා අස්කර ගත්තේය.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇය නඩු තුනෙන්ම නිදොස් කොට නිදහස් කළේය.
ඇයට පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය ගෙනාවට ලැබුන තෑගි (බ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සුමිත් මෙතන තිබෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැද්ද? නීතිය ඒ කාලේ ක්‍රියාත්මක වුණේ නැහැ කියලා මහින්ද මහතාට බනින්න. මොකද දැන් නීතිය හොඳට ක්‍රීයාත්මක වන නිසා (නි)
මම නම් හිතන්නේ නඩුව අහලා නිර්දෝෂී නම් නිදහස් කරන්න තියෙන්නේ. මේ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නැහැ . (ර)
රමණි, අගවිනුසුරු තුමිය නම් වත්කම් හෙළි කරලා තියෙනවා කිහිප සැරයක්ම. හැබැයි ඔය ඔය කඩේ යන කට්ටිය නම් වත්කම් හෙළි කරලත් නැහැ. කරන එකකුත් නැහැ. (ර)
හරිම සන්තෝසයි.(කෞ)
"සුබ අනාගතයක්" සඳහා දාපු තුච්ච නඩුවකට ලැබුන සාධාරණ නීතියක්. "යහ පාලනය" අධිකරණ පද්ධතිය තුල ඉටුවෙමින් තිබෙනවා. (බ)
ඒ කියන්නේ මෙතුමිය වත්කම් හෙළි කරලාද? (ර)
මොකද මේ නීතියට වෙලා තියන්නේ (බ)
නියම නීතිය ක්‍රියාත්මක කිරීමක්. (ම)
යහපාලනයට ජයවේවා.....(ම)
පක්ෂ අයට එක නීතියක් විරුද්ධ අයට තව නීතියක් (ම)
නිතිය ක්‍රියාත්මක කරන අයට නීති නැද්ද? (ම)
නීතියේ සමානාත්මතාවය. (ර)
මේක තමයි යහපාලනය ක්‍රමය (අ)
ඉස්සර මේ තීන්දුව දුන්න නම් නම් මහේස්ත්‍රාත් තුමාටයි අල්ලස් කොමිසමේ නිලධාරීන්ටයි ස්ථාන මාරුවෙලා යන්න තැනකුත් ලැබෙනවා. (ම)
පුදුම නඩු නේ , ඔහොම හොර නඩු දානවට , නඩු දැම්මට නඩු දාන්න ඕන (බ)