රත්මලාන පෞද්ගලික බෙහෙත් ගබඩාවේ කල් ඉකුත් වූ බෙහෙත් අලුත් ලේබල යටතේ ඇසුරුම් කර තිබුණැයි කියන සිද්ධියේ නඩුව ගල්කිස්ස උසාවියේ අද (7) විභාගයට ගැනීමට නියමිතව තිබියදී ගබඩාව ගිනිගෙන ඇතැයි පොලිසිය අද අධිකරණයට වාර්තා කළේය.
නඩුව ලබන 25 වැනිදාට කල් තැබිණි.
කල් ඉකුත් වූ ඖෂධවලට අලුත් ලේබල ගසා විකිණීම සඳහා ගබඩා කර තිබිණැයි 2014 දී පාරිභෝගික අධිකාරිය විසින් සීල් තැබුණු ගබඩාවක් ගින්නට අසුවී ඇති බවත් එහි රියදුරකු හා සේවකයන් දෙදෙනකු නතරවී සිටි බවට තොරතුරු ඇති බවත් ඒ බව අධිකරණයට වාර්තා කරන බවත් පොලිසිය පවසයි.
රත්මලාන පෞද්ගලික බෙහෙත් ගබඩාවේ ගින්න පැය විසිතුන හමාරක් පැවැති බවත් ජල ලීටර් දෙලක්ෂ පනස් දහසක් පමණ ගිනි නිවන රථ 11කින් පාවිච්චි වී ඇති බවත් ගබඩාවේ දුම අද(7) අලුයම වනවිට නතර වූ බවත් මුලසිටම එම ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කළ මොරටුව හා දෙහිවල නගර සභා නියෝජිතයෝ කියති.
මෙය ඉතා අස්වාභාවික ගින්නක් බවත් ඔවුහු පවසති. අවට කම්හල් හි ජල කපාට වලින් එම ජලය ලබාගත් බවද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නේ හරියටම සිද්දිය එළිවෙන්නේ . එහෙම තැනක් නම් දැන් කරන්න තියෙන්නේ ජලබවුසර් වලට ගිය වියදමේ ඉඳල ඔය සමාගමෙන් අයකරගන්නා එකයි. (ර)
ඕක ගිනිගත්තද, ගිනි තිබ්බද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. එහි ගබඩාකර, කල්ඉකුත් වූවායැයි කියන බෙහෙත් පාවිච්චි කරලා අකාලයේ මැරෙන්න ගිය ලෙඩුන්ට තව ටික කාලයක් හෝ ජීවත්වීමට අවස්ථාව ලබාදුන් එම ගින්නේ නිර්මාතෘවරුන්ට ලෙඩ්ඩු දැන් ඇතිවෙන්න පින් දෙනවා ඇති (නි)