IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නීති කඩා කන්න දීලා : දෙන්නෙක් දඩ කති

සනීපාරක්ෂාවට අහිතකර අයුරින් සොසේජස් කිලෝ 76 ක් ලොරියකින් ප‍්‍රවාහනය කළ බවට වරදකරු වූ පුද්ගලයකුට මුදලින් රුපියල් හත් දහසක් ගෙවන ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් බංඩාර ඉලංගසිංහ මහතා නියම කළේය.

මෙසේ දඩ නියම වූයේ ගලේවෙල බඹරගස්වැව අලූත්වැව ආර්. ඩී. එස්. දේවප‍්‍රිය සමරනායකටයි. මෙම සොසේජස් ප‍්‍රවාහනය කළ යුත්තේ සෙල්සියස් අංශක ඍණ 18 ක උෂ්ණත්වයකින්  වුවද වැටලීම සිදු කරන අවස්ථාවේ සොසේජන් ප‍්‍රවාහනය කර ඇත්තේ ධන 9 ප‍්‍රමාණයේ අඩු උෂ්ණයත්වයකින්  බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්. පී. එස්. එන්. වාසල මහතා කීවේය.

සැකකරු සමග අත් අඩංගුවට ගැනුනු සොසේජස් තොගය විනාශ කර දමන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා කටියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වාසල මහතාට නියෝග කළේය.

මේ අතර පත්තර කොළවල ඔතා ෂෝට් ඊට්ස් අලෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරු වූ පුද්ගලයකුට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් බංඩාර ඉලංගසිංහ මහතා රුපියල් පන් දහසක දඩයක් නියම කළේය.

දඩුවම් නියම වූයේ ඉපලෝගම ගෝනපතිරාව කටුපිටිය බේක් හවුස්හී ආර්.ගයාන් පුෂ්ප කුමාරටයි. ආහාර පනතේ 2011 ආහාර නියෝග යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.



අදහස් (0)

නීති කඩා කන්න දීලා : දෙන්නෙක් දඩ කති

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 04 October 2016 08:08 PM

ශ්‍රී ලංකාවේ සොසේජස් කිලෝවක මිල කීයද කියා මම නොදනිමි. වැරදිකරු වූ මෙම ප්‍රවාහකයාට කිලෝ 76 ට දුන් දඩ මුදල වන රුපියල් 7000 අනුව, සොසේජස් කිලෝවක මිල වන්නේ රුපියල් 92 ක් පමණි. නමුත් අර වංක වෙළෙන්ඳාගේ භාණ්ඩ තොගය වෙළඳසැල් හරහා පාරිභෝගිකයාගේ පිඟානට ගියා නම් ඔහු උපයාගන්නේ දඩ මුදල මෙන් කී ගුණයක ආදායමක්ද කියා ගණන් බැලීම, මා පාරිභෝගිකයාට භාරකරමි. (නි)

:       0       0

ජයරත්න Tuesday, 04 October 2016 01:13 PM

දඩ මුදල නම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මේවා විෂ වෙලා කාට හරි අනතුරක් වුනා නම්. (ර)

:       0       0

පිටිගල Tuesday, 04 October 2016 02:28 PM

සොසේජස් ලංකාවේ සුපිරි කෑමක්ලු නේද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 284 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 286 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 367 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 292 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 414 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


පාප් වහන්සේගෙන් ජනපතිට සුබ පැතුම්
2024 ඔක්තෝබර් මස 09 442 0

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site