ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමා බාර ගන්නා බවත්, ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබා දීම පිළිබඳ ඉල්ලීම නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්ට යොමු කර ඇති බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ පැවසීය.
නිවසේදී, කාර්යාලයයේ දී හා මගතොටේ දී ඔහුගේ ආරක්ෂාව ගැන සොයා බැලීමට පොලිස් බුද්ධි නිලධාරීන් 27ක් යොදා ඇතැයි ද සේනානායක මහතා කීවේය.
ජයසූරිය මහතා පැවසුවේ තමා එම බුද්ධි නිලධාරීන් නොහදුනන නිසා තමන් ලුහු බඳින්නේ බුද්ධි නිලධාරීන් ද නැතහොත් නාඳුනන පුද්ගලයන්ද යන්න ගැන ගැටළු ඇති විය හැකි බවයි. එබැවින් එම බුද්ධි නිලධාරීන් කවුදැයි තමාට පෞද්ගලික හදුන්වා දෙන ලෙස නීතීඥවරයා ඉල්ලීමක් කළේය.
ඒ ගැන සාකච්ඡා කර පසුව දැනුම් දෙන බව සේනානායක මහතා කීවේය.
ජයසූරිය පසුපස ගිය නාඳුනන පුද්ගලයන් සම්බන්ධයෙන් කළ විමර්ශනයෝ තොරතුරු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ නීතීඥවරයා පසුපස හඹා යන පුද්ගලයන් පැහැදිලිව සීසීටීවී දර්ශනවල සටහන් වී ඇති බවයි.
පෞද්ගලික හේතුවක් නිසා එම විමර්ශනවලින් තමා ඉවත්වූ බව කී නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ අධීක්ෂණයෙන් විමර්ශන සිදු කැරෙන බව ද සඳහන් කළේය.
පැමිණිල්ල ලබන 25 වැනි දා නැවත කැඳවීමට නියමිතය.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීතීඥ සංගම් සභාපති ආරක්ෂාව පොලිසිය බාර ගනී
අමාලි Monday, 11 August 2014 11:22 AM
තර්ජන ඇතිවෙන්න මොන විදියේ හේතු බලපානවද දන්නේ නැහැනේ. (නදී)
බන්දුල පෙරේරා Tuesday, 12 August 2014 02:38 AM
මෙයාට ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ මෙයාගේ හෘද සක්ෂියෙන්ම තමයි.(නදී)
ජයසිංහ Monday, 11 August 2014 11:22 AM
පෞද්ගලික හේතුවකට තර්ජන තියෙනවද දන්නේ නෑ (නදී)
රාමා Monday, 11 August 2014 11:32 AM
සම්පත් ඔයා හරි. මටත් ආරක්ෂාව ඉල්ලන්න ඕනා දෙනවද දන්නේ නැහැ. මමත් ලංකාවේ පුරවැසියෙක් (නදී)
ලංකා Monday, 11 August 2014 12:15 PM
සම්පත්, අගක් මුලක් නොදැන කතා කරන්න එපා. (නදී)
අප්පුහාමි Monday, 11 August 2014 03:45 PM
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
උපාලි Monday, 11 August 2014 11:07 PM
සම්පත් බයයිද සීසීටීවී වලට? (නි)
සම්පත් Monday, 11 August 2014 11:02 AM
රටේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ඔය කියන ආරක්ෂාව ලබා දෙනවද? මේක නිකම් රටේ මහජන මුදල් නාස්ති කිරීමක්. එයාට ඕනනම් පෞද්ගලික ආරක්ෂකයන් තියා ගත්තනම් ඔය ප්‍රශ්න මොකුත් නැහැ. (දී)
අපොන්සු Monday, 11 August 2014 11:19 AM
ආයුධ පෙන්නන්න එක්ක යාවිද ? (නදී)