IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නීතීඥ සංගම් සභාපතිගේ ආරක්ෂාව ගැන අහන්න ලේකම් කැඳවයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීමට ලබන සිකුරාදා (8) අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් නන්ද මල්ලවආරච්චි මහතාට නොතීසි නිකුත් කළේය.

ජයසූරිය මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වුවත් ඒ මහතා පැමිණ සිටියේ නැත.

නියෝජ්‍ය පොලිස්පතිවරයා විදේශ ගත වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා අධිකරණයට දැන්වීය.

ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියෙන් යෙදවීමට නම් නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්ගේ අවසරය අවශ්‍ය බවත්, ඔහුගේ අවසරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  පැවසීය.

 ජයසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කීවේ ජයසූරිය මහතාට තර්ජන එල්ල වී ඇත්තේ පෞද්ගලික කාරණාවක් නිසා නොවන පොදු දෑ ගැන කටයුතු කළ නිසා බවයි. මෙය සියලු නීතීඥවරුන්ට එල්ල වූ බලපෑමක් ලෙස සලකන බව ද ඔහු අධිකරණයේ දී ප්‍රකාශ කළේය.

ජයසූරිය මහතාට ආරක්ෂාව සැපයීමට පොලිස් ආඥාපනතේ විධි විධාන අනුව අමාත්‍යංශ ලේකම්ගේ අවසරය අනවශ්‍ය බව කී ඔහුගේ නීතීඥයා ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ නිලයට ඉහළ නිලධාරියකුට හැකියාව ඇතැයි පැවසීය.



අදහස් (0)

නීතීඥ සංගම් සභාපතිගේ ආරක්ෂාව ගැන අහන්න ලේකම් කැඳවයි

ලංකා තිලක් Tuesday, 05 August 2014 03:21 PM

අනේ මන්ද ..කට්ටිය රගනවා..රගනවා...නළුවෝ වැහි වැහැල..එන් ජි ඔ වල කොන්ත්‍රාත්තු කරන මෙයාගේ පස්සෙන් කවුදෝ එලවනවලු, අනුර කුමාරගේ වාහනේ හප්පලා එයාව මරන්න හැදුවලු...සෝභිත හාමදුරුවන්ගේ වාහනේ හැප්පුවලු.මරන්න හැදුවලු...කට්ටිය ටෙලි ඩ්‍රාම එකක් හදනවා.සම්පුර්ණ නිෂ්පාදන වියදම් ඇමෙරිකන් එම්බසි එකෙන්.ලංකාවේ මිනිස්සු මේ නළුවෝ ඇදුනුවට පිටරට මිනිස්සු ඕව දන්නේ නැහැනේ..ගානකට ටෙලිය විකුණා ගන්න පුළුවන් වේවි..එත් ඉතින් වියදම් කරපු ගානනම් හොයන්න ලැබෙන්නේ නැහැ ආත්මෙදි..එම්බසියට අතින් පාඩුයි ඔය වැඩේ.ජනමතේ වෙනස් කරන්න ඔය හිගන තුට්ටු දෙකේ වැඩ වලින් බැහැ කියල ජනතාව ඌව චන්දෙන් හොදින්ම ඇමෙරිකන් තානාපති තුමියට පෙන්නලා දෙවි... (දී)

:       0       0

උඩුමලගල ගමගේ Tuesday, 05 August 2014 09:58 AM

මේ වගේ කීපදෙනෙක් හරි මේ රටේ ඉන්න එක ගැන සතුටුයි (දී)

:       0       0

සත්‍යපාල Wednesday, 06 August 2014 06:18 AM

මේවා ජාත්‍යයන්තර කුමන්ත්‍රණ නම්, මේවා ගැන ඔය කියන කට්ටිය දන්නවා නම්, කරුණු කාරණා සහිතව මෙම කුමන්ත්‍රණ රටට හෙළිනොකර කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කිය කියා පමණක් ඉන්නේ ඇයි? (නි)

:       0       0

සරත් Wednesday, 06 August 2014 06:33 AM

ලුම්බිණි,හරියට කියලා තියන දේ කියවන්න ඉගෙනගන්න.පොලිසියට මොකද බැරි ඔය කියන කෙනාව අල්ලගන්න. (නි)

:       0       0

ධම්ම Tuesday, 05 August 2014 10:31 AM

නියෝජ්‍ය පොලිස්පතිවරයා විදේශ ගත වී ඇත් නම් එන්න බැහැනේ. ඒක නොවෙයි ප්‍රශ්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ නිලයට ඉහළ නිලධාරියකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේ නොකෙරෙන එකයි. (දී)

:       0       0

දොන් සිමන් Tuesday, 05 August 2014 12:21 PM

දොන් පෙරේරා කොලුවෝ, රට දේශපාලනීකරණය උනේ 77න් පස්සේ. දැන්ද නැගිට්ටේ ? ඔබලාටත් තියෙන්නේ දවස් 45 හේ බ්රෝඉලර් මොලයක්. (දී)

:       0       0

දොන් පෙරේරා Tuesday, 05 August 2014 08:38 AM

රටකට ගිය කලක්! සියලුදේම දේශපාලනිකරණය වෙලා (නි)

:       0       0

රාමා Tuesday, 05 August 2014 08:51 AM

ඕන කෙනෙකුට ආරක්ෂාව ගන්න පුලුවන්ද? මටත් පොලිසියේ දෙන්නෙක් වත් ඉන්නවා නම් හොඳයි ආරක්ෂාවට (දී)

:       0       0

ජයේ Tuesday, 05 August 2014 08:57 AM

කට්ටිය එකතු වෙලා ලංකාවේ අනාගතය උදෙසා හොඳ පියවර ගන්නවා ඇතැයි ඉත සිතින් ප්‍රර්ථනා කරන්නෙමු. (දී)

:       0       0

ප්‍රසන්න න Tuesday, 05 August 2014 09:00 AM

මට නම් මේ මොකවත්ම තේරෙන්නේ නැහැ (දී)

:       0       0

සම්පත් Tuesday, 05 August 2014 09:09 AM

එතුමා කරන්නේ එතුමාගේ වගකීම (දී)

:       0       0

ලුෂන් Tuesday, 05 August 2014 09:30 AM

'නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වුවත් ඒ මහතා පැමිණ සිටියේ නැත'. මේකට නිතිය ක්‍රියාත්මක කරනවාද (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 05 August 2014 09:30 AM

'නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වුවත් ඒ මහතා පැමිණ සිටියේ නැත'. මොකද දන්නේ නැහැ. (දී)

:       0       0

සුබාෂ් Wednesday, 06 August 2014 05:04 AM

හැම වරද්දක්ක්ම වහගන්න NGO - ජත්‍යන්තර කුමන්ත්‍රණ පිට දාන එක විශවාස කරන ලංකා තිලක් වගේ අය ඉන්නකන් ඇත්තටම මේ රටට අබ සරණයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 187 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 195 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 82 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1284 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1530 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 130 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site