ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීමට ලබන සිකුරාදා (8) අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් නන්ද මල්ලවආරච්චි මහතාට නොතීසි නිකුත් කළේය.
ජයසූරිය මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වුවත් ඒ මහතා පැමිණ සිටියේ නැත.
නියෝජ්‍ය පොලිස්පතිවරයා විදේශ ගත වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා අධිකරණයට දැන්වීය.
ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියෙන් යෙදවීමට නම් නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්ගේ අවසරය අවශ්‍ය බවත්, ඔහුගේ අවසරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පැවසීය.
ජයසූරිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කීවේ ජයසූරිය මහතාට තර්ජන එල්ල වී ඇත්තේ පෞද්ගලික කාරණාවක් නිසා නොවන පොදු දෑ ගැන කටයුතු කළ නිසා බවයි. මෙය සියලු නීතීඥවරුන්ට එල්ල වූ බලපෑමක් ලෙස සලකන බව ද ඔහු අධිකරණයේ දී ප්‍රකාශ කළේය.
ජයසූරිය මහතාට ආරක්ෂාව සැපයීමට පොලිස් ආඥාපනතේ විධි විධාන අනුව අමාත්‍යංශ ලේකම්ගේ අවසරය අනවශ්‍ය බව කී ඔහුගේ නීතීඥයා ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ නිලයට ඉහළ නිලධාරියකුට හැකියාව ඇතැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිය කලක්! සියලුදේම දේශපාලනිකරණය වෙලා (නි)
ඕන කෙනෙකුට ආරක්ෂාව ගන්න පුලුවන්ද? මටත් පොලිසියේ දෙන්නෙක් වත් ඉන්නවා නම් හොඳයි ආරක්ෂාවට (දී)
කට්ටිය එකතු වෙලා ලංකාවේ අනාගතය උදෙසා හොඳ පියවර ගන්නවා ඇතැයි ඉත සිතින් ප්‍රර්ථනා කරන්නෙමු. (දී)
මට නම් මේ මොකවත්ම තේරෙන්නේ නැහැ (දී)
එතුමා කරන්නේ එතුමාගේ වගකීම (දී)
'නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වුවත් ඒ මහතා පැමිණ සිටියේ නැත'. මේකට නිතිය ක්‍රියාත්මක කරනවාද (දී)
'නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැන්වුවත් ඒ මහතා පැමිණ සිටියේ නැත'. මොකද දන්නේ නැහැ. (දී)
මේ වගේ කීපදෙනෙක් හරි මේ රටේ ඉන්න එක ගැන සතුටුයි (දී)
නියෝජ්‍ය පොලිස්පතිවරයා විදේශ ගත වී ඇත් නම් එන්න බැහැනේ. ඒක නොවෙයි ප්‍රශ්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගේ නිලයට ඉහළ නිලධාරියකුට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේ නොකෙරෙන එකයි. (දී)
දොන් පෙරේරා කොලුවෝ, රට දේශපාලනීකරණය උනේ 77න් පස්සේ. දැන්ද නැගිට්ටේ ? ඔබලාටත් තියෙන්නේ දවස් 45 හේ බ්රෝඉලර් මොලයක්. (දී)
අනේ මන්ද ..කට්ටිය රගනවා..රගනවා...නළුවෝ වැහි වැහැල..එන් ජි ඔ වල කොන්ත්‍රාත්තු කරන මෙයාගේ පස්සෙන් කවුදෝ එලවනවලු, අනුර කුමාරගේ වාහනේ හප්පලා එයාව මරන්න හැදුවලු...සෝභිත හාමදුරුවන්ගේ වාහනේ හැප්පුවලු.මරන්න හැදුවලු...කට්ටිය ටෙලි ඩ්‍රාම එකක් හදනවා.සම්පුර්ණ නිෂ්පාදන වියදම් ඇමෙරිකන් එම්බසි එකෙන්.ලංකාවේ මිනිස්සු මේ නළුවෝ ඇදුනුවට පිටරට මිනිස්සු ඕව දන්නේ නැහැනේ..ගානකට ටෙලිය විකුණා ගන්න පුළුවන් වේවි..එත් ඉතින් වියදම් කරපු ගානනම් හොයන්න ලැබෙන්නේ නැහැ ආත්මෙදි..එම්බසියට අතින් පාඩුයි ඔය වැඩේ.ජනමතේ වෙනස් කරන්න ඔය හිගන තුට්ටු දෙකේ වැඩ වලින් බැහැ කියල ජනතාව ඌව චන්දෙන් හොදින්ම ඇමෙරිකන් තානාපති තුමියට පෙන්නලා දෙවි... (දී)
හැම වරද්දක්ක්ම වහගන්න NGO - ජත්‍යන්තර කුමන්ත්‍රණ පිට දාන එක විශවාස කරන ලංකා තිලක් වගේ අය ඉන්නකන් ඇත්තටම මේ රටට අබ සරණයි (අ)
මේවා ජාත්‍යයන්තර කුමන්ත්‍රණ නම්, මේවා ගැන ඔය කියන කට්ටිය දන්නවා නම්, කරුණු කාරණා සහිතව මෙම කුමන්ත්‍රණ රටට හෙළිනොකර කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කිය කියා පමණක් ඉන්නේ ඇයි? (නි)
ලුම්බිණි,හරියට කියලා තියන දේ කියවන්න ඉගෙනගන්න.පොලිසියට මොකද බැරි ඔය කියන කෙනාව අල්ලගන්න. (නි)