අලුත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරීක්ෂණයක් පවත්වන බව මහින්ද රාජපක්ෂ ජනපති බොලීවියාවේ සිට අන්තර්ජාලයේ ට්විටර් පණිවිඩයකින් කියයි.
නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවෙකුට ඉඩ නොතබන බවත්, සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ජනපති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කතාව හරි සාමාන්‍ය ජනතාව නිතිය අතට ගත්තාම නිතිය කැලෑ නීතියක් වෙනවා (දී)
නීතිය අතට ගන්න වෙන කාටවත් බෑ. (අ)
ඉස්සෙල්ලාම හිතන්න ඕනේ මිනිස්සු නිතිය අතට ගන්නේ මොකද කියලා (දී)
වැඩියෙන්ම නිතිය අතට ගෙන ඇත්තේ මේ රටේ දෙසපාලකයින්. (දී)
නීතිය සාමාන්‍ය ජනතාව අතට ගියාම ඒ ඒ මිනිස්සු නිතිය තමන්ට අවශ්‍ය උවමනාකම් ඉෂ්ට කරගන්න භාවිතා කරනවා (දී)
නිතිය අතට ගෙන කටයුතු කරන ඕනෑම කෙනෙකුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
දැන් ඒ පලාත්වල ජනතාවගේ ජිවන රටාව කොහොමද (දී)
නිතිය සාදාරනය හැමටම එක සේ බෙදෙනවා නම් මේ මොන ප්‍රශ්ණයක්වත් නැහැ (නදී)
බන්දුල ගැටුමක් අවශ්‍ය කාටද කියලා අපි හොඳට දන්නවා. යුද්දෙන් හෙම්බත් වුන අපිට තව ප්‍රශ්න අවශ්‍ය නැහැ. බන්දුල නම් අමරණීය ඇති. අපි නම් එහෙම නැහැ. ලෙඩ ඇඳේ පණ යද්දිත් අන්තවාදය කරගහ ගන්න මට නම් අවශ්‍ය නැහැ. (නදී)
අබ කාපු මිනිහාගේ නහය දනවා කිව්වාලු . (දිල්)
රටකට නීතියක් තියෙන්නේ ඒ නිසානේ (දී)
නීතිය අතට ගන්න කාටවත් බැහැ. (නි)
ගැටුම් දකින්න අපි කාටවත් අවශ්‍ය නැහැ පෝල් මහත්තයෝ. ගැටුමක දෙපැත්තක් ඉන්නවා. ඔබතුමා දකින්නේ , චෝදනා කරන්නේ එක පැත්තකට විතරයි. (නි)
රටක නීතිය සිවිල් ජනයාගේ අතට ගැනීම බොහොම භයානක දෙයක් (නි)
සියලු අන්තර්ජාල ප්‍රචාරණ මාධ්‍යයන් ඔස්සේද මෙම පණිවුඩය විකාශනය කරන්න (නි)
බන්දුල මහතාට මොළයක් තියනවද කියලා දන්නේ එයාම විතරයි පෝල්. මේ වෙලාවෙත් හදන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න. මේ කලබලය සංසිඳුවා ,රටට ඇතිවෙන අපකීර්තිය අපි නවත්වාගත යුතුයි. (නි)
මේ තියෙන්නේ බන්දුල පෙරේරා මහතාට උත්තරය... කරුණාකරලා අදහස් දානකොට මොළෙන් හිතලා හදවතට එකඟව දාන්න (නි)
බොහොම හොඳ කතාවක්. ඔබතුමාට අපගේ ප්‍රණාමය! (නි)
මේ සිද්ධිය මම සිටින රටේ ඉතා නරක විදියට ප්‍රචාරය වෙනවා. මේ නිසා රටට වෙන අපකීර්තිය ගැන හිතන්න . මුහුණු පොතේ පවා රටේ කීර්ති නාමයට ඉතා අහිතකර ප්‍රචාර සංසරණය වෙනවා කියලා මගේ මිතුරෙකු කිව්වා. ලංකාවේ ඉන්න සමහරුන්ගේ ඇස් ඇරෙනවා නම් ලොකු දෙයක්. (ස)
පොල් මහත්තයට දෙන උත්තර පලවෙන්නේ නැහැ. ඒ හින්ද ඔබ තුමගේම මතය මතය හැටියට මේ තීරුවේ පෙන්නනවා.ඔබ තුමා කොහේදෝ රටක ඉදන් තප්පු ලැවට මේ පැතිවල මිනිස්සු දන්නවා..මේ ගැටුම ඇරඔුනේ කාගේ අතින්ද කියල..සාමකාමී පෙරහරකට ගල් පොලු අරන් පහර දුන්නේ බොදු බල සේනාව නෙමෙයි. (ස)
ඔබතුමාගේ කතාව ඇත්ත මේක රටක් නීතියක් තියෙනවා (දී)
එතකොට නීතිය රකින අයට ගහපු අර උපසබාපති (දී)
එහෙම පුළුවන් නම් ලංකාවට අධිකරණ පොලිසි වැඩක් නැහැ (දී)
ඒවාට වග කියන්න ඕන නිලධාරින් ඒ සම්භන්ධව කටයුතු කල යුතුයි (දී)
මේ කලබල නිසා රටේ කීරිති නාමයට කැළලක් නොවිය යුතුයි. (දී)
"එතකොට නීතිය රකින අයට ගහපු අර උපසබාපති" එයා නීතිය පැත්තකට දාල සබාපති කම ඔලුවට අරන්. (දී)
නීතියට කැළලක් නොවිය යුතුයි. (දී)
ඔබතුමා කියන දේ මමත් පිලි ගන්නවා (දී)
මේවා කිව්වට මදි , ක්‍රියාවට නගන්න ඕනේ. යටින් එකක් සහ උඩින් එකක් නොමැතිව. අපට ඕනේ ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාම එකසේ සමව ජිවත් වන්නට (නදී)
දැන් අර පුත්‍ර රත්නයක් පස්ස දොරෙන් දන්සලට රින්ගෙව්වා මදිවට සංවිධායකට තඩි බාපු කෙනාට බලපාන්නේ මොන නීතියද මන්දා (නදී)
බන්දුල කොහෙවත් රටවල් වල ඉන්න අයගේ තප්පුලාම නෙවෙයි . මේ කලබල නිසා රට ට ඇතිවෙන අපකීර්තිය ගැනයි අපි කල්පනා කරන්න ඕන. පිටරටවල ඉන්න උදවිය ටත් රට ගැන කැක්කුමක් තියන නිසානේ මෙහෙම නරක ප්‍රචාර යනවා කියල ආරංචිය දුන්නේ . නැතිනම් මට මොකද කියලා කරබාගන්න බැරිද ? පිටරට වල ඉන්න උදවිය සමග ඔබේ තිබෙන පුද්ගලික කෝන්තර මෙතන දිග ඇරගන්න එපා. (දී)
අපේ රටේ නිතිය, දේශශපාලනය ප්‍රචන්ඩත්වය මේ ත්‍රිත්වයම එකට බැඳී රජයන විට ,වෙනස අදුනා ගැනීම අසීරුයි (නදී).
අපට ඕනේ ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාම එකසේ ජිවත් වන්නයි. නමුත් එ්කට කැමති නැති තමන්ගේ අරමුණු සදහා කටයුතු කරන පිරිස් ඉන්නවා. බුදු පිළිම කඩනවා,බෝ ගස් කපනවා, අපේ ස්වාමින් වහන්සේ නමකට මෑතකදි ගැහුවා. එ්වා ගැන කතා කරන්න කවුරුත් නැහැ. ගොඩක් අය ජාති වාදය ගැන කතා කරනවා. හිතන්න පොඩ්ඩක් ජාතිවාදය ඇති කරන්නේ කවුද කියලා. (නදී)
ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
ජනාධිපති තුමාට ඕක අන්තර්ජාල ට්විටර් පණිවිඩයකින් කියන්න ඕන නැහැ. ටෙලිෆෝන් කෝල් එකකින් පෞද්ගලිකවත් කියන්න තිබුනනේ. සමහර විට එතුමා රටේ නැති නිසා මේ ගැන දන්නේ නැතිව ඇති. හැබැයි මුළු රටම දන්නවා නිතිය අතට අරන් මේවා සිදු කලේ හා කරන්නේ කවුද කියල. (නදී)
පිල්ලේ නෝනට කියන්ඩ කෙනෙක් නැති හැටි (නදී)
එතකොට සෑර්, හම්බන්තොට නගරාධිපතිටත් ඕක අදාලද? (නදී)
ඔබතුමා නැති අතරේ මැති ඇමති වරු ගොරව ගොරවා නිදා ගනිද්දී තමා මේ කලබගෑනිය සිදු වෙලා තියෙන්නේ. (නදී)
ඔබතුමා ආපසු එනකොට වත් මේ පළාතේ මැති ඇමතිවරු නින්දෙන් නැගිටීවි කියල අපි බලාපොරොත්තු වෙනවා. (නදී)
අතිගරු ජනපති තුමනි , කලබල ඇතිවූ ප්‍රදේශය භාර මැති ඇමැතිවරුනට කුමක් කල යුතුයි දැයි ඔබ තුමා තීරණය කල මැනවි. තම තමන්ගේ රාජකාරි ප්‍රදේශවල සිවිල් පරිපාලනයට අසමත් අයගෙන් වැඩක් තිබේද ? (නදී)
ඇත්ත. සහතික ඇත්ත (නි)
මේ ගැන අපේ සිත් තුළ බලවත් කුතුහලයක් තිබෙනවා (නි)
ඔය බලය කියන දෙය තමන්ගේ බලපුලුවන්කාරකමට පාවිච්චි කරන එක තමයි ජනතාවටත් ප්‍රශ්ණේ.(නදී)
කතාව ඇත්ත (නි)
විවිධ ප්‍රශ්න නිසා ජනතාව අධික පීඩාවට පත්වෙලයි ඉන්නේ. මේ පීඩනය පිටකිරීමට ජනතාව අනේක හේතු මවමින් රණ්ඩු කරනවා. මේ ඇතිවුණ සිද්ධියත් මිනිසුන් තම පීඩනය පිටකිරීමක් වෙන්න බැරිද? (නි)
අපිට තේරෙනවා කවුද මේ පිටුපස ඉන්න පුද්ගලයන් කියලා.මොවුන් මේවා කරන්නේ කොහොමද? (නි)
ඔබතුමා කියන දේ හරි (නි)
නීතිය අතට ගන්නා අයට දැඩි දඩුවම් දෙන්න (නි)
සාධාරණ පරීක්ෂණ කොපමණ පැවැත්වුවත් දඩුවම්දීමේදීයි ගැටලු පැනනඟින්නේ. වැරදිකරුවන්ට නිසි දඩුවම් දීම අවශ්‍යයි (නි)
දැන් පෙරහැර ගිහින් ඉවරයි (නදී)
ජනපතිතුමනි, ඔබතුමා ගන්න යන තීරණය හරි. ලංකාවට පැමිණිවිට ඒ අයට විරුද්ධව තීරණයක් ගන්න (නි)
පසුගිය කාලයේ මොන මොන සිදුවීම් සිදුවුණද දැන්වත් දඩුවම් සැමට සමානව පොදුවේ දෙනවා නම් හොඳයි. නැත්නම් රටට වෙන්නේ ලොකු විනාශයක් (නි)
සහතික ඇත්ත (නි)
නීතිය සියල්ලන්ටම පොදුවේ ක්‍රියාත්මක වෙනවා නම් අපිත් කැමතියි. එසේවන්නේ නම් අපි සැමදා ඔබ සමඟයි (නි)
නීතිය ක්‍රියාත්මක නොවෙනකොට මිනිසුන් නීතිය අතට ගන්නවා (නි)
අන්න හරි, රටේ නීතිය ගැන අපට තිබෙන විශ්වාසය ඉතාම ඉහළයි. (නි)
අපි ඔබ සමඟයි ජනපතිතුමනි! (නි)
මිනිස්සු දෙපැත්තට බෙදිලා ගහගත්තා කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. ජාති ,ආගම්, කුල ,පන්ති බේද මේ සියල්ල අමතක කර දමමු. (නි)
ජනපතිතුමා රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට රටින් බැහැර වූ ටිකටවත් රටේ ඇතිවූ කලබලයක් දුරදිග යන්න නොදී පරිපාලනය කරගන්න අපේ දේශපාලකයන්ට නොහැකි වුණේ ඇයි? එතුමා හිටියා නම් මෙහෙම දේවල් නොවෙන්න තිබුණා (නි)
පසුගිය කාලයේ නීතිය අතට ගෙන යම් යම් සිදුවීම් වුණා. ඒවා ගැනත් සළකා බලන්න (නි)
මමත් ඒ කතාවට ගරු කරනවා (නි)
බොහොම හොඳයි මහත්තයෝ (නි)
ජනපතිතුමනි, මේ නීතියට පිටින්යන්නන් සියල්ලන්ම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න (නි)
අපේ ජනපතිතුමාට ජය වේවා! (නි)
කුසුම් කියන ටික තමා මටත් කියන්න තියෙන්නේ. (නි)