ඉකුත් 10 වැනිදා විවාහ දිවියට පිවිස මධුසමය ගත කිරීමට සිය බිරිය සමග ශ්‍රී ලංකාවට පැමිණි නෙදර්ලන්ත ජාතික තරුණයකු ලෝකාන්තයෙන් පහළට වැටී සිටිය දී යුද හමුදාව සහ පොලිසිය එක්ව බේරාගත්තේය. අද පෙරවරු 9.00ට පමණ ලෝකාන්තයට ආ යුවළ ඡායාරූපයක් ගැනීමට සූදානම් වෙද්දි මතිනාස් (35) නම් නෙදර්ලන්ත ජාතික තරුණයාගේ පය ලිස්සා ලෝකාන්තයෙන් පහළට වැටී ඇත. එසේ ඇද වැටුණු තරුණයා මීටර් 25ක් පමණ පහළ ගසක එල්ලී සිටි උදව් ඉල්ලා කෑගසා ඇති අතර එම ස්ථානයට ආ ශ්‍රි ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් සුදේශ් ලලින්ද මහතා අධික බෑවුම් සහිත ලෝකාන්තයට කඹයක ආධාරයෙන් බැස පැය තුනකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා එම තරුණයා බේරා ගත්තේය. මේ සඳහා ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ නුවරඑලිය අනුඛණ්ඩයේ, නානුඔය පොලිසියේ වනජීවි නිලධාරීන්ගේ, ගුවන් හමුදාවේ, ලෝකාන්තය නැරඹීමට ආ බොහෝ දෙනාගේ සහ පට්ටිපොල ගම්වාසීන්ගේ ද සහාය ලැබිණි. මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද යොදා ගනු ලැබිණි. නුවරඑළිය මහ රෝහලේ ප‍්‍රවීන් තරංග හා ජනිත් යන වෛද්‍යවරු ගිලන් රථයක් රැගෙන හෝර්ටන් නැන්නට ගොස් අවශ්‍ය ප්‍රතිකාර කිරීම් සඳහා සූදානම් සිටියහ. බේරාගත් නෙදර්ලනිත් ජාතිකයා නුවරඑළිය රෝහලට රැගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය.
මෙම අනතුරට ලක්වු තැනැත්තා චීන ජාතිකයකු වශෙයෙන් මුලින් සටහන් වී තිබිණි.
ඡායා - ෂෙල්ටන් හෙට්ටිආරච්චි
රංජිත් රාජපක්ෂ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නෙදර්ලන්ත ජාතිකයා ලෝකාන්තයේදි යළි උපදී
නිශාන්ත Wednesday, 25 February 2015 01:59 AM
මේක නම් ඇත්තටම හාස්කමක් (නි)
ලහිරු Saturday, 21 February 2015 02:15 PM
පවු නේද? (නි)
සරත් Saturday, 21 February 2015 08:11 PM
අපේ එල් කොල්ලෝ ටික (බ)