විවිධ පාර්ශව වල කොන්ත‍්‍රාත් අනුව කටයුතු කළ පුද්ගලයින් පිරිසක් නිසා ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී පරාජයට පත්වීමට සිදුවුවද මෙවර නව සභාපති මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාගේ නායකත්වය යටතේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණයේ මාවතට පිවිස සිටින බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයටද හේතුවූයේ මෙම පුද්ගලයින් පිරිස බව කියා සිටි ධීවර අමාත්‍යවරයා ව්‍යාජ ජාත්‍යාලයක් මවා පැවූ මොවුන් ජනතාව නොමග යැවූ බවට චෝදනා කළේය.
ජනාධිපතිවරණයෙන් පසු පසුගිය මැතිවරණ සමයේ යළිත් කලඑලි බැසූ මොවුන්ගේ කි‍්‍රයාකලාපය නිසා නැවත වරක් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට පරාජයම අත්වූ බවද හෙතෙම පැවසීය.
වීරයින් සේ කෑගැසුවද රහස් සබඳතා පවත්වාගනිමින් මෙම පිරිස ගනුදෙනු කරන ආකාරය ගැනද හොඳීන් දන්නා බව ඔහු කීය.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී නිදහස් පක්ෂය දෙවැනි තැනට දමන්නට දැඟලූ වීරයෙක්ද පසුගිය දිනවල මාධ්‍ය වලින් දැකගත හැකිවූ බව කියා සිටි අමරවීර මහතා ඔහුගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගිය ආකාරයද අපූරුවට දැකගත හැකිවුනු බවද පැවසීය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට ජය සහතික බවද හිටපු ජනපති රාජපක්ෂ මහතාද පක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් දිනවීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස බවද ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද වටේ හිටපු අනාථයන් මහින්දව උඩ තියලා අන්තිමේදී එයාලා පාර්ලිමේන්තු ගිය එකයි වුණේ (නි)
අපිට පක්ෂ වලින් වැඩක් නැත. පක්ෂය නමක් පමණි. අවශ්‍යවනුයේ හොඳ මිනිසුන් මිස පක්ෂයක් නොවේ. පක්ෂ දෙකේම හොරුන්, පගාකාරයින් සිටී.-- හරියට හරි. නමුත් හොඳ මිනිසුන් ඇතිවෙන්න නම් මන්ත්‍රී වරප්‍රසාද අඩු කල යුතුයි.(හේ)
මෙවර තමයි සුපිරි පරාජය අත්විදින්නේ.(හේ)
ඔබතුමාට දෙවියන්ගේම පිහිටයි..(හේ)
ඔව් ඒ කතාවත් ඇත්ත තමයි.(හේ)
පාක්ෂිකයා පාවාදීලා කුමන්ත්‍රණය කරන්නේ කවුද කියලා මිනිස්සු හොඳට දන්නවා (නි)
තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ කබ ගුලි හොයන්න එපා. (නි)
ඇමතිතුමා ශ්‍රී ල. නි.පයට ඉතාමත් ආදරේ කරන කෙනෙක් බව පෙනෙනවා. (නි)
ඔය කතාකරන අයට ඊළඟ ඡන්දෙදි මොනවා වෙයිද? (නි)
රටට ජාතියට ආදරයක්, ගෞරවයක්,කැක්කුමක් සහ හැඟීමක් නැති දේශපාලකයන් සිටින තුරාවට මේ රට ගොඩගන්නවා බොරු. (නි)
අනේ අපි නොදන්නවායැ (නි)
අද සමහරු තමන්ගේ පක්ෂයට ද්‍රෝහිවෙලා ඒක පරාජය කරන්න ජන්ම සතුරන් හා එක්වෙලා ඒ දේ සිදුකළා මදිවට පක්ෂය සතුව තිබු රාජ්‍ය බලයත් විරුද්ධ පක්ෂයට අමු අමුවේ පාවාදීලා (නි)
අනුන්ගේ දේවල් හොයලා දැන් වැඩක් නැහැනේ (නි)
හොඳයි බලමුකෝ (නි)
මහින්ද මහතා පරාජය වුණේ අපේ මෝඩකම හින්දා. දැන් තේරෙනවා අපි කළ මෝඩකමේ මහත, හිර ගෙවල්වල කොටි නිදහස් වෙනකොට. (නි)
මට කියන්න තිබෙන්නේ විදුරු ගෙවල් වල සිට ගල් ගහන්න එපා කියලයි (නි)
පක්ෂය පැරදුනේ සහ අදත් පරදින්නේ මොන වගේ උදවිය ඒකට රිංගලා ඉන්න නිසාද කියලා හැමෝම දන්නවා. (නි)
සමහරු නම් හීන දකිනවද මන්දා? (නි)
කතාව නම් ඈත්ත. කොන්ත්‍රාත්තුව කළ අයට දැන් ගතමනාවකුත් ලැබිලා ඇතිනෙ. ඊළඟ කොන්ත්‍රාත් එකටත් දැන් ඉඳලම සූදානම් වෙනවා ඇති (නි)
නිකන් විකාර කතා කියන්න එපා අපිට (නි)
කාගේ කාගේත් කෙරුවාව නිසා විඳවන්නෙත්,පැරදුනෙත් සිංහලයා සහ සිංහල අයිතියයි. (නි)
අපිට පක්ෂ වලින් වැඩක් නැත. පක්ෂය නමක් පමණි. අවශ්‍යවනුයේ හොඳ මිනිසුන් මිස පක්ෂයක් නොවේ. පක්ෂ දෙකේම හොරුන්, පගාකාරයින් සිටී. ඔවුන් ඉවත්කරන්න. (නි)