තමා කොමිස් ලබාගෙන ඇති බව ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමු ගන්නේ යැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී පැවසීය.
‘අපට පස්සේ දේශපාලනයට ආ ඇතැමුන්ගේ වත්කම් හෙළ කළොත් ඇඳුම් ඇදගෙන පාරේ යන්න බෑ.මගේ හිත සුද්ධයි.මේ ජීවිතේ පව් කැර නෑ.තව ටික කාලයයි ඉන්නේ ’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ඇමතිලා රටට ආදර්ශයක්, වාසනාවක් (නි)
නියම කතාව හි..හි....හි.... (දී)
අන්තිමටම නිවෙන්න කලින් දැල්ල ටිකක් වැඩි වෙනවා තමයි. (අ)
ජගත් සමග එකග වෙමි (අ)
මෙතුමා කොමිස් ගත්තේ නැහැ කියමුකෝ. එතකොට ගත්ත අය එලි නොකිරීමෙන් කරන්නෙත් වැරැද්දක් නේද. මට තේරෙන හැටියට ඇතුලේ මොකක්ද පොඩි අවුලක්. එ්ක විසදිච්ච ගමන් නිස්ශබ්දව ඉදියි.(නදී)
මට මතක හැටියට වන සම්පත් හා පාරිසරික ඇමති හැටියට හිටපු ඒ කාලේ එක පාරටම නීතියක් ආවා එක මාසයකට පමණක්, "කොස්ගස් කැපීමට බලපත්‍ර අවශ්‍ය නැත" කියලා. මාතලේ කර්මාන්ත පුරය ඇති විශාල රජයේ වතු යායත්( කොස්, රබර්,සහ තවත් වටිනා ගස් සහිත වන වගාවත් ) එකපාරටම මුඩුබිමක් බවට පත් උනෙත් ඔය කාලේම නොවැ අයිබෝවන් .....! (අ)
වත්කම් ප්‍රකාශයක් කරමුකෝ බලන්න. (අ)
කොමිස් ගත්ත කියල ඔප්පු කල ගමන් කියයි, මම කොමිස් කියන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ මම උදේ හවස පන්සිල් ගන්න හොඳ කෙනෙක්. ඔය මාව අල්ලපු එකා බොරු කියන්නේ කියල. දැක්කනේ පහුගිය දවස්වලසිදු වූ දේවල් (අ)
මෙවැනි ඇමතිවරු අපේ රටේ ඉන්න එක ගැන අපට සතුටුයි ඔබතුමාට ජය වේවා අර වගේ අය ඉන්නව නම් පාර්ලිමේන්තුවේදී හෙලි කරන්න (දී)
සමහරවිට මේ ඇමති වරයා ඇත්ත කියනවා වෙන්න පුළුවනි...නමුත් එයා අවංක නම් ...මුලින්ම ඉල්ලා අස්වෙන්න ඕන..පසුව එයාගැන පරීක්ෂණයක් කරන්න කියලා රටේ විපක්ෂයෙන් ඉල්ලන්න ඕන. ආණ්ඩු පක්ෂයෙන් නොවයි...ඒ පරීක්ෂණයේ තීරණය අනුව එයා නැවත පාර්ලිමේන්තුවට එනවාද නැතිද යන්න තීරණය වේවි...නමුත් ආයේ එනවානම් ...අතුරු මැතිවරණයකට යා යුතුයි. ඊට පසුව අර එයා කියපු හොරුන්ගේ නම් ටික සියලුම මාධ්‍යවේදීන් හමුවේ හෙලිකල යුතුයි (දී)
අපි දන්නා නීතිය විදියට නම් මොන තරා තිරමේ කෙනෙකු වුවත් වංචාවක් කල බවට ඔප්පු වුනොත් පළමුවෙන්ම ඔහු හෝ ඇය අත් අඩංගුවට ගත යුතයි.ඉන්පසුව පරීක්ෂනයෙදී වැරදි කරුවෙක් බවට ඔප්පු වුනොත් හිරේට දැමිය යුතුයි. ,,,,,,නමුත් මේ ඇමති වරුන් කියන්නේ වචාවක් කල බව පෙන්වුවොත් ඉල්ලා අස්වී යන බවයි. ඒ කියන්නේ මොන වංචාවක් ,දුෂණයක් කලත් හිරේ විලංගුවේ නොවැටී ඔවුන්ට අවශ්‍ය පරිදි තීරණයක් ගන්න පුළුවන් කියන එකද? එහෙම නෙතිනම් විශේෂ නීතියක් මේ ඇමති වරුන් වෙනුවෙන් රටේ සම්පාදනය වෙලා තිබෙනවාද? කරුණා කර දන්නා කෙනෙක් මට කියන්න.(දී)
ඇත්ත මෙතුමා මේ කියල තියෙන්නේ. මෙතුමාට පස්සේ දේශපාලනයට ආපු අය අද සුපිරි ධනවතුන්. ආව හැටියි දැන් හැටියි බැලුවොත් කොහෙන්ද මෙච්චර හෙවුවේ කියල හිතෙනවා. හෙන්චයියලා තමා මේවා කරවන්නේ. ජනතා මුදල් අපහරණය කරවන්න හරි දක්ෂයි. ජනතාව මේවා දන්නවා. මේ ලොක්කෝ අමාරුවේ වැටෙන්නේ මේ හෙන්චයියෝ නිසාමයි. කලබල වෙන්නේ දෙයක් නෑ. ජනතාව බලාගෙන ඉන්නේ උත්තර දෙන්න. කකුලුවොන්ට දිය හැලියේ සැප ගන්න පුළුවන් තව ටික කාලයයි. (අ)
ඔය කතාව ඇමතිවරු ඔක්කොම කිව්වා නම් කව්ද හොරකම් කෙරුවේ? (දී)
පවතින දේසපාලන සංස්කෘතිය තුල මේවගේ කතාවක් අහන්නත් සන්තෝසයි .ගරු ඇමතිතුමා මොන වගේ දේසපාලන මාර්ගයකද යන්න යන්නේ කියා ජනතාව බලාගෙන ඉන්නේ.අවංකව කරන ප්‍රකාශද යන්න එවිට කාටත් තේරුම් ගතහැකිය . (දී)
මේ හොරකම් කරපු අයගේ නම් ගම දැනගෙනත් ඒවා හෙළි නොකිරීමෙන් ඔබතුමා කරන්නේ ජන්දය දුන් ජනතාවට ද්‍රෝහී වීමක් නේද? ඔබ රජයේ ඇමතිවරයෙක් විදිහට මේ අයට විරුද්දව කටයුතු කල යුතුයි නේද? ඔබතුමාලත් නිහඩනම් අසරණ ජනතාව කුමක් කරන්නද (දී)
ඒ කියන්නේ ඔහු ඇත්තෙන්ම කොමිස් අරගෙන නැතුව ඇති (නි)
ඔය හැම කෙනාම කොමිස් ගහනවා ජනතාව මුලා කරනවා !! යන්න හදනකොට සුදු රෙදි අදිනවා අපි නොදන්නා කොමිස් ??? (දී)
බලමු අභියෝගය කවුරුහරි භාරගනීද කියලා (නි)
ඇත්ත පිලි අරගන දේශපාලනයෙන් ඉවත් වෙනවා නම් ලංකා දේශපාලනයේ ලොකු වෙනසක් කල හැකියි. (නදී)
හිතට එකගව හිතට එකඟව මැති ඇමතිවරුන් දේශපාලනයෙන් සමුගත්තොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වහන්න වෙනවා.(අ)
ඒ කියන්නේ එතුමාට අවස්ථාවක් ලැබිලා නැද්ද? (අ)