IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


නාපොලි හොර වැඩක් අල්ලයි

ශ්‍රී ලංකාවට එවිමට සූදානම්කර තිබූ හාර්ලිඩේවිඩ්සන්,ඩුකාති,බිඑම්ඩබ්ලිව් ආදී අධිබලැති වටිනා  යතුරුපැදි කොටස් කීපයක් අඩංගු පෙට්ටි කීපයක් බහාලුමකට ඇතුළු කරද්දී ඉතාලියේ නාපෝලි නගරයේ කලාතා ග්‍රනීලී නම්වූ   වරාය කොටසේ දී නාපෝලි පොලීසිය විසින් සොයාගෙන ඇත.

තිස්හය හැවිරිදි ලාංකිකයෙක් ද, අසූ වියැති සහ තිස්නව වියැති නාපෝලිනගරයේ ඉතාලි ජාතිකයෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.

 පොලීසිය පවසන අන්දමට මෙම යතුරුපැදි සොරකම්කර හෝ  කොල්ලකා  කොටස්කර පෙට්ටිවල තැන්පත්කර ඇඳුම් සහ ආහාරයයි පවසමින් බහාලුම් මාර්ගයෙන් ලංකාවට යවා එහිදී නැවත යතුරැපැදි ව‍ශයෙන් සකස්කොට විකුණන බවයි.

පසුගිය දිනක උදෑසන හයයි තිහට පමණලොරියකින් විශාල පෙට්ටි කිපයක් බහාලුමකට තැන්පත්කරනු දුටු පොලීසියට මෙම සොරකම අල්ලාගැනිමට හැකිවීඇත. මෙහිදී ලාංකිකයා විසින්  සේවකයෙකුට යූරෝ දෙසීයක අල්ලස්  දී ඇති බවද සඳහන්වේ. අසුවියැති ඉතාලි ජාතිකයා නිවාස අඩස්සියේ තබා ඇත.



අදහස් (0)

නාපොලි හොර වැඩක් අල්ලයි

අනුර සිරිවර්ධන Sunday, 22 December 2013 03:54 PM

ඕකෙන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ නාස්ති වෙන්නේ නැහැනේ. කුඩු නෙවයිනේ. (ත)

:       0       0

පාලිත Sunday, 22 December 2013 05:03 PM

ලංකාවේ නම කනවා. රටටම කැළලක්... (ත)

:       0       0

සුමංගල - ඇල්පිටිය Sunday, 22 December 2013 11:55 AM

එහේ බයිසිකල් කෑලිත් අල්ලනවද ? ලියුම් ආවේ නෑ? (නදී)

:       0       0

ප්‍රමුඛ. Sunday, 22 December 2013 12:17 PM

බයිසිකල් කොටස් වලට ඒ වෙලාවේම ඉතාලි ජාතිකයෝ අත් අඩංගුවට ගත්තද?අපේ රටේ නම් හෙරොයින් කන්රෙනර් ගණන් ගෙන්වූ අයත් යහතින් ඉන්නවා.ඉතාලියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ත)

:       0       0

නිරංජලා. Sunday, 22 December 2013 12:26 PM

මේක අමාත්‍යංශ ලේකම් කෙනෙක් හරහා රේගුවට ලිපියක් යොමුකරලා නැතිනම් දුරකථන ඇමතුමක් දීල ගොඩින් බේරා ගන්න තිබුනනේ. මේ ක්‍රම දන්නේ නැත්නම් අපේ රටෙන් ඉගෙන ගන්න තිබුනනේ. (ත)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 22 December 2013 01:55 PM

ෂා..වැඩේ මාට්ටු නේද? (නදී)

:       0       0

දයාල්-ලංඩන් Sunday, 22 December 2013 02:10 PM

ඔය වැඩෙන් වෙන්නේ ලංකාවේ අයට ඉතාලි යන්න විසා ගන්න අමාරු වෙන එකයි.(නදී)

:       0       0

ධම්ම Sunday, 22 December 2013 02:14 PM

බෝට්ටුවෙන් හෝ කන්ටේනරෙන් ගිය කෙනෙක් වෙන්න ඇති. ඇයි ඉතින් මෙහෙ තැරවූකාරයින්ට ගෙවපු මුදල් හොයන්නත් එපායැ. (නදී)

:       0       0

ලංකා Sunday, 22 December 2013 02:16 PM

ඉතලියේ සිට ලංකාවට එන හැම කන්ටේනරයකම ඔය දේ සිද්ද උනා. දැන් දිගු කලයක සිට විස්කි ආවේ පෙට්ටි ගණන්. ලංකාවේ රේගුවේ සමහර අයට සල්ලි දුන්නම ඕන දෙයක් එලියට ගන්න පුළුවන් .(නදී)

:       0       0

කලන Sunday, 22 December 2013 02:33 PM

ජරා වැඩ කර ලංකාවේ නම කනවා. මේවගේ වැඩ කරන නිසා අපේ මිනිස්සු ගැන බලන්නේ වැරදි විදියට. (ත)

:       0       0

බණ්ඩාර - කුවේට් Sunday, 22 December 2013 02:34 PM

ලංකාවේ නමට හොඳ නෑ. නීත්‍යනුකූලව කරනවා නම් හොදයි. (ත)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 23 December 2013 05:38 AM

කන්ටේනරයටම රේගුවේ සමහර අය ගානක් කියනවා. මත් පැන් ටයර් වැනි දේවල් තියෙනවනම් ගාන ටිකක් සැරයි. එය දුන්නම කන්ටේනරය උඩින් පල්ලෙන් පරික්ෂා කර නිදහස් කරනවා. බැරි වෙලා වත් 'ලොක්කෙක්' අල්ලාගෙන රේගුවෙන් සහනයක් ගන්න හැදුවොත් මේ අය උදහස් වී නීතිය 'අකුරටම' ක්‍රියා කරනවා. එවිට විශාල මුදලක් බදු ලෙස ගෙවන්න වන අතර හිතා මතා පරක්කු කිරීම මගින් විශාල ලෙස ගුදම් ගාස්තුද ගෙවන්න වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 104 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 339 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 500 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 76 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 452 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 371 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site