IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


නාමල් එෆ්සීඅයිඩී නිලධරයකුට තර්ජනය කරලා

(ඉන්දිකා රාමනායක)

පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ඊයේ(15) මුල්‍ය අපරාධ  කොට්ඨාසයේ දී එහි  උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක්  ආරම්භ කර ඇති බව  එහි ආරංචි පවසයි.

ප‍්‍රකාශයක් ලබා ගැනීමට රෝහිත රාජපක්ෂ මහතා එදින පෙරවරුවේ  මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබියදී රෝහිත රාජපක්ෂ මහතාගේ සහායට  පැමිණ සිටි නාමල් රාජපක්ෂ මහතා මෙම තර්ජනය කර ඇති බවද පැවසේ.

මෙලෙස තර්ජනය කර ඇත්තේ   මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දක්ෂ විමර්ශන නිලධාරියකු වන  උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතාට බවද  පොලිස් ආරංචි කියයි.

කිෂ් ව්‍යාපෘතියේ  සිදුව ඇතැයි කියන මුල්‍ය අක‍්‍රමිතා සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින පරීක්ෂණ සිදුකරන්නේ ද ශාන්ත ලලිත්  මහතා බව පොලිසිය කියයි. 

උප පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත් මහතා මේ සම්බන්ධයෙන් සිය උසස් නිලධාරීන් දැනුවත් කර  ඔවුන්ගේ උපදෙස් මත පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇත.

 



අදහස් (29)

නාමල් එෆ්සීඅයිඩී නිලධරයකුට තර්ජනය කරලා

NIRESH Wednesday, 16 August 2017 04:36 PM

මෙයා ආයෙත් වැඩ පටන් ගන්නද යන්නේ. පරණ දේවල් අතාරින්න බෑ වගේ.

:       2863       2637

Ajith Wednesday, 16 August 2017 04:56 PM

බලය නැති විට මෙහෙම හැසිරෙනවනම් බලය තිබුනානම් කොහොම හැසිරේවිද? අපේ මිනිස්සු දන්නේ ජයවේවා ජයවේවා කියන්න පමණයි.

:       3596       3410

chandana Wednesday, 16 August 2017 06:00 PM

මේ අයව හිරේ දාන්න ප්‍රමාද wuණා. තව හිටියොත් මේ අය නිකන්ම නිවැරදි කාරයෝ වෙනවා

:       1356       1343

lalith Wednesday, 16 August 2017 06:22 PM

පොලිස්පති දැනුවත් කලානම් බය වෙන්න දෙයක් නැහැ.

:       168       331

JanakaThursday, 17 August 2017 12:05 AM

අනේද කියන්නේ.

:       2       42

jagath liyanageThursday, 17 August 2017 01:18 AM

එතුමා නීතිය නවයි ද දන්නේ නැහැ නේද?

:       3       11

පිටිගල මිලානෝ Wednesday, 16 August 2017 08:28 PM

හිස් ටින් එකක් වාගෙයි.....හිස් ටින් එකක් වගෙයි මගේ මේ ජීවිතේ...!

:       253       29

sugath sanjeewa Wednesday, 16 August 2017 09:26 PM

යහපාලනයේ තියෙන දුර්වලකම් නිසා තමයි මේගොල්ලො මෙච්චර දගලන්නෙ, මේඅයට තියෙන චෝදනා අපි වගේ පොඩි මිනිහෙක්ට තිබ්බානම්, ඇප නැතිව හිරේ.

:       128       112

ranavi Wednesday, 16 August 2017 09:53 PM

තව කොහෙද ආයෙත් බලය ලැබුණානම්?මේ අය පාරේ යද්දී කාටවත් එලියටවත් බහින්න වෙන්නේ නෑ.චන්ඩිකමෙන් රට පාලනය කරන්න හදන අප්පල පුතාල..

:       471       258

shyamaliThursday, 17 August 2017 08:49 AM

එතකොට දැන් ඉන්න අය එළිබහින්න දීලා වැඩි වෙලා වෙන්න ඇති ඔක්කොම අය පාරෙම ඉන්නේ? ඒ අය චණ්ඩි නම් දැන් ඉන්න අය තනි කකුලෙන් ඉන්න කොක්කුද?

:       9       140

sanju Wednesday, 16 August 2017 10:37 PM

කාට කියන්නද මෙව්වා. දෙවියන්ට විතරඊ කියන්න පුළුවන්. මේ තිරිසන් දේශපාලන සංස්කෘතිය කවද ඉවර වෙඉද මන්දා. අපේ චන්දෙන් ගිහිල්ල, අපේම සල්ලි හොරා කාල, අපිටම කරදර කරන දේශපාලුවෝ.

:       9       140

nicholas perera Wednesday, 16 August 2017 11:16 PM

ගහේ කටු උල්කරන්න ඕනේ නැ

:       42       122

sathyayaa Thursday, 17 August 2017 12:33 AM

මිනි මරන්න දරුවන්ව උනන්දු කරන ගැහැනියක් වුව මවක්ද වන බව ඇත්තක් නමුදු ඒ මවගේ කිරි බී හැදුන පැටියෙක් උස මහත් වන්නේ සර්පයෙක් ලෙසින්. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියල ගැමි වහරින් කිව්වෙත් ඔය ටිකම තමයි.

:       81       213

Nimal Thursday, 17 August 2017 12:59 AM

මේ මිනිස්සු කයිවාරුනම් ගහනවා ලෝකෙට ඇහෙන්න , නමුත් තැනකට ගිහින් හෙසිරෙන්න දන්නේ නෑ.මේ ය කෙදිනක හෝ බලයකට අවොත් කොහොමද අන් යට ආදර්ශ වෙන්නේ

:       29       153

jagath liyanage Thursday, 17 August 2017 01:15 AM

බලය නැති දවස් වල ඔය විදියට හැසිරෙනවනන් බලය තිබිච්ච දවස් වල මොනවා කරන්න ඇත්ද? එහෙමනං ඔය නිලදාරිය අඩි 4 ක් පොලව යට. නැත්තන් පවුලේ උදවිය සුදු වැන් එකකින් උස්සල.

:       57       169

sudesh Thursday, 17 August 2017 02:38 AM

රාජපක්ෂලා විතරයි තර්ජනය කරන්නේ, අනිත් අය තොත්ත බබාලා

:       30       573

shyamaliThursday, 17 August 2017 08:51 AM

අනේද කියන්නේ?

:       8       0

sanjeeva Thursday, 17 August 2017 03:50 AM

උපන් ගෙදර ජරා ගතිය අත් හරින්න බෑ

:       1051       846

chandana Thursday, 17 August 2017 03:54 AM

ලංකාවේ පොලිසිය ගැන කියල වැඩක් නැහැ, නාමල් තර්ජනය කියන සිද්දිය කෙසේ වෙතත් පොලිස්පති පූජිත ඉතාම අවනීත ලෙස ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියා කරුවෙකුට පහර දෙනවා එහෙව් පුද්ගලයෙක් නායකත්වය දරන පොලිසියේ ප්‍රකාශ කෙසේ පිලිගන්නද? මේ වගේ ප්‍රකාශ හොදයි රටේ නූගත් පාක්ෂිකයන්ගේ රස වින්දනය නැග්වීම සදහා පමණක්.

:       112       913

athuraThursday, 17 August 2017 05:08 AM

රජ කාලේ හිටිය විදිහට මෙයා මෙහෙම කලා කියල පිළිගන්න බැරි එකත් පුදුමයක්.

:       235       164

sudes Thursday, 17 August 2017 05:06 AM

බොහොම හොදයි ජනාධිපති තුමාට සහ අගමැති තුමාට කියන්න මෙයාලගේ පරීක්ෂණ තවත් ප්‍රමාද කරන්න කියල. මේ මිනිස්සුන්ගේ බොරු රඟ පෑම දැන්වත් නවත්වන්න ඕනේ ඒක නිසා මෙයාල කරපු දුෂණ වංචා එලියට දාල වැරැද්දට දඩුවම් දෙන්න. නැත්තම් මිනිස්සු මෙයාල කියන දේවල් විස්වාස කරලා අපහු මෙයාලට ජන්දය දීල පත් කර ගන්නවා සිකුරුයි.

:       35       122

පිටිගල මිලානෝ Thursday, 17 August 2017 05:37 AM

උප්පත්තියෙන් එන වැරදි හදන්න හරි අමාරුයි. අර කවුරුත් කියන විධියට නීති විභාගේ පාස් කරලා රෙදිත් ඇඳගෙන ඉන්න පුළුවන් නම් මේ දේවලුත් වැඩද?

:       412       168

ධම්ම Thursday, 17 August 2017 06:07 AM

ඡන්දෙන් දිනන්න හොරා සංකල්පය සමාජගත කළ අය දැන් ගලේ පහරපු බළල්ලු වගේ. ඡන්දේ දීපු අපි එළුවා පස්සෙන් යන හිවල්ලු වගේ. අඩුගනනේ මේ එක හොරෙක්වත් අල්ලලා හිරේ දායි කියලා බලන් ඉන්නවා.

:       2       16

tony-maharagama Thursday, 17 August 2017 06:15 AM

බලේ නැතුවම මේ උදවිය කොච්චර නම් දඟලනවද කියනෙකයි ප්‍රශ්නේ.

:       51       212

raj Thursday, 17 August 2017 07:18 AM

බබාලට නරක විදිහට එක එක ඒවා කියන්න එපා.

:       28       9

banda Thursday, 17 August 2017 08:10 AM

හොර මැරකම් වලට දඬුවම් දෙන්න ඕනෑ කාට වුණත්.. බලයේ සිටින්නන්ගේ දේවල් යට ගහන්නේ නැතිව... උදා- රවී කරුණානායකගේ බිරිඳට අල්ලස් චෝදනා නැතිවුණා වගේ..

:       0       55

Lanka Thursday, 17 August 2017 08:26 AM

හිතන් ඉන්නේ තාත්තා තාමත් ජනාධිපති කියලා වෙන්න ඇති.

:       61       6

Susil Friday, 18 August 2017 03:53 AM

නයින්ට කවද්ද හා පැටව් ඉපදුනේ ?

:       0       3

sathyayaa Sunday, 20 August 2017 11:32 PM

ඩුබායි ගිණුම් නැවත පන ගහගෙන එනවා වගේ. අනේ පව් ගඩාෆි. දෙවරකදී ගෙවූ ඩොලර් මිලියන 1250 ගඩාෆි ට ලොකු නොවුනට අපේ ලෝකල් හොරෙකුට ඒක ලොකු මුදලක්. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන දවසකුත් ඒවී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
2025 අප්‍රේල් මස 20 14 0

ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ


වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 224 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 67 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 578 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 292 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1357 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site