දෙහිවල සත්තු වත්තේ පුරප්පාඩු වී ඇති ‘නයි නටවන්නා‘සහ ‘අලි බලන්නා‘ තනතුරු දෙකට බඳවා ගැනීමේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් හයක් සමත්වීම අවම සුදුසුකම් දක්වා තිබීමෙන් එක් අයදුම් පත්‍රයක්වත් ලැබී නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා කියයි.
‘නයි නටවන්නා‘ වැනි රැකියාවලට පාරම්පරිකව ඉගෙනගත් පුද්ගලයන් මිස පාසල් ගොස් අවශ්‍ය සුදුසුකස් ඇත්තවුන් සිටිය නොහැකි බව ද ඇමැති පවසයි.
රාජ්‍ය සේවයට වුවද යම් යම් තනතුරු සඳහා බඳවා ගැනීමේදී පවතින අවම සුදුසුකම් තීරණය කිරිමේ දී සුදුස්සන් බඳවා ගැනීමේ දි ගැටලූ ඇතිවන බවද ඇමතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය පෙළ සමත් වනවා නම් හැමෝම හොඳයි, එහෙත් මෙවැනි වූ වෘත්තීන් ප්‍රශ්න පත්තරයකට උත්තර ලියු පමණින් ක්‍රියාත්මක කළ නොහැකි බව දැනගත යුතුය. ඒ අතින් බැලුවාම ඇතැම් උසස් උපාධි ධාරීන් පවා උගත් වුණාට බුද්ධි මට්ටමින් ඉතා පහත් (නි)
මේ සුදුසුකම සපුරන්න හමුදාවට කියලා. දැන් වෙලා තියෙන්නේ මේකේ අනිත් පැත්තනේ (නි)
අපිව නටවන්න නම් පාසලකට නොගියත් ප්‍රශ්නයක් නැහැ.සත්තු එක්ක වැඩ කරන්න එහෙම බැහැ.සත්තුන්ට මොලේ තියෙනවා කියලා මෙතුමන්ලත් පිළිගන්නවා එහෙනම්. (නි)
නයි නටවන්න,අලි බලන්න 10 පාස් කරන්න ඕනෑ වුනාට සමහර සංස්ථා වල සභාපතිකම් කරන්න,ඇමතිකම් කරන්න නම් 8-9 පාස් වුනහම හොදටම ඇති.ලංකාව කියන්නේ අරුම පුදුම රටක් වෙලා දැන්.ලෝකෙටම විහිලු සපයනවා. (නි)
ඒත් අර 9 පාස් වෙලා මොනවද කරන්න තමන්ගේ මුළු වැටුපම වියදම් කරන දේශප්‍රේමියාවත් නයි නටවන්න,අලි බලන්න තරම්වත් සුදුසුකම් සපුරාලා නැහැනේ. (නි)
මේකට මොනවටද සාපෙළ සමත් අය? (නි)
ඇත්තටම ඇයි දෙයියනේ දන්නේ නැද්ද ? නයි නටවන කට්ටියට අලුත් පත්වීම් හම්බවෙලා.කිසිම සුදුසුකමක් සහ උගත්කමක් අවශ්‍ය නොවන එකම රැකියාව එයාලා දැන් කරන්නේ (නි)
මේ විදියට ගියොත් පොල් කඩන්නත් උපාධි ඉල්ලයිද දන්නේ නැහැ (නි)
අතීතය ගැන බිඳක්වත් නොදන්නා අය දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉන්න රටේ, ඔය තනතුරට වැදගත් හැසිරීම විතරක් හොඳටම ඇති නේද (නි)
හරිම පුදුමයි, නයි නටවන්නත් සා.පෙ.ඉල්ලන රටේ දේශපාලනය කරන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් නොඉල්ලන එක. (නි)
සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් හයක් සමත්වී නැති කී දෙනෙක් දේශපාලනයේ ඉන්නවද? කව්ද ඒ අයගෙන් අවම සුදුසුකම් ඉල්ලන්නේ? (නි)
අනේ නීල් රනා මහදැනමුත්තා දැනමුතුකම් දාලා නේද?එයා හිතාගෙන ඉන්නේ එයාගේ අපබ්‍රංශ දැකලා එයාව බුද්ධිමතෙක් කියලා අපි හිතයි කියලා.පුළුවන් නම් මහදැන මුත්තේ, ගණිතයෙන් ලොව ජයගන්න ආකාරය පැහැදිලි කරන්න. (නි)
අපි සුදුසුකම් අඩු කරමු මේ සේවාවට බලපාන ලෙස, හැබැයි සමස්ථ රාජ්‍ය සේවයටම නොවේ. නැතිනම් කඩිමුඩියේ වෙනත් සේවාවන්ටත් බලපාන ලෙස නීති සංශෝධනය කරලා සිදුරු වලින් හෙංචයියන් රිංගවීමට උත්සාහ දරයි (අ)
නීල්රනා,ඔයාගේ ඔලුව හොඳ නැද්ද? මට දැනෙන විදියට ඔබට මොකක්දෝ මානසික ව්‍යාකූලතාවක් තියෙනවා. (නි)
අමාත්‍ය මණ්ඩලේ , කැබිනට් මණ්ඩලයේ වගේ තනතුරු වලටයි අඩුම ගානේ 8 වසරවත් සමත් විය යුතුයි කියලා අවම සුදුසුකම් දක්වන්න ඕනෑ (නි)
තනතුරට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් තීරණය කළ යුතුයි. අනිත් වෘත්තීන් වගේ කාර්මික විද්‍යාල වල මේවා උගන්නන්නේ නැහැනේ. මේවා පාරම්පරික වෘත්තීන් මිසක් තාක්ෂණික වෘත්තීන් නෙමෙයිනේ. (නි)
අනික ඔය කොච්චර සුදුසුකම් තිබුනත් මදි. අනුන්ගේ ගීත තනු වෙනස් කරලා කිසි රසයක් නැති වාදනයක් ගැහීමේ පළපුරුද්දක් ඕනෑ. මොකද දැන් ඉන්න නයි නටන්නේ බටහිර පන්නෙට (නි)
සත්තු පාලනය කරන්න අ.පො.ස. සාමාන්‍ය පෙළ, එතකොට රටේ හැම පළාතක්ම පාලනය කරන පලාබබ්බු වෙන්න තියන අධ්‍යාපන සුදුසුකම පාතාලයද? රටකට ගිය කලක්! (නි)
තාම හැබැයි ලංකාවේ හරක් බලාගන්න තනතුරු 225 ට නම් කිසිමඅධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැ...හොඳට බොරු කියන්නයි , බොරු පොරොන්දු දෙන්නයි දක්ෂ කම තිබුනම ඇති ...
නිල්රණා , මොකක් අංක ගණිතය සොයගතේ සහ ලෝකයට හදුන්වා දුන්නේ අරාබි වරු ඉතිහාසය පොඩ්ඩක් පෙරලා බලන්න. (අ)
නයි නැටවීම අහිගුණ්ටිකයන් කරන බොරුවකි. මෙවැනි වැඩ වලට ආණ්ඩුව යොමුවීම කණගාටුවකි.(අ)
කවර තනතුරක් සඳහා බඳවා ගැනීමේදී උවද සාමාන්‍ය පෙල ගනිතය සමත්ව තිබීම අනිවාර්ය කල යුතුයි. ශුන්යය හා අනන්තය ඇතුලත්ව විශ්වය බිහිවී ත්‍රීවෘත වීමෙන් අංක 1 සිට 9 දක්වා ලොවට හඳුන්වාදුන් ලාංකිකයන්ට වර්ථමානයේදීත් ලොව ජයගත හැක්කේ බුද්ධියෙන් පමණයි.(අ)
නටවන්නගේ සුදුසුකම් බලල වැඩක් නෑ, නටන්නේ නයානේ එයාගේ සුදුසුකම් බැලුවනම් හොදටම ඇති. එහෙම නැත්නම් අර නයි නලගනට කියල හොද පුහුණුවක් දුන්න නම් හරි මේ සරපයොන්ට. (අ)
සුදුසුකම් අවශ්‍ය නොවන්නේ දේශපාලනය කිරීමට පමණි , මිනිසුනේ සත්ව හිංසනයෙන් වලකින්න (අ)