(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අද 27 දින පැවති ආපදා පෙරහුරු වැඩසටහනක් අතරතුර සැබවින්ම එක්වරම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවක් සමග ඇති වූ නාය අවදානමක් හේතුවෙන් කොස්ලන්ද මාකල්දෙණිය ප්‍රදේශයේ පවුල් 106ක් ආරක්ෂිතව ඉත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම් .එල්. උදය කුමාර මහතා පැවසීය.

එම පවුල් 106කින් පවුල් 95 ක් කොස්ලන්ද ගණේෂා දෙමළ මහා විද්‍යාලයේ තාවකාලික කඳවුරකට යොමු කළ බවත් හල්දුම්මුල්ල දියලුම වත්තේ කඳවුරකට තවත් පවුල් 11ක් යොමුකළ බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීය.

මේ අතර හල්දුම්මුල්ල කළුපහන පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක් නාය ගොස් ඇති අතර එහි සිටි වයෝවෘධ කාන්තාවක් විගසින් ඉවත්කර ගැනීම නිසා කිසිදු අනතුරක් සිදුවී නොමැති බවද එම මධ්‍යස්ථානය පැවසීය.