
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය සහ දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම් 'CCC+/C' සිට 'B-/B' දක්වා ඉහළ නැංවීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings පියවර ගෙන තිබේ.
අභියෝගාත්මක බාහිර පරිසරයක් පැවතියද, ආදායම් වර්ධනය ශක්තිමත්ව පැවතීම සහ විදේශ සංචිත අඛණ්ඩව රැස්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සහ බාහිර තත්ත්වයන්හි සිදුවන වැඩිදියුණු වීම් වඩාත් තහවුරු වෙමින් පවතින බව S&P Global Ratings සඳහන් කරයි.
ආර්ථික වර්ධනය ඔරොත්තු දෙන සුළු මට්ටමක පවතින්නේ යැයිද එය රාජ්‍ය මූල්‍ය සහ බාහිර සංචිත ශක්තිමත් කිරීමට සහාය වන අතර රජයේ ණය සේවාකරණ අවදානම් සැලකිය යුතු ලෙස අඩු කරන බව අදාල ප්‍රකාශයේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd