(අංජුල මහික වීරරත්න)

“ලෝක බෞද්ධ සංඝ සම්මේලනය 60 වන සංවත්සරය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් කැලණිය නාගානන්ද අන්තර්ජාතික විශ්ව විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී හෙට (28) පෙරවරුවේ පැවැත්වෙි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60වෙනි සංවත්සර සමරු උලෙළෙ සඳහා ථේරවාද, මහායාන සහ වජ්රයාන බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවක භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සහභාගී වීමට නියමිතය.
මෙම සංඝ සම්මේලනය සඳහා ගිහි නියෝජිතයෝ 800කට ආසන්න පිරිසක් ද සහභාගී වෙති.
එසේම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව තිබේ.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම සංවත්සර සමරු උලෙළ දෙසැම්බර් 02වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සැමරුම් උත්සවයක් මෙරට පැවැත්වීමට ලැබීම රටට මහත් අභිමානයක් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම උලෙළ තුළින් ශ්‍රී ලංකාවේ සංවිධාන ශක්තිය සහ ආගන්තුක සත්කාරය ජාත්‍යන්තරයට විදහා දැක්වීමට අවස්ථාවක් උදාවන බව සඳහන් කළ ජනාධිපති ලේකම්වරයා, එය විදේශීය මහා සංඝරත්නය ප්රමුඛ ආරාධිත ගිහි නියෝජිතයන්ට පිරිනමන ගෞරවයක් ලෙස ද සැලකිය යුතු බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd