(අංජුල මහික වීරරත්න)

​2026 වර්ෂයේ සියලු ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය දෙසැම්බර් මස 04 වන සිකුරාදා දිනෙන් අවසන් වන අතර 2027 වර්ෂයේ නව පාසල් වාරය 2027 ජනවාරි 04 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

​ඒ අනුව, මෙම පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලු ම පාසල් අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු නියමිත කාලසටහන්වලට අනුව කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.