රංචුවේ සිටි වඳුරකු අල්ලා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගියැයි කියන සිද්ධියකින් පසු වැලිගම වල්ලිවල වැඳිරියන් රංචුවක් ත්‍රිරෝද රථ දහ අටකට පමණ පැන කැන්වස් ආවරණ ඉරා අලාභ හානි කැර ඇතැයි පොලීසියට පැමිණිළි කැර තිබේ.
දැනට පාසල් ශිෂ්‍යාවක ඇතුළු කිහිප දෙනකුම වැඳිරියන් විසින් සපාකන ළදැයිද පාසල් සිසුවියට මැහුම් තිස් නවයක් යෙදීමට සිදු වී යැයිද දැනගන්නට ඇත.
උගුලක් අටවා ත්‍රිරෝද රියකින් වඳුරා රැගෙන ගිය දෙදෙනකු ගැන තොරතුරු ලැබී ඇතැයි වැලිගම පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ වදුරෝද?(නදී)
රටේ වැරදි වැඩ කරන අනික් අයවත් මේ වැඳිරියන්ට අල්ලා දුන්න නම් හරි.(නදී)
අර පැත්තේ අලි මේ පැත්තේ වදුරෝ ...කොහෙන් කෙලවර වෙයිද මන්දා.(නදී)
කළු වඳුරා මාර වැඩකාරයෙක් වාගේ. ගෑනු ටික මාර ලව්.(නදී)
මේ ලෝකේ මිනිස්සු හිතාගෙන ඉන්නේ හැම දෙයක්ම තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා. මිනිසුන්ට වගේම සෑම සත්වයෙකුටම මෙලොව බුක්ති විදීමේ සම අයිතිය ඇතිබව සෑම මනුස්සයෙක්ම දැනගත යුතුයි , ඔබට කරදරක් නැතිව ඉන්න ඕනා නම් ඔබ අනුන්ට කරදර නොකර ඉන්න ,තමන්ට සුවසේ ඉන්න ඕනා නම් මෛත්‍රිය කරන්න , ආකල්ප වෙනස් කර ගැනීමෙන් ශාන්තිය ලැබේ. කරුණාකර සතුන්ට ඔහුන්ගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න. සැමට තෙරුවන් සුව.(නදී)
අර දෙන්නව අල්ලලා වැදිරියන්ටම දෙන්න,මොනවාද වෙන්නේ කියල බලමු ඒක පටිගත කරන්න බලන්න .(නදී)
වදුරා කියන්නේ බුද්දිමත් සතෙක්. මේ වගේ දේවල් වලින් පෙනෙන්නේ මිනිසාටත් වඩා බුද්දිමත් බව නේද ? (නදී)
වැඳිරිත් දන්නවා තමන්ගේ මිනිහගේ අගේ, ඒකට අපේ සමහර ගෑනු.(නදී)
මෙහෙන් අලි මෙහෙන් වදුරෝ ඊ ලගට පළාත් සභා දිනන අය බේරෙන්න ලැබෙන්නේ නැහැ (නදී)
නළුවෙක් වගේ වඳුරෙක් වෙන්ඩ ඇති.(නදී)
දැන් කාලේ අපේ එව්වොන්ට තිබිල නැති වෙලා ගිය තමන්ගේ එකා රැක ගැනීම, අපේ ආදී මුතුන් මිත්තන් ලග තවමත් පවතින එක ගැන හිතට හුගක් සතුටුයි. අර තුවාල උන දරුවට ඉක්මන් සුවය ලැබේවා.(නදී)
වඳුරු රංචුවක නායක වඳුරා නැතිවීම උන්ගේ පැවත්මට මුළු රැලටම සිදුවු විශාල කරදරයකි. පවුලක පියා නැතිවීමට සමානය. පිට රංවුවකින් පැමිණ ආධිපත්‍ය දිනාගන්නා ඊළඟ වඳුරා මුළු රැලේම සිටින පිරිමි වඳුරු පැටවුන් සපා කා මරා දමයි. මෙය වැඳිරියන් දන්නා බැවින් උන් ඉතා කුපිත වී මෙවැනි දෙයට පෙළඹේ.(නදී)
කොහොම හරි පැමිනිල්ල දැම්මා නේද පැහැරගෙන ගියා කියලා.(නදී)
සමිත, ඇයි ජෙලස්ද ? කොහොමද දකුණේ සමගිය.(නදී)
අර හැම එකටම අමුතු අදහස් දමන බන්දුල පෙරේරාගේ අදහස් මොනවාද දන්නේ නැහැ. මොකක් හරි ගොන් කතාවක් ලියයි.(නදී)
දකුණේ වදුරනුත් 'සුපිරි පොරවල්' නෙව. (නි)
ත්‍රී රෝද රථයේ හිටියෙත් වඳුරෝද? (නි)
වඳුරෝ මොකටද? ......ඔක්කොම වෙඩිතියලා දැම්ම නම් හරිනේ. (ස)
කොහොමද වඳුරු මොලේ.... (ස)
උන් කළ දේ වැරදි නැහැ (නි)
වඳුරාගේ අන්තප්පුරේ කට්ටිය වෙන්න ඇති.(නදී)
අපේ අය ළඟ නැති දේ, අපේ අයට බැරිදේ වඳුරෝ කරලා පෙන්නනවා. (ස)
වඳුරනුත් දැන් අයිතිවාසිකම් වෙනුවෙන් සටහන් කරන්න පටන්ගෙන. අවම බලය යොදන්න වේවිද ඉදිරියට? (ස)
අන්න බඩු !(නදී)
ෆිල්ම් එකක් ගහමුද " මන්කීස් එන්ජල්ස් " කියලා ?(නදී)
මහපොළොව අයිති අපිට විතරයි? ආදරය රැකවරනය ඕන අපිට විතරයි?(නදී)
අප බාලේ සිට පෙම් කල ගෲප් එකේ වඳුරු රජෝ.. බැඳි ආලේ නුඹේ රුවට නැහැ අමතක වෙන්නෙ රජෝ.. අද කාලේ අමාරුවෙන් හරි අප රැක ගත්තු රජෝ.. බොබ් මාලේ වගේ ඇවිත් අප සනසාපන්කො රජෝ..(නදී)
සතුන්ට හිරිහැර කරන අයට හොද වැඩේ.(නදී)
පැහැරගෙන ගිය වදුරා සොයා ගැනීමට වෙහෙසෙමු! (නි)
වඳුරු වැඩ කරන අය හින්දා, හානිය අහින්සකයන්ටයි. උගුල් අටවපු අය අල්ලලා උපරිම දඬුවම් දිය යුතුයි.(නදී)
තිරිසනෙකුට ඉන්න දෙන්නේ නැති මිනිස්සු! (නි)
නියම පාඩම! (නි)
තමන්ගේ ජාතිය රැකගන්න කරන දේවල්නේ.(නදී)
මී පැණි පොවලා වැදි සින්දුවක් නටාලා... (නි)
මිනිස්සු මිසක් සතුන් නෙමෙයි තිරිසන් වැඩ කරන්නෙ.(නදී)
තිරිසන් සතුන් තුල තිබෙන කණ්ඬායම් හැගීම මනුසතාටත් හොඳ ආදර්ශයක්.(නදී)
අහිංසක සත්තුන්ගෙන් හරි ගුටි කාල හැදෙනවා නම්.(නදී)
දැන් කාලේ අපේ එව්වොන්ට තිබිල නැති වෙලා ගිය තමන්ගේ එකා රැක ගැනීම, අපේ ආදී මුතුන්මිත්තන් ලග තවමත් පවතින එක ගැන හිතට හුගක් සතුටුයි. අර තුවාල උන දරුවට ඉක්මන් සුවය ලැබේවා..!!(නදී)