IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නායකයා පිළිබඳ තවමත් තීරණයක් අරන් නෑ

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය පිළිබඳව මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැති බවත් එය කමිටුවක් ලෙස සාකාච්ඡ කිරීමෙන් පසුව යුතු තීරණයක් බවත් ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති සනත් ජයසූරිය මහතා පැවසීය.

නව තේරීම් කමිටුව පත්වීමෙන් පසුව ඊයේ (30) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේදී පැවැති පළමු මාධ්‍ය හමුවේදී සනත් ජයසූරිය මහතා මෙසේ ද පැවසීය.

”තේරීම් කමිටුව පත්වුණා විතරයි වැඩ බාරගන්නේ හෙට” ”නායකයා පත්කිරීම පිළිබඳව කිසිම දෙයක් කථා කරලා නෑ. ක‍්‍රිකට් ආයතනයෙන් නායකයා පත්කිරීම් පිළිබඳව අපිට ක‍්‍රියාපටිපාටියක් ලබාදී තිබෙනවා ඒ අනුව අපිට සාකාච්ඡ කරන්න කාලය අවශ්‍යයි” යයි පැවසූ ජයසූරිය මහතා.....
”නම් කීපයක් කියවෙනවා, ඔවුන් අතුරින් ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉදිරියට ගෙනයන්න නායකයකු පත්කරනවා” යයිද පැවසීය.

ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වලට නායකයකු බැගින් දෙදෙනෙකු පත්කරන ලෙස ක‍්‍රීඩා ආමාත්‍යවරයා කළ ඇති ප‍්‍රකාශය පිළිබඳව තේරීම් කමිටු සභාපතිවරයා මෙසේ පැවසීය.

”එම යෝජනාව අමාත්‍යවරයාගේ අදහසයි”
”අතිතයේ ලැබූ අත්දැකීමවලින් ඒ අදහස අමාත්‍යවරයා ඉදිරිපත් කරන්න ඇති. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. තවත් අදහස් ඇති ඒ පිළිබඳව අපි සාකාච්ඡ කර තීරණය කරනවා” යයිද තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

තේරීම් කමිටුවේ සභාපති තනතුර අභියෝගාත්මක කටයුත්තක් බවත් ජීවිතයේ බොහෝ අවස්ථාවල පීඩනය යටතේ කටයුතු කළ තමන් මෙම රාජකාරිය ද හොදින් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත් ජයසූරිය මහතා පැවසීය.

”මම සභාපතිත්වය දරණ නව තේරීම් කමිටුව ගන්නා සියලූම තීරණ ශ්‍රී ලංකාවේ ක‍්‍රිකට් ඉදිරියෙන් තියන්න ගන්න ඒවා. දේශපාලනය මේකට සම්බන්ධ කරගතයුතු නෑ”
”ඇමතිවරයා මට සෑම විටම ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව ලබාදෙන බව මට විශ්වාසයි”

නව තේරීම් කමිටුවේ පූර්ණ කාලීන සාමාජිකයන් ලෙස හිටපු නායක හෂාන් තිලකරත්න සහ හිටපු වේග පන්දුයවන ක‍්‍රීඩක ප‍්‍රමෝද්‍ය වීක‍්‍රමසිංහ යන මහත්වරු කටයුතු කරති.

පූර්ණ කාලීන සාමාජිකයන් දෙපළට වයස 19 න් පහළ ක‍්‍රිකට්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ජාතික කණ්ඩායමේ පුහුණුවීම් ඇතුළු විශේෂ කාර්යයන් රැසක් පැවරීමට නියමිතය.
”මෙම තේරිම් කමිටුව පත්කර තිබෙන්නනේ පාසල් ක‍්‍රිකට් සිට ජාතික ක‍්‍රිකට් දක්වායි. මේ හැම තැනම ඉන්නවා සොයා නොගත් ක‍්‍රීඩකයන්. ඒ සඳහා අපි සෑම ක‍්‍රීඩා සමාජයකටම දන්වනවා ඔවුන්ගේ දක්‍ෂතම ක‍්‍රීඩකයන් 6 බැගින් නම් කර යොමු කරන ලෙස, එම ක‍්‍රීඩකයන් එක තැනකට ගෙනල්ලා පුහුණු සැසියක් පවත්වන්න අපේ සැළසුමක් තියෙනවා” යයිද තේරීම් කමිටු සභාපතිවරයා පැවසීය.

දක්‍ෂ පාසල් ක‍්‍රීඩකයන් හඳුනාගැනීමට ද තමන් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට අදහස් කර ඇති බව ද සනත් ජයසූරිය මහතා පැවසීය.

”මම මෙතට ඇවිත් ඉන්නේ ක‍්‍රීඩකයන් කීපදෙනෙකු ඉවත් කරනන්න නොවෙයි”
”ටෙස්ට් ක‍්‍රිකට්වලදී ඉදිරියට යන්න ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් අවශ්‍යයි. ජ්‍යෙෂ්ඨයන් නොමැතිව තරුණ ක‍්‍රීඩකයන්ට ඉදිරියට යන්න අමාරුයි මේ දෙපාර්ශ්ව මිශ‍්‍ර විය යුතුයි”
”2015 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම සකස් කිරිමේ අභියෝගය අපිට තියෙනවා’’
”අපි ක‍්‍රීඩකයන් සමග සාකාච්ඡ කරන්න බලාපොරොතත වෙනවා. කණ්ඩායමේ ක‍්‍රීඩකයන් අතර යාළු මිත‍්‍රකම් ඇති, රට ගැන හිතලා ලංකාවට ආදරයෙන් ක‍්‍රීඩා කළ යුතු බව කමිටුවක් හැටියට අපි ක‍්‍රීඩකයන්ට කියනවා” යැයි සනත් ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය. 

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ හිටපු නායක නව තේරීම් කමිටුවේ පූර්ණ කාලීන සාමාජික හෂාන් තිලකරත්න මහතා පැවසුවේ වසර ගණනාවක් ක‍්‍රීඩා කර ලබාගත් අත්දැකීම් අනාගත ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ලබාදීමේ අරමුණින් මෙම තනතුර බාරගත් බවයි.

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රිවරයකු වන හෂාන් තිලකරත්න මහතාට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාර ධූරය ලබාදීමට නම් දේශපාලනයෙන් ඉවත් වන ලෙස මීට පෙර හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයකු කළ බලපෑමක් පිළිබඳව කළ විමසුමකදී තිලකරත්න මහතා මෙසේ පැවසීය.

”මගේ දේශපාලන මතයේ වෙනසක් නෑ”
”පසුගිය කාලේ වැරදි පූර්වාදර්ශයක් දුන්නා. ක‍්‍රිකට්වලට දේශපාලනය සම්බන්ධකර ගැනීම අනවශ්‍ය දෙයක්, මගේ පරම වගකීම සහ යුතුකම ශ්‍රී ලංකාව ක‍්‍රිකට්වලට මගේ දැනුම ලබාදීමයි’’

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයකතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ 2009 වසරේ ක‍්‍රීඩා අමාත්‍ය අනුමැතිව ඇතිව තෝරාගැනීමේ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වන බවත් මේ දිනවල එය යාවත්කාලීන කිරීම සඳහා සාකාච්ඡ කරමින් සිටින බවයි.

නව තේරිම් කමිටුවේ සෙසු සාමාජිකයන් වන චමින්ද මෙන්ඩිස්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.  


සනත් ජයසූරිය මහතා මාධ්‍ය හමුව අමතමින්... ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර සහ තේරීම් කමිටු සාමාජික ඒරික් උපශාන්ත යන මහත්වරු ද මෙහි වෙති.
(ඡයාරූප: ජයමාල් චන්ද්‍රසිරි)  

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

නායකයා පිළිබඳ තවමත් තීරණයක් අරන් නෑ

මනෝජ් Thursday, 31 January 2013 06:50 PM

2015 ලෝක කුසලානය දක්වා ප්‍රවීනයන් කණ්ඩායමේ සිටිය යුතුයි. ඒ අතරතුර නවකයන්ට අවස්ථාව දීම ඉතා වැදගත් (ස)

:       0       0

නිසල් Thursday, 31 January 2013 09:07 AM

මහේල , සංගා තව ක්‍රීඩාකල යුතුයි (ස)

:       0       0

දසුන් Thursday, 31 January 2013 09:11 AM

සංගා සහ මහේල අනිවාර්යයෙන් කණ්ඩායමේ සිටිය යුතුයි. ඒ දෙන්නගේ සහයෝගය තරුණ ක්‍රීඩකයන්ට ලබා දිය යුතුයි. (ස)

:       0       0

රොෂාන් Thursday, 31 January 2013 09:17 AM

සනත් අයියා.... දේශපාලනයයෙන් ඉවත් වෙලා ක්‍රිඩාව වෙනුවෙන්ම කැප වුනොත් තමයි ගොඩාක් හොද..... මඩ ගොහොරු දේශපාලනය මහත්වරුන්ට ගැලපෙන්නේ නෑ නේද ? (ස)

:       0       0

දුසන්ත මාතර Thursday, 31 January 2013 09:28 AM

සනත් හෂාන් පාට කන්නාඩි වලින් තේරුම් කමිටුව දිහා බලන්න ඒපා සනත්ට රෝහණ දේශයේ සුභ පැතුම් (ස)

:       0       0

වරුණ Friday, 01 February 2013 11:36 AM

රොෂාන්, තව ටික දවසකින් බලන්නකෝ. (නි)

:       0       0

සමන් Thursday, 31 January 2013 02:51 PM

සනත්ව මට හොදයි දේශපාලනයට එන්න කලින් නම්. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 31 January 2013 10:39 AM

මෙතනට දේශපාලනය ගාව ගන්න එපා. එහෙම උනොත් අච්චාරු හැලියක් වේවි (ස)

:       0       0

ඩෑම් Thursday, 31 January 2013 10:41 AM

එක් එක් කෙනාගෙ දේශපාලන මත විවිධාකාර වෙන්න පුළුවං.. නමුත් ක්‍රීඩාවෙ සුගතියට එය බාධාවක් නොකරගත යුතුයි..!(නු)

:       0       0

විපුල Thursday, 31 January 2013 08:50 PM

එතකොට මැතිව්ස්ට දුන්නේ මොකක්ද? (නි)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 04:14 PM

පැහැදිලි සාර්ථක තීරණයක් ගන්න රට වෙනුවෙන් (ස)

:       0       0

අසංක Thursday, 31 January 2013 11:20 AM

සුභපැතුම් සනත්..!(නු)

:       0       0

යෝකර් Thursday, 31 January 2013 11:48 AM

රොෂාන් කිව්ව කතාව හරියටම හරි.. ක්‍රිකට්වලින් සමු ගත්තත් ලංකාවෙ ක්‍රිකට් අනාගතය ගැන හිතලා තමන්ගේ මව්බිමට දේශපාලනයකින් තොරව සේවයක් කරන අයට තමා නියම මහත්තුරු කියන්නේ..!(නු)

:       0       0

යසින්ත Thursday, 31 January 2013 11:49 AM

සනත් තමයි සුදුසු මොකද එයා හොද ක්‍රීඩකයෙක්..!(නු)

:       0       0

දිල්දු Thursday, 31 January 2013 04:18 PM

එල තමයි (ස)

:       0       0

සිල්වා Thursday, 31 January 2013 12:06 PM

මමනම් හිතන්නේ මෙතනට සුදුසුම කෙනා කැප්ටන් කූල් (ස)

:       0       0

රොෂාන් Thursday, 31 January 2013 04:40 PM

මොකද මේ අය කෑගහන්නේ සංගා සහ මහේල කණ්ඩායමේ ඉන්න ඕන කියලා.. කවුද කොහෙද කියලා තියෙන්නේ එයාලා අයින් කරනවා කියලා.. යන්නේ කොහෙද මල්ලෙ පොල්..!(නු)

:       0       0

උදේශ්වර Thursday, 31 January 2013 12:33 PM

ඇයි අපේ කැප්ටන් කූල් (ස)

:       0       0

යුතිල Thursday, 31 January 2013 12:36 PM

සුබ පැතුම් සනත් (ස)

:       0       0

වරුණ Thursday, 31 January 2013 12:54 AM

සංගා සහ මහේල නැතුව අපිට ලෝක කුසලානයක් ගැන හිතන්න බැහැ. (නි)

:       0       0

සුනිල් Thursday, 31 January 2013 01:28 AM

සනත් ගැන නම් අපිට අවිශ්වාසයක් නැහැ. (නි)

:       0       0

අනුර Thursday, 31 January 2013 02:58 AM

සුභ පැතුම්! (නි)

:       0       0

චමිල් Thursday, 31 January 2013 05:57 PM

දේශපාලන පක්ෂ ගැන අපට තින්දුවක් බැහැ .(දී)

:       0       0

වරුණ Thursday, 31 January 2013 07:48 AM

අර ලේකම්තුමාව යවා ගන්න බැරි උනානේ (නු)

:       0       0

කසුන් Friday, 01 February 2013 10:07 AM

කවුරු ආවත් කමක් නැහැ. අපේ කණ්ඩායම වෙනදා වගේම සෙල්ලම් කළා නම් මදෑ හොදටම. (නි)

:       0       0

ඉම්රාන් Thursday, 31 January 2013 01:31 PM

ඇයි මෙහෙම ක්‍රිකට්වලට කරන්නේ... ඇත්තටම සංගා සහ මහේල කණ්ඩායමේ ඉන්න ඕන.. ඒ දෙන්නගෙන් එක්කෙනක් නායකත්වය තව ටික කාලයට තමයි හොද එහෙත් අර්ජුන අරවින්ද මහත්තරුන් වගේ අය ගොඩක් සුදුසුයි කියලා හිතනවා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 49 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 865 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2764 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 2184 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 2691 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1361 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38951 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25525 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1035 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site