කමතේ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දෙමින් මාදුරුඔය මහවැලි ‘බි‘ කලාපයේ කිරි ඉතිරවීමේ මංගල්‍ය 26 වැනි දා උදැසන අරලගංවිල බෝගස්වැව වෙල්යායේදී සිදු විය. අරලගංවිල ගම් රැසක ගොවි,ගෙවිළියන්ගේ සහභාගිත්වයෙන් සිදුවූ මෙම කිරි ඉතිරවීමේ මංගල්‍යයේ දී වගාවට හා බිමට ජලය සහ වැසි ප්‍රාර්ථනා කර දේව කන්නලව්වක්ද සිදු කෙරිණි.
වියළි කාලගුණය නිසා ගංගා ඇළ-දොළ සහ වනාන්තර ආශ්‍රිතව ජල මුලාශ්‍ර සිඳී යාමත් සමඟ වන අලින් සහ වන සතුන් බීමට ජලය සොයා ගම් වැදීමට පටන් ගෙන ඇති නිසා ආරක්ෂාකාරීව දෛනික රාජකාරී කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීයෝ පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලා සිටිති.
දැඩි නියඟය නිසා ජලය නොමැතිව මනම්පිටිය ප්‍රදේශයේ ගඩොල් හා වේවැල් කර්මාන්තකරුවෝද දැඩි අසීරුතාවයට පත්ව සිටිති.වේවැල් පඳුරු විනාශවීම,ජලය නොමැතිව ගඩොල් කැපීමට නොහැකිකම නිසාත් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව තර්මාන්තකරුවෝ පවසති.
දිනෙන් දින නියඟය,ඉඩෝරය වැඩි වීම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7න් 6ක පවුල් 16,000ක පුද්ගලයින් 60,000 කට ආසන්න පිරිසක් ද පාසල් 30ක සිසුන් 12,000ක් පමණ පීඩාවට පත්ව ඇති බවත් ඔවුනට ජල බවුසර් 34කින් ජලය බෙදා හරින බවත් ආපදා කළමණාකරන සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකක් විඳින ජනතාවක් . ස්ථීර ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න .(ම)
කරාමය අැරියහම වතුර විසිවන වතුර මල යට කුණු සෝදන අපිට නුඹලාගේ පිපාසය මතකයට එන්නේම නැත ඉල්ලපං ඡන්දය වරෙන් මැතිසබයට බැස දියවන්නාවට පීන පීනා දියකෙලින්නට.(ම)
නියගය ඉක්මනින් නිම වේවා (ම)
මේ ගම්වල ජනතාවට නළ ළිං කිහිපයක් මඟින්වත් සුළු හෝ සහනයක් කරන්න බැරිවෙයිද? අපි කැමතියි උදවු කරන්න. (නි)
තවදුරටත් විල්පත්තුව වනසන්නට ඉඩදෙන්න
මේ දුක් විඳින්නේ අපි වැනිම ජනතාව නොවේද?