කොල්ලුපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් මුසම්දීන් මොහොමඩ් සියාම් පසුගිය මැයි 22 වැනිදා පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
මේ සම්බන්ධයෙන් සැකපිට සියාම්ගේ කිට්ටුම සගයකු බව කියන ව්‍යාපාරිකයෙක් ද, උප පොලිස් පරීක්ෂකවරයෙක් හා කොස්තාපල්වරු තිදෙනෙක් ද රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව ද කියයි.
රහස් පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතත් ගන්න වගේ හදන්නේ.(නදී)
ලද දෙයින් නොසතුටට පත්වූ මන්මුලාවූ මිනිස් හදවත නොමැරෙනා මිනිසුන් සතුන්මෙන් දිවිගෙවන්නේ ලොවේ දස අත කාගේ ගෙලමිරි කලා හෝ මම මාගේ මලුපුරවා ගනිමි සිත කරනජඩවැඩ කෙලෙස උසුලන් නේද දෙවියනි පොලෝ මිහිකත !(ස)
කුමාර, කවදා ඉඳන්ද ඔය වගේ විහිළු කරන්න පටන් ගත්තේ? හරියට ක්‍රියාත්මක වෙනවා නම් කෝ ඔය මැති ඇමතියන්ට එරෙහි දඬුවම්. දැක්කනේ පහුගිය ටිකේ වරද කරපු අයටත් සැලියුට් කරනවා. (නි)
අත්අඩංගුවේ ඉන්න අතරේ හැකිනම් මෙයාට පසුගිය දොරමඩලාව වැඩසටහන පෙන්නුවොත් වටිනවා. (නදී)
කෙවින් ජේ ආර් ජනපති තුමා මතකද ?(ස)
මේ වගේ රත්තරන් උසස් විම් දෙන්න වටිනා පුද්ගලයෙක්ටත් මෙහෙම සලකනවානම් අනිත් අයට මොන කතාද. මේ අයගේ ජීවිත පරිත්‍යාගයෙන් ඇති වැඩක් නැහැනේ.(නදී)
ඔබලා දැන් ද මේ ක දන්නේ. (ස)
පොලිසිය... ලංකාවේ පොලිසිය.... (නි)
සකල සිරින් පිරි සිරි ලංකාවේ අරුමැති දේ දැන් සිදුවෙන්නා හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙලු හෙට අනිද්දට තව වේවිද මොනවා (නි)
වාස් ව අත්අඩංගුවට ගත්තේ අනිත් පොලිස් නිලදාරීන්ගේ සාක්කි මතයි. එම නිසා ඔහුගේ සම්බන්ද තාවයක් තියනවා. (නදී)
මිනිසුන්ගේ හොඳ වගේම නරකත් තියෙනවා . සල්ලි වලට මරුන මිනිහත් ආසලු. නමුත් මේවගේ කෙනෙකුට විරුද්ධව මේවගේ දෙයක් වෙන්න අපි නොදන්නා දෙයක් තියෙන්න පුළුවන්. වාස් ගුනවර්ධන මහතා නිර්දොශි නම් ඒයා බියවිය යුතු නැහැ. (ස)
තවම ප්‍රශ්න කරනවා. වරදක් කරලා නොමැති නම් නිදහස්වෙයි. නමුත් ගලායන තොරතුරු අනුව නම් මේ අපරාදය පොලිස් නිලදාරීන් කරලා තිබෙන බව පැහෙදිලියි. කොහොම නමුත් මේ සිද්දියෙන් පොලිසියත් කප්පන් අරන් මිනිමරනවා කියල ඔප්පුවෙනවා. අපි කාගෙන්ද පරිස්සම් වන්නේ. (ස)
ගණන් ගන්න එපා. මේක සුඵ දෙයක්.(ස)
දාල තියෙන අදහස් දිහා බලපුවාම පෙනෙන දේ තමයි බොහොම දෙනෙකුට මේ සිදුවුණ දේ අදහගන්න බැරි බව. මහත්වරුනි, කෙනෙකුට බොරු චෝදනා කරන්න පුළුවන් නමුත් මිනිමරුමකට පටලවන එක ලේසි නැහැ. විශේෂයෙන් මේ මට්ටමේ කෙනෙක්. ඇස් ඇරගෙන බලා ඉන්න. ඉතා අමිහිරි සත්‍යය එළිවෙයි. (ස)
වාස් මහත්තයා ගම්පහට ආවා කිව්වහම රජ වෙලා හිටපු අය බලු කුක්කෝ උනා. මෙතුමා කවදාවත් ලොකු මිනිහගේ පැත්ත ගත්තේ නැහැ. පොඩි මිනිහට සාදාරණය ඉටු කළා. මම අත්දැකීමෙන් කියන්නේ. ගම්පහ පොලිසිය කියන්නේ ජරාව කන උල්පතක්. මම මගේ පවුල් ප්‍රශ්නෙකට පැමිණිල්ලක් දාන්න ගිහින් මගෙන් රු.දහදාහක් ඉල්ලුවා. ඉතින් මේ සේරම බය උනා වාස් මහත්තයා ආවහම. වාස් මහතාණෙනි, ඔබට ජය...! (ස)
මෙතුමා ගැන අහන්න ඕනේ කහවත්තේ? මෙතුමාගේ ධෛර්ය අගය කල යුතුය. පොලිසියේ කව්රුත් යන්න බැරි කියපු කහවත්තට මෙතුමා ගියා. මෙය කුඩු කාරයින්ගේ හා පාතාල දේශපාලනය කරන අයගෙන් මෙතුමාට අටවපු උගුලක්!(ස)
ආණ්ඩුව සරත් ෆොන්සේකාගෙන් වැඩ අරගෙන පැත්තකට දැම්මා වගේ, වාස් ගුණවර්ධනගෙනුත් වැඩ අරං පැත්තකට දැම්මා. (ත)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිලා නැද්ද අල්ලන්ඩ?(නදී)
මෙයා කොහොමත් එලියට එනවා.(නදී)
මෙයා මිනි මරනවා , ඒ මදිවට නියෝග දානවා පොලිසියට ගැහුවොත් වෙඩි තියනවා කියලා. (නදී)
මිනීමරුවන්ට සහයෝගය දෙන අයට හොදක් නම් වෙන්න එපා. කහවත්තේ රගපාපු ෂෝ එක අපිත් දන්නවා.(නදී)
මේ අභීත පොලිස් නිලදාරියා නොවෙන්න කහවත්ත අරාජිකයි (නි)
ඔය මනුස්සයාව අරන් ගියේ සැකපිට. නැතුව ඔප්පු වෙලා නෙමෙයි. නිකම් බොරුවට මිනිස්සුන්ටචෝදනා නගන්න එපා. සමහර පාර්ලිමේන්තුව නියෝජනය කරන පෙනී පෙනී මැරුවේ. ඒවාට කතා නැහැ. හොරකමට අත් පය කපන නීතියකුයි, මිනී මැරුමට සහ ස්ත්‍රී දූෂනයට ප්‍රසිද්දියේ හිස ගසා දාන්න ඕනේ. එතකොට මේවා ටිකක් අඩුවෙයි.(නදී)
ලසන්ත ගඩාෆි කියන්නේ තමන්ගේ නිල බලයෙන් අනවසරයෙන් ඩොලර් කොටි ගානක් උපායා තම පවුලේ නෑයන්ට සමග බෙදාගෙන කෑ, ඒකාධිපතියෙක්. ජේ.ආර් ඝනයට වැටෙන්නේ නැහැ , නමුත් ඊට පස්සේ ආපු කට්ටියට නම් ඒක ටිකක් ගැලපෙනවා.(නදී)
ලසන්ත, ගඩාපි සමග ජේ ආර් ජනාධිපති සසදලා තියෙන්නේ මොන ආකාරයටද? ගඩාපි හිතුවේ මට සල්ලි තියනවා, බලය තියනවා, මම ලෝකෙට නය නැහැ, හමුදාව මගේ අතේ කියල. ඉතින් ඔහු ඔහුට කැමති ආකාරයට එකාදිපති පාලනයක් ගෙන ගීයා. අන්තිමට කුණු කානුවක තිබිල ඔහුගේ මල කද හමු උනා.(නදී)
වාස් ඔබට ජය !(නදී)
සනත් කියූ දෙය හරි. (ත)
කහවත්තේ කාන්තාවන්ගේ මරණ බිය නැති කරපු එකට ද මෙයාට මෙහෙම කරන්නේ? (ස)
මෙතුමා නිසා ගාල්ලේ භිෂණය, රත්නපුර භිෂණය නැති උනා , මෙතුමාගෙන් වැඩ අරන් දැන් බොරු ප්‍රශ්න වලට පටලවන්න හදනවා, ම්හතයෝ බය වෙන්න එපා දන්නා සියලු දෙයක්ම හෙළි කරන්න.(ස)
''ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී'' නැතුව 'අධම්මෝ භවේ රක්ඛති දේශපාලු' කියන එක පොලිසියේ ආදර්ශ පාටයට සුදුසු කාලය ඇවිත්. (ස)
මෙයා ලොකු මිනිහෙක්නේ, ලොකු අය එක්ක සම්බන්ධයකුත් තියනවානේ, අපි මේකත් යට ගහමු. නැත්නම් තව විස්තර හෙලි වෙයි නේද?(නදී)
වැටයි නියරත් ගොයම් කයි නම්.(නදී)
පොලිසිය මිනී මරති, විනිසුරුවරු පගා ගති, හාමුදුරුවරු කඩවලට ගල් ගසති, ඇමතිවරු මිනී මරති, කුඩු ගෙන්නති, රට වෙනුවෙන් සටන් වැදුණු විරුවන් හිරේ යති, මේ අපගේ උතුම් රටයි. අපි ඉපදෙන මැරෙන රටයි.(නදී)
නිසි දඬුවම් ලැබේවා.(ස)
කුමන්ත්‍රණයක් ? (ස)
අද නීතියට වැඩක් කරන අයට තැනක් නැහැ. හැම දෙයක්ම මුදලට සහ දේශපාලනයට යටයි (නි)
පොලිසියේ නම් කවුරු වුණත් ෂුවර් නැහැ කියන්නේ ඒක තමයි (නි)
කෙවින්ගේ අදහස වැරදියි. ඔය තියරියට අනුව එහෙනම් හැමෙදෙනාටම කළකම් පලදෙන්න ඕනෑ. ඒත් එහෙම වෙන්නෙ නැහැනේ. එහෙම අයට ඊලග ආත්මේ පලදේවී කියා අපි හිත හදාගෙන වැඩක් නැහැ.මොකෝ අපි ඇස් දෙකින් දකිනවයෑ. (නි)
මෙතුමාට පෙර වැරදි තියෙනවාද? (නි)
අප නම් මොහු ගැන අසා ඇත්තේ යහපත් දේය . ඒ අනුව මගේ දැඩි විශ්වාසය නම් මෙය මෙසේ නොවියයුතු බවයි (නි)
නිවැරදි නිගමනයක් එනකන් අපි බලාගෙන ඉන්නවා. (නි)
මේ ලස්සන රට කිසිම විනයක් නැති රටක් බවට පත් කළෝහු කවුරුද සොයා එම අයට දඬුවම් කිරීමට කල පැමිණ ඇත (නි)
අරුම පුදුම දේවල්නේ හෙලදෙරණේ සිදුවෙන්නේ. අපි ලංකාවේ ජාත්‍යන්තර පොලිසියක්වත් පිහිටවමුද? (නි)
අපේ රට ඉවරෙටම ඉවරයි. මේවට වග කියන්න ඕනෑ දූෂිත දේශපාලකයන්ට ඡන්දෙ දුන් ජනතාවම තමයි. මට දුක ඉපදෙන අළුත් පරපුර ගැනයි (නි)
වරදක් කළා නම් දඩුවම් ලබනු ඇත (නි)
හැම දෙනාම දැනගන්න ඕනේ බලය තියනකොට මොන දේ කලත් කල කම් පළදෙනවා කියල. එහෙම උනේ නැත්නම් මේ වගේ පිරිසුදු බුදු දහමක් මෙපමණ කලක් පවතින්නේ නැහැ. හැම පාලකයෙක්ම තමන්ට බලය අහිමි වෙලා යනවා කියල හිතන්න. (ත)
කියන්න දෙයක් නෑ. මේ මනුස්සයා හිටියොත් කොළඹ කුඩු කාරයන්ට, මිනීමරුවන්ට වැඩේ හම්බෙන නිසා තමයි ඇතුළෙන් වැඩේ දෙන්නේ. කොටකෙතන මිනීමරුවන් අල්ලලා දුන්නට වාස් මහත්තයා එක්ක ලොකු තරහක් තියෙන්න ඇති. ප්‍රාදේශීය සභාවල ඉන්න මිනීමරුවො, ඡන්ඩි, කසිප්පුකාරයො ඔක්කොම වස් එකක් තරහ ඇති. මෙචේචර අපරාදකාරයොන්ව අල්ලලා දුන්නු වාස් මහතාට මෙහෙම නම් තව කුමන කතාද? (ත)
මෙතුමා ගැන ගුණ කතන වයපු අය කෝ. එහෙමත් නැතිනම් මෙතුමාව ඉවත් කරන්න අටවාපු ගුදුවක්ද මේ? (ත)
තව ටික දවසකින් මැති ඇමැතිගොල්ලන්වත් අත්අඩංගුවට ගනීවිද දන්නේ නැහැ නේද? (ස)
තාරකාව දීප්තියෙන් වැඩිවෙමින් අහසේ දිදුලනවිට, ඉඳ හිට එය වසමින් ගමන් කරන වලාකුල් ගැනද නොතකා සතුටින් බලා සිටියෙමි. අහෝ, මා ඇස් දල්වා බලා සිට ඇත්තේ දිදුලන තාරකාවක් දෙස නොව ග්රාහකයකින් ගැලවී ඉවතට විසි වූ ගිනියම් වූ ගල් කැබැල්ලක් දෙස වීම කොතරම් ඛේදයක්ද? (ත)
රහස් පොලිසියට කරදයක් නැතුව පරීක්ෂණ කරගන යන්න ලැබේවා කියා ප්‍රර්ථනා කරමු !!!!! (ත)
අපේ රටට මොකද මේ වෙන්නේ? විනිසුරු වරුන් , ඉහල පොලිස් නිලධාරින් වැනි අයටත් ලැබෙන වැටුප හොඳින් ජීවත් වෙන්න මදි වගේ... (ත)
බය වෙන්න එපා. ඔබතුමා ශක්තිමත් වෙන්න (නි)
මේක මෙතුමාත් එක්ක තරහට කරපු දෙයක්. එක පාරක් ඉවත් කරන්න ගියා හරි ගියේ නැහැ. ඔන්න අපේ රටේ නිතිය.(ස)
එක පාරකුත් ප්‍රශ්න කළා නේද ලඟදි? එතකොට මේ දෙවැනි වරද? (නි)
මෙච්චර අපරාදකාරයොන්ව අල්ලලා දුන්නු වාස් මහතාට මෙහෙම නම් තව කුමන කතාද?(නදී)
මේක කුමන්ත්‍රණයක්.මේ මනුස්සයා ගම්පහ හදන්න හදපු එකට විරුද්ධව කරන වැඩක්ද කොහෙද මේ. (ත)
අපි දන්නේ කොහොමද එතුමාගේ අභ්‍යන්තරය ගැන? බලාගෙන ඉදිමු මොකද වෙන්නෙ කියලා (නි)
එතුමා කැලණිය බස්නාහිර උතුර නැතුව වෙනකොහේ හරි හිටියනම් ඕක වෙන්න නැහැ. කඩේ ගියානම් ඕක වෙනන නැහැ. අනාගත පොලිස්පති වන්න හිටිය කෙනා . (ත)
මොනවා කියන්නද?ලංකාවේ මොනවා ගැන හිතල හිත හදාගන්නද? මේවා අහන කොට ලංකාව තවත් එපා වෙනවා. මෙහෙටම වෙලා ඉන්න හිතෙනවා. ලංකාව මොන තරම් පිරිහුනු රටක් වෙලාද දැන්? (ස)
නිගමනය ආමරුයි. ඒත් ඇතුලේ ඉන්න පොලිස් කට්ටිය කියාවි ඇත්ත. ජනාධපතිතුමනි, ඔබ තුමා ගැන අපට විස්වාසයක් තියෙනවා හරි දේ කරාවී කියලා. බලය ගැන නොහිතන්න.(නදී)
තවත් ප්‍රශ්න තියෙනවද අපි දන්නේ නැහැ. මොනවා උනත් එතුමා කරපු වරද කොන්ද කෙලින් තියාගෙන කතා කරපු එක.මේක ශ්‍රී ලංකා ක්‍රමය. (ස)
ලසන්ත, ගඩාෆිට උන දෙය මතකද? (ස)
ආරේ ගුණ නෑරේ වගේ පොලිසියෙ කිසිම කෙනෙක් හොඳ නෑ. මම අත් දෑකීමෙන් කියන්නෙ.(ස)
මේ සේරටම මුල තන්හාව, සල්ලි ! සල්ලි ! සල්ලි ! (ස)
සමන්ත වගේම මමත් කියන්නේ. පැහැදිලි අනාතගයක් තිබුණු කෙනෙක් මෙයා. වාස් ගුනවර්දන කියන්නේ කෝටි5 ක් අතේ තිබ්බත්, නීතිය සත්‍ය වසන් කරන පුද්ගලයෙක් නෙමෙයි. එයාට ගසා කන්න ඕනෑ නම් එයා දිවා රෑ වටිනා කාලය වැයකරලා මහා පොලවට පස්වෙච්චි කිසිම සාක්කියක් ඉතිරි නොකර ගිය මිනීමරුවෝ පස්සේ ජීවිතේ පරදුවට තියලා ඔවුන්ව ලුහුබැදලා නීතියේ ඉදිරියට ගෙනැල්ලා දෙන්න ජීවිත කාලයම වැය කළේ මොකටද? අවංක පුද්ගලයෙක්. අති දක්ෂ නිලධාරියෙක්. මේ සාධාරණ සැබෑ යුත්තිගරුකව වැඩ කරන ,දේශපාලන අතකොළුවක් නොවෙන,කොන්ද කෙලින් තියාගෙන වැඩකරන මිනිසෙක්. (නි)
ඉස්සරත් මෙවැනි දේවල් කෙරෙන්න ඇති. නමුත් දැන් ආරක්ෂක අංශය ශක්තිමත් නිසා ලොකු ලොක්කෝ පවා අහුවෙනවා (නි)