IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නයිජීරියානුවා ව්‍යාපාරිකගේ කනෙන් රිංගයි

ලන්ඩනයේ ලොතරැයියකින් පවුම් ලක්ෂ හතරහමාරක් (රුපියල් කෝටි 153) ඇදී ඇතැයි වැල්ලවත්තේ ව්‍යාපාරික ශ්‍රී රාමචන්ද්‍ර ශ්‍රී කරන්ගෙන් කුරියර් ගාස්තු වශයෙන් ඇමෙරිකා ඩොලර් 1000ක් (රුපියල් 135000) වංචා කළැයි කියන නයිජීරියා ජාතික ක්ලින්ච් ක‍්‍රිස්ටියන් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ලොතරැයි දිනුම ඇදුණු බවට ඊමේල් ලිපියකින් දන්වා ව්‍යාපාරිකයාගේ තොරතුරු ගෙන තෑගි මුදල එවීමේ කුරියර් ගාස්තු ලෙස ඩොලර් 1000ක් කොළඹ තරු පහේ හෝටලයකදී ඔහුගෙන් ලබාගත් බව කියන මෙම නයිජිරියානුවා මෙවැනි දේ කරන්නෙකියි රහස් පොලිසිය සැකකරයි.



අදහස් (0)

නයිජීරියානුවා ව්‍යාපාරිකගේ කනෙන් රිංගයි

ගිහාන් Thursday, 12 July 2012 09:19 AM

සල්ලි හම්බ වෙන වැඩක් කිවුවම මොළේ අවුල් කර ගන්නේ නැතුව දෙපාරක් හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න මේ සිද්ධිය හොද උදාහරණයක්

:       0       0

ෆාරු Wednesday, 11 July 2012 05:57 PM

ඔන්න අල්ලගන්නව නම් ඕනතරම් කලු සල්ලි

:       0       0

හනුමා Thursday, 12 July 2012 09:13 AM

කිව්වට අහන්නේ නෑනේ..වැඩි තන්හාවට ගිහින් අතේ තියෙන දේත් නැති කර ගන්නවා...

:       0       0

hauma Thursday, 12 July 2012 09:51 AM

කිව්වට අහන්නෙම නෑ වැඩ තන්හාවට ගිහින් ආතතිය නැති කර ගන්නවා

:       0       0

දයා,saudi Wednesday, 11 July 2012 05:50 PM

ව්‍යාපාරික මහත්තයා කොණ්ඩේ බැදලද ඉන්නේ?

:       0       0

අනුර Wednesday, 11 July 2012 06:10 PM

ඔය වගේ දේවල් අපිටත් කොයිතරම් එනවද? අපි මොළෙයි පාවිච්චි කරන්න ඕනි

:       0       0

ෆස්ලි ෆෛසල් Wednesday, 11 July 2012 06:18 PM

නෛජීරියව ලෝක ප්‍රකට අන්තර්ජාල මගඩි වලට සම්බන්ද රටක් කියල දන්නේ නැද්ද?

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමි Thursday, 12 July 2012 10:40 AM

මේ ව්‍යාපාරිකයා හරක් ව්‍යාපාරයද කරන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ

:       0       0

පෙරේරා Thursday, 12 July 2012 11:03 AM

මෙයා බිස්නස්කාරයෙක්නම් වෙන්න බෑ..

:       0       0

පෙරේරා Thursday, 12 July 2012 10:24 AM

මෙයා බිස්නස්කාරයෙක් නම් වෙන්න බෑ

:       0       0

චන්ද්‍රසිරි-saudi Wednesday, 11 July 2012 07:36 PM

අපි හැමෝටම ඔහොම මේල් එනවා.සමහරු රැවටෙනවා.ඒ අයට දැනුවත් වෙන්න මේක හොද ප්‍රවෘත්තියක්

:       0       0

විමලධම්ම හාමුදුරුෙවා Wednesday, 11 July 2012 08:13 PM

දැන් අන්තර්ජාලය හරහා සිදුකරන හොර වැඩවල එක් උපක්‍රමයක් මේක. ඒ නිසා මෙවැනි දේ වලට අසුවෙන්න එපා

:       0       0

සෙනරත් Thursday, 12 July 2012 10:54 AM

නයිජීරියානුවො කරන්නේ ඔහොම වැඩ තමයි.කතාවෙන් නම් හරි කරුණාවන්තයි.නමුත් ලෝක හොරු

:       0       0

අමිලා කටුනායක Wednesday, 11 July 2012 08:23 PM

කොට්ටෝරුව ගේ හොට පැටලිලා

:       0       0

සුමිත් Wednesday, 11 July 2012 07:56 PM

මෙවැනි මුදල් ගැරීමේ උත්සාහයන් ඊමේල් හරහා නිබඳව සිදුවෙමින් පවතින දෙයක්. පුවත් පතක් හෝ රූපවාහිනී නාලිකාවක් මගින් විශේෂයෙන් ම ඊමේල් භාවිතා කරන ජනතාව වෙනුවෙන්ම පිළියෙල කළ ලිපියක් හෝ වැඩසටහනක් තුළින් ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කර තිබීම කාලීන සමාජ මෙහෙවරකි.

:       0       0

හෙළයා Thursday, 12 July 2012 11:41 AM

මටත් ඔය විද්‍යුත් තැපෑල ලැබුන. පවුම් මිලියනයක් ඇදිල කියල. එය මගේ ගිණුමට එවීමට පවුම් 200 ඔවුන්ගේ ගිණුමට එවන්න කියල. හැබැයි ඔය පණිවුඩේ එවපු එකා දන්නේ නැහැ මම දකුණේ කොල්ලෙක් කියල. මම කියල යැව්වා මට මිලියනයක් ඇදිල තියන නිසා එකෙන් පවුම් 200 අරගෙන ඕනිනම් තව පවුම් 300 එයාලගේ ආයතනය වෙනුවෙන් අරගෙන ඉතුරු ටික එවන්න කියල. ඊට පස්සේ මට කිසිම ලොතරැයියක් ඇදුනේ නැහැ.

:       0       0

රජිත් මංජුල Wednesday, 11 July 2012 09:17 PM

සල්ලි තිබුනට මොලේ ගන්න බෑ

:       0       0

රත්නායක Wednesday, 11 July 2012 08:40 PM

නයිජීරියාවේ මෙවැනි වැඩ හරියට වෙනවා කියලා ලාංකිකයෝ දන්නවා නේද?

:       0       0

විරාජ් Wednesday, 11 July 2012 09:24 PM

ඒ ඊ-මේල් ස්පෑම් කරන්න

:       0       0

අනු Wednesday, 11 July 2012 09:33 PM

Yahoo/msn එකෙන් දිණූමක් ඇවිල්ලා කියලා මටත් ආවා ඊ-මේල් එකක්.අපි අහුවෙයි ඕවට

:       0       0

podi lamaya/ london Wednesday, 11 July 2012 09:42 PM

ආපහු විදේශ විනිමය වරද්දල, මීට කලිනුත් දවසක යුරෝ වල වරද්දල දාල තිබින. දැන් පවුමවල

:       0       0

පිලිපිනෝ Wednesday, 11 July 2012 10:43 PM

මේක නම් විස්වාස කරන්න අමාරුයි ..ඔන්න ලංකාවේ කෙනෙක් නෛජිරියනුවකුගේ කනෙන් රිංගයි කිව්වා නම් වැඩේ අනිවාර්යයි ...

:       0       0

ධනංජය Thursday, 12 July 2012 02:51 AM

නයිජීරියානුවො ඔය වගේ වැඩ දරුණුවටම කරනවා.මටත් ඊ-මේල් දෙකක්ම ආවා

:       0       0

සේනක Thursday, 12 July 2012 04:18 AM

ඔහුව නිදහස් කරන්න එපා.මේ මෙවන් පුද්ගලයෙක් හමුවූ පළමු වතාවයි.ඔහු මාර්ගයෙන් මේ පිටුපස සිටින අනික් පුද්ගලයින්වද අල්ලා ගන්න උත්සාහ කල යුතුයි

:       0       0

නුවන් Thursday, 12 July 2012 06:02 AM

පවුම් ලක්ෂ 4.5ක් කියන්නේ රුපියල් කෝටි 10කටත් ආසන්න මුදලක්

:       0       0

ප්‍රභාත් Thursday, 12 July 2012 08:21 AM

දවසකට ඔය වගේ ඒවා එක්ක දෙකක් එනවා.අහු වෙන්න නම් එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 200 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 461 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 341 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 977 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 99 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 208 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site