(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පොලිස් ස්ථානවල පවතින කල් ඉකුත් වූ කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
කඳුළු වායු කිසිවිටකත් පාවිච්චි නොකරන බවත් ඒවා අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත් පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීහු එම කමිටුවට මෙහිදී පෙන්වා දුන්හ.
එසේම කඳුළු ගෑස් මහජන කැරලි කෝලහල පාලනයේදී ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව යොදා ගැනීම සම්බන්ධයෙන්ද වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
මේ අතර අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට පත්වීමට කාන්තාවන් සදහා අවස්ථාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මෙහිදී පැවසීය.
ඒ අනුව කාන්තා පොලිස්පතිවරියක අනාගතයේදී බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇතැයිද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
රජු ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.
පොලිස් නිලධාරීන්ගේ භාෂා කුසලතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබදවද මෙහිදි විශේෂ අවධානය යොමුවිය. දමිල සහ ඉංග්‍රීසි භාෂා කුසලතාව පොලිස් නිලධාරීන්ට ලබා දීමේ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ. එම කටයුතු වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නරක්වූ කඳුළු ගෑස් විනාශ කිරීමට නියෝග
චන්දන Saturday, 29 April 2023 12:37 PM
දැන් මැවිලා පේනවා නේද කල් ඉකුත්වූ, කඳුලු ගෑස් පහුගිය දවස්වල එළියට ආවා කියලා...