රජයේ හෝ පෞද්ගලික ඉඩම් විදේශිකයින්ට විකිණීම තහනම් කිරීමේ යොජනාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.මේ අනුව තෑග්ගක්,විකිණීමක්,ප්‍රදානයක් ආදී කවර ආකාරයකින් හෝ විදේශිකයෙකුට සිදුකෙරෙන ඉඩම් පවරා දීමක් මින් ඉදිරියට නීතියෙන් තහනම්ය.
විදේශීය සමාගමක සහසමාගමක් වන ශ්‍රී ලාංකාවේ පිහිටන සමාගම් වලටද මෙය බලපැවැත්වෙනු ඇත.අදාළ ශ්‍රී ලාංකික සමාගමේ විදෙස් සමාගමට අයත් කොටස් ගණන සියයට පණහට වඩා වැඩි නම් ඉඩම් පවරා ගැනීමට විශේෂ අවසරයක් ලබා ගත යුතුය.
විදේශිකයින්ට ඉඩම් ලබාගත හැකි වනු ඇත්තේ බද්දට පමණි.ඉඩම් හිමියන්ට අවුරුදු 99 ක උපරිම කාලසීමාවකට යටත්ව ඉඩම් බදු දීමට අවසරය ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිතිය ඉතාම කාලෝචිත එකක්. අපේ රට පුංචි නිසා ඉඩම් පරිස්සම් කරගන්න එක හොදයි. මතක නේ "ගෙරි සමක පමණ ඉඩම් කැබෙල්ලක් කොළඹින් ඉල්ලා ගත්තු පෘතුගීසින එක විශාල කරලා කොටුව හදපු කතාව" මේ තීරණයෙහි අවුරුදු 99 අවුරුදු 50 ට වන ලෙස සංශෝධනය කරන්න ට පුළුවන් නම් වඩාත් හොදය. අවුරුදු 99 කියන්නේ දල වශයෙන් පරම්පරා 03 ක් ජීවත් වෙන කාලයක්. වෙන රටවල් කරන විදියට විකුනන්න ඉඩම් අපිට නැහැ. ප්‍රශ්නයක් අවොත් එක විසදගන්න ආර්ථික, යුදමය, ශක්තීන් ද අපට නැහැ. අපි කලොත් දහසක් චෝදනා බටහිරින් අපට. ඒ නිසා මේ නීතිය ශ්‍රී ලංකාවවට උචිතය (නි)
මේ තීරණය කොටි හිතවාදීන් ඔවුන්ගේ වාසියට හරවාගන්න ඉඩ තිබෙනවා. ඔවුන් කියාවි අපි ජාතිවාදියෝ කියලා ලංකවේ ඉඩම් මිලට ගැනීම ලංකාවේ උපත ලබපු අයට සහ පියා හෝ මව ලංකාවේ උපන්න අයට සීමා කරන්න. එතකොට එම ප්‍රශ්නයෙන් අපිට ගැලවෙන්න පුළුවන්. ඉන්දියාවේද දැනට මෙවැනි පිළිවෙත ක්‍රියාත්මකයි (නි)
ලංකාව පුංචි රටක් .එනිසා පිටරැටියන්ට දෙන්න ඉඩ කඩම් කොහෙද මෙහි තිබෙන්නේ. ඕනෑ කෙනෙක් ඕනෑ රටකින් ඉඩකඩම් මිලදී ගන්න.නමුත් ලංකාවේ ඉඩ නැහැ ඒවාට (නි)
මම ඉන්නේ ඕස්ට්‍රෙලියාවේ. මටත් මෙහෙ ගෙයක් තියෙනවා. ඒත් මම තාම ශ්‍රී ලාංකිකයෙක්. නමුත් මේ වගේ නීතියක් ලංකාවට ගෙනාපු එක හොදයි. නැත්නම් ලංකාවේ ඉඩම් වෙනත් රටවල අයට ලේසියෙන් අයිති කර ගන්න පුළුවන්. ලංකාව කුඩා රටක් නිසා එවැනි දෙයක් කිරීමේ වැරද්දක් නැත. (නි)
නෙදර්ලන්තේ,මොනාකෝ,ඔස්ට්‍රියා... වගේ රටවල් ලංකාවෙන් බාගයක් පමණ විශාලත්වෙයක් තිබෙන රටවල්.එහෙත් මෙවැනි ඉඩම් ගැනීමට බාධක එහෙ නැහැ.අපේ අය ගිහින් ඉඩම් ගන්නවා. අරාබිය උදාහරනෙට ගන්න (නි)
ඉතාලි ඉන්න කි දෙනෙක් ඉතාලියේ ඉඩම් අරන් ඇද්ද? (නි)
අපි හැම දෙයක්ම කරන්න ඕනෑ කාලය , අවස්ථාව , පිහිටීම, රටේ ස්වබාවය , රටට තියෙන ගැටළු බාධක ගැන හිතලා. (නි)
සියයට පන්සියක් හෝ බද්දක් ගෙවා විදේශිකයෙක්ට ඉඩමක් ගැනීමේ අයිතිය තිබිය යුතුයි කියලයි මම කියන්නේ. මේ විදේශිකයෝ කියන්නේ හම සුදු අයම නෙමෙයි.පුරවැසිබාවේ ගත්තු අපේ අයත් ඉන්නවා. (නි)
මේකට කියන්නේ එහෙට එහෙමයි මෙහෙට මෙහෙමයි කියලා. කවුරුත් හරියට නඩු කිවොත් මේ නිතිය වෙනස් කරන්න පුළුවන්. මොකෝ මේ නීති ගෙනාපු අයටම වෙන රටවල ඉඩම් තියනවා. හොදම උදාහරනේ එංගලන්තේ ඇන්ඩෘ කුමාරයාගේ මාලිගාවක් අයිති අපේ හිටපු දෙසපාලකයෙක්ට.(නදී)
මේ නිසා තවත් ජිනීවා වලදී හිරවෙයිද කියලයි මට බය (නි)
ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්ත දේශපාලකයො මේ ගැන මොකද කියන්නේ? (නි)
සිංගප්පුරුව රටෙත් ඉඩම් ගන්න බාධාවක් නැහැ.හැබැයි අධික බදු ගෙවන්න ඕනෑ. (නි)
මම නවසිලන්තෙන් විවාහ වෙලා මෙහෙ පුරවැසිබාවේ ලබලා ඉන්නේ.දැන් මගේ ලංකාවේ තියන දේපලට කවුරුත් විදියිද දන්නෙ නැහැ (නි)
බුද්ධිමත් තීරණයක්. ජාතියේ පහන් ටැඹ ඔබයි ජනපතිතුමනි (නි)
රෙමාකෝ, ස්ථිර පදිංචිය තියෙනවා නම් බොහොමයක් රටවල ඉඩම් ගේ දොර ගන්න බාදාවක් නැහැ. පුරවැසිබාවයම ඕනෑ නැහැ ඒකට. කවුරු හරි දන්නා කෙනෙක් මට කියනවද ? ලංකාවේ ඉපදිලා හැදිලා වැඩිලා පස්සේ වෙන රටකට ගිහින් පුරවැසිබාවය ගත් කෙනෙකුට තම මවුපිය උරුමෙන් ලැබුන ලංකාවේ දේපොළ වලට මොකද වෙන්නේ, මේ නීතියට අනුව? නොදන්නා නිසයි අහන්නේ (නි)
මිනීමරු ප්‍රභාකරන් කලේ කොලඹ තියෙන වටිනා මර්මස්ඨාන වලට බෝම්බ දාලා විනාශ කල එක විතරයි. අපේ දේශප්‍රේමියෝ ඊලගට කළේ කොළඹ තියෙන ඉඩම් ටික සින්නක්කරයට විකුනලා විනාශ කළා ඈවරයි. ඒක කව්රුත් දන්නවා.(නදී)
ගාලු මුවදොර, ගුවන් හමුදා මුලස්තානයේ ඉඩම්, විහාර මහා දේවි උද්‍යානය ඒ සියල්ලම ඈවරයි දෑවරයි කිව්වේ අපිද? (නදී)
ශාන්ත, ඔබලා වගේ අය ඉන්න රටකනේ අපිත් ඉපදුනේ. හෝඩියටවත් ඉගෙනගෙන තියෙනවා නම්,අකුරු කියවන්න පුලුවන් නම් අවුරුදු 5 කදී ලංකාවට කරලා තියෙන විනාශය තේරුම් ගන්න පුළුවන්. (නි)
ශාන්ත, ජාතියේ පහන් ටැඹ ඔබයි කියල කියන්නේ රටේ ඉඩම් ටික විදේශිකයන්ට කැසිනෝ වලට විකුනගෙන කන නිසාද?(නදී)
මෙහි අදහස් පළකරපු බොහෝ දෙනෙක් ඉතාමත් ආත්මාර්ථකාමීන්. තමන්ට අවාසි නම් හෝ අවාසියි කියලා හිතෙනවා නම් ඒකට විරුද්ධයි. ඒකයි ප්‍රතිපත්තිය. (නි)
එහෙම නීතියක් දාපු එක නම් බොහොම හොඳයි. සමහරක්ට නම් බොහොම හිතට අමාරුයි වගේ. ඒ අයට තියෙන්නේ කොහේ හරි පිටරටකින් ඉඩමක් අරන් එහෙම පදිංච වෙන එකයි. (නි)
සල්ලි තියෙනව නම් ඕනෑම කෙනකුට නියමිත මිලට බටහිර රටවල් ගෙවල් ඉඩම්,ව්‍යාපර මිලදී ගන්න පුළුවන්. මෙයට පුරවැසිබාවයක් අවශ්‍ය නැහැ. හැබැයි සමහර මුස්ලිම් රටවල ඊට ඉඩ නැහැ. ඒත් ඩුබායි වල පුළුවන්. අපේ සමහර අයටත් එහෙ ගෙවල් තියෙනව. (නි)
ලංකාවේ එක ප්‍රදේශයක් වෙන්කළා නම් හොදයි විදේශිකයින්ට ඉඩම් ගන්ඩ පුළුවන් කියලා. එතකොට සල්ලි කාරයෝ ඇවිල්ලා එම ප්‍රදේශය දියුනු වේවි.(නදී)
මම හිතන්නේ මෙම තීරණය ආණ්ඩුව ගත්තේ දමිල ඊලාම් වාදී අය එකතු කරන සල්ලි වලින් කොළඹ වැල්ලවත්ත බම්බලපිටියේ ලොකු මහල් නිවාස මුදලට ගෙන එම ආදායමත් අපේම රට විනශ කරන්න යොදවන නිසා. වෙනත් රටවල පුරවැසිභාවය අරන් මෙහෙ ඉඩ කඩම් අරන් අපේම රටට වින කරන අය නැති කරන්න ගත්ත තීරණයක් මේක . වෙන රටවල අපි ගෙවල් ඉඩ කඩම් ගත්තට එම රටවල තිබෙන නීති රටේ ආරක්ෂාවට බලපානවා . අපේ රටේ විදේශයන් පැමිණ කරන දේවල් වෙනත් රටවල විදේශිකයන්ට ගොස් කරන්න බැහැ. බොහෝ බටහිර රටවල විදේශිකයන් පවා අපේ නීතියේ තිබෙන අඩු පාඩු කම් නිසා අපේ රටටම වින කරති. මෙය තේරුම් ගත් රජය මේ නිතිය පනවා තිබෙන්නේ.(නදී)
මේ වගේ නීතියක් ගේන්න හේතුවක් තියෙනවා. (නි)
ලසන්ත මොකද කරන්න අපි නැති බැරි කෙනකුට මේ ටික දීල දාමුද ? (අ)
පළවෙනියටම අදහස් දක්වා ඇති නිමල්ට අං විතරයි අඩු (නි)
අරාබියෙන් ඉඩමක් ගන්න පුලුවන්ද අනික් අයට? (නි)
ගෝරා, බැරා ට එහෙමත් මේක වලංගුද?(අ)
දැන් කොළඹ ඉඩම් නම් විකිණිලා ඉවරයි. දැන් තියෙන්නේ 99 අවුරුදු බදු ඉඩම්. (නි)
මම දැනගෙන හිටියෙ නැහැනෙ මෙච්චර කාලයක්, ලංකාව ඉතාලිය, යුරෝපේ, නවසීලන්තේ තරම්ම විශාලයි කියලා. නිමල් කෙස් අස්සෙ අං තිබුණට පෙන්නන්න එපා. කට වහගෙන ඉන්නකම් මෝඩයත් නුවණක්කාරයෙක්. (නි)
එතකොට පිටරට ගිය කොටි ද්‍රවිඩයින්ටත් ඉඩම් ගන්න බැරි වේවී නේද? බොහොම හොදයි (නි)
නිමල්, ලංකාව ලෝකෙන්ම උතුම්ම රට. ඇරත් ආසියාවේ ආශ්චර්ය... එහෙම හැමෝටම ඉඩම් ගන්න දෙන්න පුලුවන්ද? (නි)
අර ජෙමෙස් පාකර් කොළොඹ කොටුවෙන් ගන්න ඉඩම. (අ)
එතකොට මෙච්චර කාලයක් මේවා වික්කේ අපිද? (නි)
එතකොට දැණට විකුණලා තියෙන ඉඩම් වලට මොකද වෙන්නෙය? (අ)
එතකොට දැණට විකුණලා තියෙන ඉඩම් වලට මොකද වෙන්නෙය? (අ)
නිමල් රට ජාතිය ගැන හිතන පාලකයෝ එහෙම තමා (අ)
ඕන කෙනකුට ඉඩම් ගන්න පුළුවන් ඒ රටේ පුරවැසි බාවය තියෙනවා නම් එක කොහෙත් තියෙන නීතියක්. ලංකාවේ පුරවැසි කෙනෙක් නම් ජාතිය ප්‍රස්නයක් නේ , අපේ අය වෙන රටවල් වල ඉඩම් ගන්නේ ඒ රටේ පුරවෙසියෙක් උනාට පස්සේ.(අ)
...නියම අදායම ,(අ)
එතකොට අපේ අයට ඉතාලියේ,යුරෝපේ ඉඩම් ගන්න පුළුවන් වුනේ කොහොමද? මාත් ලගදී ඉඩමක් ගත්ත නවසිලන්තේ. වෙන රටවලුත් අපට ඔහොම කලොත් මොකෝ වෙන්නේ. (නි)
මේ අපේ ඇමතිවරු වෙන රටවල හොදට ඉඩම් බිල්ඩින් අරගන්නේ? ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ , නවසීලන්තයේ එන්ගලන්තයේ .... (නි)
අපේ පුංචි රටේ ඉඩම් මොකටද වෙන අයට දෙන්නේ? ඕනැ නම් බද්දට අරගෙන ඉන්න කියමු (නි)
මේක හොඳ යෝජනාවක්. සමහරුන්ට හරි අමාරුයි මේක දැක්කහම. ජාතික හැඟීමක් නැති සිංහලයෝ. අන් රටවල දේවල් අපිට ගැලපෙන්නේ නැහැ සියල්ල (නි)
නිමල් නවසිලන්තේ ඉඩමක් ගත්තේ හරක් පට්ටියක් දාන්න හිතාගෙන වෙන්න ඇති.කොහොමත් මට පේන විදිහට නිමල්ටනම් හරියන්නේ එහෙම දෙයක් තමා. (අ)
තව මොනවා විකුනන්නද ......(අ)
නිමල් මොනවා වෙන්නද පනිනවා මුහුදට.තමුසෙලා වගේ ළිදෙන් වතුරබීල මුහුදට ආවඩන (අ)
විය යුතු දෙයක් අන් රටවල් හා සැසදීමේදී (නි)
රිමාකෝ පුරවැසි භාවයම ඕනේ නැහැ ඉඩම් ගන්න.ඔබ නොදන්නා කමට ලියන්න ඇති නේද? (අ)
මම කැනඩාවේ පුර වැසි බාවය ලැබූ කෙනෙක් ,එතකොට අපට තියෙන අය්තිය මගේ රටේ (ලංකාවේ)ඉඩමක් ගන්න ,මෙය බලපානවනේ ,එක හරිම අසාදාරණයි නේද ?.(අ)
රිමකෝ ඔබගේ අදහස වැරදි මමත් ජෙර්මනියේ නිවාසයක් ගත්ත , මට එක ගන්න ජෙර්මනියේ බැංකුවකින් නිවාස නයකුත් දුන්න , මට තිබෙන්නේ ලංකාවේ පුරවැසි භාවය , ලංකාවේ වියපාරිකයෝ , දෙසපලකයෝ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉඩම් ගෙවල්ල් ගන්නවා , ජර්මනියේ ,එංගලන්තේ ස්විස්ට්සර්ලන්තයෙ, ඉතාලියේ (අ)
කොළොඹ තියෙන හොඳම ඉඩම් ටික දැන් විකුණලා ඉවරයිනේ. අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ දොර වහන එක අපේ සිරිතක්නේ.. (අ)
ජනාධිපති ඔබගේ යෝජනාවට මාගේ ප්‍රණාමය.අපරට ඉතා කුඩා දූපතකි.එය විදේශ ධන කුවේරයනට විකිනීම අනුවන ක්‍රියාවකි.අදපවතින තත්වය අනුව ලොව සිටිනා ධනවතුන් කිහිපදෙනෙකුගේ එකතුවකින් අපරටෙන් සතර පංගුවෙන් එකක් උවද ඔවුනට මිලදී ගත හැකි තත්වයක් පවතී.මතු පරපුර වෙනුවෙන් මෙවන් ක්‍රියා මාර්ග ගැනීම කාලෝචිත යැයි සිතමි.නිමල් ඔබ මෙන් මමද විදේශයක සුලු දේපල හිමියෙකි. එහෙයින් ජනගහනයෙන් අඩු විශාල ශීත රටවල් සමග අපගේ මේ කුඩා දිවයින සංසන්දනය නොකරන්න. (අ)