(රේඛා තරංගනී ෆොන්සේකා)
කෝවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් හමුවු නිරෝධානය වන නිවෙස් වලින් ඉවත ලන කසල කරදියාන කසල අංගනයට මුදා හැරීම සඳහා සතියේ සඳුදා අඟහරුවාදා දින දෙක වෙන් කර ඇති බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා(15) පැවසීය.
එම සායනික අපද්‍රව්‍ය කහ පැහැති මලුවල බහා ජීවානුහරණය කර ඒ සඳහා වෙන්කළ රථයක රැගෙන ආ යුතු බව ද අධ්‍යක්ෂකවරයා පැවසීය.
කරදියාන කසළ අංගනයේ සේවය සඳහා යොදවා ඇති ප්ලාස්ටික් වෙන් කිරීමේ කාර්යයන්වල නිරත වන සේවික සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙකී පියවර ගත් බව ඒ මහතා පැවසීය.
නිරෝධාන නිවෙස් වලින් ඉවතලන මාස්ක්, ග්ලවුස්, සෙම් සොටු සහිත පේපර් සර්වියට් වැනි සායනික කසල ගැනීමේදී ජීවානුහරණය කර ගැනීමට කටයුතු කළ යුතු යැයි පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇති බව සඳහන් කරන ඒ මහතා බස්නාහිර පළාත තුල ඇති පළාත් පාලන ආයතන හතලිස් නවයටම උපදෙස් පත්‍රිකා බෙදා හැර ඇති බවද පැවසීය.
නිරෝධානය වන නිවෙස්වලින් ඉවත ලන කසල එකී නිවෙස් තුළම පුළුස්සා දැමීමට පියවර ගන්නේ නම් එය වඩාත් යෝග්‍ය බව සඳහන් කළ ඒ මහතා අදාළ පළාත් පාලන ආයතන වලින් මේ සඳහා මැදිහත් වෙමින් එකී කසල විශේෂිත ස්ථානයකදී පුළුස්සා දැමීමට පියවර ගන්නේ නම් එයත් මේ අවස්ථාවේදී වඩා වටිනා කාර්යයක් බව පැවැසීය.
නිරෝධානය වන නිවෙස්වලින් බැහැර වන කසළ දැඩිව ජීවාණුහරනය ලක්කර කසළ අංගනයේ වෙන්කළ කොටසක වල දැමීමට සැලසුම් කර ඇති බව සඳහන් කළ ඒ මහතා එකී කසල පුළුස්සා දැමීම සුදුසුම පියවර වුවත් ඒ සඳහා වන පහසුකම් කරදියාන කසළ අංගනයේ නොමැති බව පැවසීය.
කෙසේ වුවද මෙකී කසල අධික ලෙස ජීවානුහරණය ට ලක් කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් සපයා ඇති බවද වැඩිදුරටත් පැවසීය
එමෙන්ම කසළ කළමනාකරණයේ යොදවා ඇති සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව උදෙසා රුපියල් මිලියන තුනක ආරක්ෂිත ඇඳුම්,අත් වැසුම්,පා ආවරණ ජීවානුහරණ දියර ලබාදීමට කටයුතු කර ඇති බව ද ඒ මහතා පැවැසීය.
ඒ සඳහා ජයිකා ආයතනයෙන් රුපියල් මිලියන දෙකක් දරන බව සඳහන් කළ ඒ මහතා ඉතුරු මුදල වන රුපියල් මිලියනය බස්නාහිර පළාත් සභා මුදල් ප්‍රතිපාදන වලින් ලබාගත් බවද පැවසීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිරෝධායන නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍ය කරදියානට ගෙන යන්න දින දෙකක්
බණ්ඩාර Sunday, 15 November 2020 11:28 AM
මේ නීති හදන අය ඉන්නේ ලංකාවේද? ඔය කියන විදිහටම මහජනයා කරයි කියලා හිතෙනවද? කරදියානට ගිහින් දාපුවාම එතැනින් අපේ ජල මුලාශ්‍ර වලට එකතු වෙනවා කියලා මේ නීති හදන අය දන්නේම නැද්ද? මේ කුණු එකතු කරන්නේ නැතිව එම ගෙවල් වලම පුච්චන්න කීවා නම් මීට වැඩිය හොඳ නැද්ද? අයිස් වෙලා තියෙන මොළය රත් කරලා විකල්ප ගැන හිතන්න.