වැලිවේරිය රතුපස්වල සිද්ධියේදී ඝාතනයට ලක්වු ගම්පොළ කුරුඳුවත්තේ කොලුවල නිලන්ත පුෂ්පකුමාර(29) මහතාගේ අවසන් කටයුතු පවුලේ සුසාන භූමීයේදී අද (08) සිදු කෙරිණි.
බියගම වෙළෙද කළාපයේ සේවය කළ නිශාන්ත ඉකුත් බ්‍රහස්පතින්දා (1) වැලිවේරීය ප්‍රදේශයේ සිය නවාතැන් පොළෙහි සිට රාත්‍රි සේවය සදහා සේවා ස්ථානයට යෑමට වැලිවේරිය නගරයට පැමිණි අවස්ථාවේ මෙසේ ප්‍රහාරයට ලක් විය.
කොළඹ ජාතික රෝහලේ සිහිසුන්ව දින තුනක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු ඉරිදා (04) සවස ඔහු මිය ගියේය. ඔහු එක් දරු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල, මම දන්නවා කොහොමද මලේ කියලා. අර විදුලි බිල වැඩි කරපු එක හොඳයි කියල උද්ඝෝෂණය කරපු අයගේ මග පෙන්වීම යටතේ, මේ උද්ගොෂණයට විරුද්ධව තමන්ම ඔලුව වැලිවේරියේ පාලමේ ගහගෙන. (අ)
ඇත්තටම අපේ රටේ හිටපු රණවිරුවෝ සියයට අනුනමයක්ම දැන් පෙන්ෂන් ගිහිල්ල ඉන්නේ දැන්නම් ඉන්නේ ? (නදී)
මම එතන හිටියා නම් කවුරු වුණත් හොද දඩුවමක් දීලා තමයි ඊළගට වෙන දේකට මුණ දෙන්නේ.සන්නද්ධ බටයින්ට එහෙම ගැහුවා නම් පොලිසිය ඕක මැඩපවත්වන්න ගියා නම් ඉස්පිරිතාලේ වෙනම පොලිස් වාට්ටුවක් අරින්න වෙනවා.. (නි)
බන්දුල දිව දෙකෙන් කතා කරන්න එපා. (නදී)
නීල්, හැමදෙයක්ම හැමදා එක ලෙස පවතින්නෙ නැහැ නේද? (නි)
මේ ප්‍රශ්නයට කිසිසේත්ම අදාල නොවූ අයෙකුයි ඝාතනයට ලක්වූයේ. ඒ ගැනත් පරීක්ෂණයක් අවශ්‍යයි (නි)
නීල්, දැන් රටට වෙලා තියෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා (නි)
අමිලට, ජයාට, රණවිරුවන්ගේ අගේ අඩු වෙලාද.අපේ සිංහලයාට ඉක්මනට හැම දෙයක්ම අමතක වෙනවා.හමුදාව නැත්නම් අද අපේ රටත් ප්‍රභාකරන්ට ගිහිල්ල. (ස)
මේ ඝාතනය තරයේ හෙලා දකිමි, නිලන්ත මල්ලි, ඔබට නිවන් සුව පතමි. (ස)
බන්දුලට නම් පුදුම අමාරුවක් තියෙනවා.(නදී)
ඈ බන්දුල, එතකොට වෙඩි තියපුවා හොයා බලන්න ඕනෑ නැද්ද ? (නි)
ආශ්චර්‍යමත් ගමනක් යනකොට වෙන දේවල්නෙ (අ)
බන්දුල කලින් මියගිය ළමයි දෙන්නටත් කිවුවේ ඔය ටිකමයි (නි)
නිලන්ත මල්ලි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මට සමාවනු මැනවි මෙවැනි වෙලාවක මේ ඉඩ මෙසේ යොදාගන්නනවාට, රන්දී පටන් ගන්නේ අහිංසාවෙන්. කෙළවර කරන්නේ ශාප කරමින් (නි)
ඔබට නිවන් සුව පතමි (අ)
උගන්ඩාවට කෝටි 200 තෑගි වශයෙන් පිරිසිදු ජල ව්‍යාපෘතියකට ලංකාවෙන් මුදල් ගෙවා ඇත.(නදී)
මේ තරුණය මලේ වෙඩි පහරකින් නෙමෙයි මම හිතන්නේ, ගල් පාරකට හරි පොලු පාරකට හරි ලක් වෙලා.අනිත් මරණ හමුදා වෙඩිපහරවල් වලින් සිදු වුණාට මේ මරණය ඉතාමත් සැකකටයුතුයි වගේ. මේ මරණය සිදු වූ ආකාරය ටිකක් සැළකිල්ලෙන් හොයා බලන්න වගකිවයුත්තන්. (නි)
අමිල , මගෙ නම් නැත්තටම නැති වුණා. (නි)
මෙයා තමන්ගේ රැකියාවට යන්න ආව කෙනෙක්. උද්ඝෝෂණය කරන්න ඇවිල්ලා නෙමෙයි. එහෙම අයත් මියගියා. (නි)
දැන් නම් රණවිරුවන්ට තිබුණු මගේ ගෞරවය අඩුවෙලා (නි)
මෙයා තමන්ගේ රැකියාවට යන්න ආව කෙනෙක්. උද්ඝෝෂණය කරන්න ඇවිල්ලා නෙමෙයි. එහෙම අයත් මරපු අයට සහ අනදුන් අයට සාප වේවා! (නදී)
මේ මිලේච්ඡ ඝාතනයට අණ දුන් අයගේ සිට වචනෙන් හරි මේ නිරායුද මිනිස් සංහාරයට උදවු උපකාර කල උන්ට් සාපවේවා!(නදී)
නිලන්ත, ඔබට නිවන් සුව පතමු, අවසන් කටයුතු කර ගැනීමට මොහුගේ අහිංසක පියාට පිහිට වුනු සැමටත් දිගාසිරි පතමු.(නදී)
මෙවන් විපතක් වන සතුරෙකුටවත් නොම වේවා. ඔබව වෙවන් ඉරණමකට පත් කල උන්ට දෙවියන් ශාප කරත්වා! ඔවුන්ට මග මරුවගේම පිහිටයි. ඔබට නිවන්සුව ලැබේවා.(නදී)
පොඩි ළමයෙකුත් ඉන්න තාත්තා කෙනෙක්.පව් අහිංසක මනුස්සයෙක්. නිවන් සුව ලැබේවා. (නි)
ඔබ දිවි දුන්නේ ඉතාම අහිංසකව පිරිසිඳු වතුර පොදක් ඉල්ලා සිටි ජනතාව වෙනුවෙන් නිසා වීරයෙක් ලෙසට ගෞරව කරමි. (නි)
මෙයාගේ ඔලුවට ගහල මරපු කෙනාගේ ඔලුවටත් හොදක් නම් වෙන්න එපා (නි)
ඔබ දිවි දුන්නේ ඉතාම අහිංසකව පිරිසිඳු වතුර පොදක් ඉල්ලා සිටි ජනතාව වෙනුවෙන් නිසා වීරයෙක් ලෙසට ගෞරව කරමි.(නදී)
නිවන්සුව ලැබේවා!(නදී)