නව තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට ඩොලර් කෝටි 250 ක ( රුපියල් කෝටි 31750 ) විදෙස් ණයක් ලබා ගැනීමට රජය සැලැසුම් කර ඇත.
නව පිරිපහදුව ඉදිකිරීම මගින් පිරිපහදු කරන ලද ඛණිජ තෙල් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී වැය වන මුදල ඉතිරිකර ගැනිමට හැකි වනු ඇතැයි ඛණිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා මහතා පවසයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඇතැම් රටවලින් ලැබෙන ඛණිජ තෙල් පිරිපහදු කර ගැනීමට නොහැකි නිසා නව තෙල් පිරිපහදු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වඩාත් යෝග්‍ය වන්නේ ඉරානයෙන් ආනයන කරන ලද ඛණ්ජ තෙල් පිරිපහදු කිරිම කිරිමටය .
නමුත් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාදක නිසා ශ්‍රී ලංකා රජයට ඉරානයෙන් ආනයනය කරනා ඛණිජ තෙල් ප්‍රමාණය සීමා කිරීමට සිදුව ඇත.
මේ නිසා වෙනත් රටකදී පිරිපහදු කරන ලද ඛණිජ තෙල් ආනයන කිරිමට රජය කටයුතු කරන අතර මෙය වියදම් අධික ක්‍රියාවලියකි.
චීනය , දකුණු කොරියාව,ඉතාලිය,තුර්කිය හා ඇමෙරිකාව යන රටවල ඛණිජ තෙල් ආශිත සමාගම අතුරින් තෝරා ගැනීමට නියමිත සමාගමක් වන ශ්‍රී ලංකාවේ නව පිරිපහදුවක් ඉදිකිරීමේ හැකියාව පිළිබදව මේ දිනවල සොයාගෙන යන බවද ඛණිජ තෙල් අමාතයවරයා සදහන් කරයි.
ඉදිකිරිමට නායමිත නව පිරිපහදුවේන බ දිනකට තෙල් බැරල් 100,000 ක් පමණ පිරිපහදු කර ගැනීමට අපේක්ෂිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳුන්,විරාජ් කාලිංග, ඔබලාගේ අදහස් හරි කියල මටත් හිතෙනවා. (නි)
ජපානය වගේ රටකට දෙන්න අදහස් කරපු එක ලොකු දෙයක්. ජපානය අවංක සේවයක් අපේ රටට කරනවා.(ස)
මලා..! තවත් ණය..(ස)
බොර තෙල් පිරිපහදු කිරිමේ උපකරන සැලසුම් කරන සමාගමක සේවය මට නම් සිතෙන්නෙ,නව පිරිපහදුවක් ණය වී සැදීමට වඩා, තිබෙන එක අලුත් වැඩියා කර එමගින් උපරිම නිශ්පාදනයක් කිරීමට උත්සහ කිරීම හොද බවය. එසේ කිරිමෙන් පසු නව පිරිපහදුවක් ගොඩනැගීම වඩා සුදුසු බව සිතේ. චීනය මේ සදහා සම්බන්ධ කර නොගැනීම ඉතා හොද තීරනයකි.(ස)
ජපනාට දෙන සල්ලි මට දෙන්න. මම හදලා දෙන්නම් ඉස්තරම් පිරිපහදුවක්. විශ්ව විද්‍යායාලට ඇතුලත් වෙන්න පෙර විශේෂ ආධුනිකයෙක් ලෙස සපුගස්කන්දේ සෑම ඇන මුරිච්චියක්ම හඳුනන තරමට මම ඕකේ වැඩකරලා තිබෙනවා. (නි)
මේ ප්‍රොජෙක්ට් එක ජපනා හදනවා නම් ටිප් ටොප් එකට හදලා දෙයි... (නි)
නිමල් හම්බන්තොට ලංකාවේ නෙමෙයිද තියෙන්නේ? කොළඹ තියෙනවට වඩා හොදයි දුරක තියේ නම් ආරක්අෂාවටත් එක්ක. ඔය මොලේ තියෙන දේවල් ලියන්න එපා... (නි)
ජපානය ලංකාවට උදව් කළේ ජිනීවා සමුළුවේදී අපට එරෙහිව චන්දය දීමෙන්ද? ජේ.ආර්. ගේ කාලෙ දීපු පාර්ලිමේන්තුවත් රූපවාහිණිය හා ජපුර රෝහලත් ගැන හිතලා ජපානය උදව් කරනවා කියා සිතීම අනුවණකමක්. (නි)
ජේ .ආර්.ජයවර්ධන නමට අදත් ජපානය ගරු කරමින් උදව් කරනවා. ඒ මන්දයත් එතුමා එදා ජපානයට නිදහස ලබා ගැනීමට කළ උදව් වෙනුවෙන්. (නි)
පහුගිය ටිකේම සපුගස්කන්ද ගැන තිබුන අඬහැරය බැලුවාම ගොනා හැරෙන්න එන්නේ නම් පොල් පැලෙට බව පෙනුනා. කීයද ගාන, 20% ද 30% ද? (නදී)
තවත් අපිව ලෝකෙට ණයකාරයෝ කරන්නද හදන්නේ? රටේ අහිංසක මිනුස්සු මේවට වන්දි ගෙවන්න ඕනෑ. අහිංසක මිනිස්සු තවත් ණයකාරයෝ කරන්න එපා.මම ලංකාවේ කිසිම දේශපාලඥයෙක් පෞද්ගලිකවම විශ්වාස කරන්නේ නැහැ. මගේ රටට මම ආදරෙයි. ඒකයි අද වුණත් රටට බර නොවී ඉතාලියට වෙලා ඉන්නේ (නි)
ජපන් රජය පෙර සිටම අපට දෙන ආධාර අවංකවම අපට කරන දේවල් . මෙය අප ජපානය අගය කල යුතු දෙයක් (අ)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුවන් ඉරානයේ තෙල් විතරයි කියන එක පිළිගන්න අමාරුයි. නව උපාංග එකතු කරලා නවීකරණය කලානම් හොදයි සපුගස්කන්ද පිරිපහදුව පට්ටගැහුව මිසක් මොනවත් සිදුවුනේ නැහැ. (නදී)
ලංකාවේ බලශක්ති වෙළඳපොල ජපානය විසින් ආක්‍රමණය කිරීම ආරම්බවී තිබෙනවා. දශක කීපයක් තිස්සේ සපුගස්කන්ද පිරිපහදුව පට්ටගැහුව මිසක් එයින් ලැබුන ලාබයෙන් නව පිරිපහදුවක් හැදීම හෝ තිබෙන එක නවීකරණය කිරීමක් සිදුනොවුනේ ඇයිද යන්න පරීක්ෂා කර දැන්වත් ගොඩයන ක්‍රමවේදයක් සකස්කර ගත යුතුයි.(අ)
මේකෙන් කාටද කොමිස් එක.(නදී)
කොමිස් කුට්ටිය බලාගෙන ලොක්කෝ ගෙනෙයි. පස්සේ කියයි පාඩුයි කියලා. එකත් ජනතාවටම ගෙවන්න වෙයි. තවත් නොරෝච්චෝලක් වෙයිද දන්නේ නැහැ. අපිට රටට ආදරේට නම් ඕවා ගේන්නේ නැහැ.(නදී)
මේකට හොද දකුණු කොරියාව,ඉතාලිය හා ඇමෙරිකාව, මමත් වැඩ කරන්නේ නව තෙල් පිරිපහදුවක් හදන දකුණු කොරියානු සමාගමක. සමාගම් වල විස්තර ඕනෙනම් අපි දෙන්නම්.(නදී)
මොනව කරත් තෙල් මිල අඩු වැන්න නැහැනේ.(නදී)
ජපාන සමාගමක් නිසා විස්වාසය තැබිය හැකියි. මේ සමගම තවත් තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලයේ හදන්න.(නදී)
මෝඩ වැඩක් අනිත් වැඩ වගේම. කොළොන්නාවේ පිරිපහදුවේ පුළුවන් ඉරානයේ තෙල් විතරයි කියන එක පිළිගන්න අමාරුයි. එහෙම උනත් ඒක වහන්නේ නැතිව නව උපාංග එකතු කරලා අලුත් වැඩියා කලානම් හොදයි සුළු මුදලක් වියදම් කරලා. ඔය විශාල වශයෙන් නයවෙන එකේ ප්‍රධාන පරමාර්ථය ලොකු කොමිස් මුදලක් හම්බ කර ගන්න එකයි. බලවතුන්ගේ මේ තීරණ නිසා අපේ මුනුපුරොත් ණයකාරයෝ වෙනවා.(නදී)
මේක ඉදිකෙරන්න යන්නේ හම්බන්තොට පැත්තේ වෙන්න ඇති මම හිතන්නේ එකට තමයි මේ අර අදින්නේ.(නදී)