IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නව තෙල් පිරිපහදුවකට ජපානය අත ගහයි

 නව තෙල් පිරිපහදුවක් ඉදිකිරිමට ඩොලර්  කෝටි 250 ක ( රුපියල් කෝටි 31750 )  විදෙස් ණයක් ලබා ගැනීමට රජය සැලැසුම් කර ඇත.

 නව පිරිපහදුව ඉදිකිරීම මගින් පිරිපහදු කරන ලද  ඛණිජ  තෙල්  ශ්‍රී ලංකාවට ආනයනය  කිරීමේදී  වැය වන මුදල ඉතිරිකර ගැනිමට හැකි වනු ඇතැයි  ඛණිජ තෙල්  අමාත්‍ය අනුර ප්‍රියදර්ශණ යාපා   මහතා පවසයි.

 සපුගස්කන්ද   තෙල් පිරිපහදුවෙන්  ඇතැම්  රටවලින්  ලැබෙන ඛණිජ  තෙල් පිරිපහදු කර ගැනීමට  නොහැකි නිසා  නව තෙල් පිරිපහදු කිරීමට  රජයේ  අවධානය යොමුව තිබේ.

සපුගස්කන්ද  තෙල්  පිරිපහදුව වඩාත් යෝග්‍ය වන්නේ ඉරානයෙන්  ආනයන කරන ලද   ඛණ්ජ තෙල් පිරිපහදු කිරිම  කිරිමටය .

 නමුත් එක්සත් ජාතින්ගේ සංවිධානය  විසින් ඉරානයට  එරෙහිව පනවා ඇති  සම්බාදක නිසා  ශ්‍රී ලංකා රජයට  ඉරානයෙන් ආනයනය කරනා  ඛණිජ තෙල්   ප්‍රමාණය  සීමා කිරීමට සිදුව ඇත.

 මේ නිසා වෙනත් රටකදී  පිරිපහදු කරන ලද  ඛණිජ තෙල් ආනයන කිරිමට රජය කටයුතු කරන අතර  මෙය වියදම් අධික ක්‍රියාවලියකි.

 චීනය , දකුණු කොරියාව,ඉතාලිය,තුර්කිය  හා ඇමෙරිකාව  යන රටවල  ඛණිජ තෙල් ආශිත  සමාගම අතුරින් තෝරා ගැනීමට නියමිත සමාගමක් වන  ශ්‍රී ලංකාවේ  නව පිරිපහදුවක්  ඉදිකිරීමේ හැකියාව පිළිබදව මේ දිනවල සොයාගෙන යන බවද ඛණිජ  තෙල්  අමාතයවරයා සදහන් කරයි.

 ඉදිකිරිමට නායමිත නව පිරිපහදුවේන බ දිනකට තෙල් බැරල්  100,000 ක් පමණ  පිරිපහදු කර ගැනීමට අපේක්ෂිතය.



අදහස් (0)

නව තෙල් පිරිපහදුවකට ජපානය අත ගහයි

නිමල් Sunday, 19 May 2013 05:49 PM

මේක ඉදිකෙරන්න යන්නේ හම්බන්තොට පැත්තේ වෙන්න ඇති මම හිතන්නේ එකට තමයි මේ අර අදින්නේ.(නදී)

:       0       0

ආනන්ද ජයතිලක Monday, 20 May 2013 01:10 AM

සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුවන් ඉරානයේ තෙල් විතරයි කියන එක පිළිගන්න අමාරුයි. නව උපාංග එකතු කරලා නවීකරණය කලානම් හොදයි සපුගස්කන්ද පිරිපහදුව පට්ටගැහුව මිසක් මොනවත් සිදුවුනේ නැහැ. (නදී)

:       0       0

සදුන් Sunday, 19 May 2013 06:18 PM

මෝඩ වැඩක් අනිත් වැඩ වගේම. කොළොන්නාවේ පිරිපහදුවේ පුළුවන් ඉරානයේ තෙල් විතරයි කියන එක පිළිගන්න අමාරුයි. එහෙම උනත් ඒක වහන්නේ නැතිව නව උපාංග එකතු කරලා අලුත් වැඩියා කලානම් හොදයි සුළු මුදලක් වියදම් කරලා. ඔය විශාල වශයෙන් නයවෙන එකේ ප්‍රධාන පරමාර්ථය ලොකු කොමිස් මුදලක් හම්බ කර ගන්න එකයි. බලවතුන්ගේ මේ තීරණ නිසා අපේ මුනුපුරොත් ණයකාරයෝ වෙනවා.(නදී)

:       0       0

ජානි Monday, 20 May 2013 01:39 AM

සඳුන්,විරාජ් කාලිංග, ඔබලාගේ අදහස් හරි කියල මටත් හිතෙනවා. (නි)

:       0       0

රාළ Monday, 20 May 2013 02:28 AM

තවත් අපිව ලෝකෙට ණයකාරයෝ කරන්නද හදන්නේ? රටේ අහිංසක මිනුස්සු මේවට වන්දි ගෙවන්න ඕනෑ. අහිංසක මිනිස්සු තවත් ණයකාරයෝ කරන්න එපා.මම ලංකාවේ කිසිම දේශපාලඥයෙක් පෞද්ගලිකවම විශ්වාස කරන්නේ නැහැ. මගේ රටට මම ආදරෙයි. ඒකයි අද වුණත් රටට බර නොවී ඉතාලියට වෙලා ඉන්නේ (නි)

:       0       0

ඉබ්රාහම් Sunday, 19 May 2013 06:35 PM

ජපාන සමාගමක් නිසා විස්වාසය තැබිය හැකියි. මේ සමගම තවත් තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලයේ හදන්න.(නදී)

:       0       0

සිසිර Sunday, 19 May 2013 06:55 PM

මොනව කරත් තෙල් මිල අඩු වැන්න නැහැනේ.(නදී)

:       0       0

උපාලි Monday, 20 May 2013 04:10 AM

පහුගිය ටිකේම සපුගස්කන්ද ගැන තිබුන අඬහැරය බැලුවාම ගොනා හැරෙන්න එන්නේ නම් පොල් පැලෙට බව පෙනුනා. කීයද ගාන, 20% ද 30% ද? (නදී)

:       0       0

කැනඩා දිසා Monday, 20 May 2013 05:41 AM

ජේ .ආර්.ජයවර්ධන නමට අදත් ජපානය ගරු කරමින් උදව් කරනවා. ඒ මන්දයත් එතුමා එදා ජපානයට නිදහස ලබා ගැනීමට කළ උදව් වෙනුවෙන්. (නි)

:       0       0

සංජු Sunday, 19 May 2013 07:50 PM

මේකට හොද දකුණු කොරියාව,ඉතාලිය හා ඇමෙරිකාව, මමත් වැඩ කරන්නේ නව තෙල් පිරිපහදුවක් හදන දකුණු කොරියානු සමාගමක. සමාගම් වල විස්තර ඕනෙනම් අපි දෙන්නම්.(නදී)

:       0       0

නීල් Monday, 20 May 2013 07:58 AM

ජපානය ලංකාවට උදව් කළේ ජිනීවා සමුළුවේදී අපට එරෙහිව චන්දය දීමෙන්ද? ජේ.ආර්. ගේ කාලෙ දීපු පාර්ලිමේන්තුවත් රූපවාහිණිය හා ජපුර රෝහලත් ගැන හිතලා ජපානය උදව් කරනවා කියා සිතීම අනුවණකමක්. (නි)

:       0       0

චන්දන Monday, 20 May 2013 08:05 AM

නිමල් හම්බන්තොට ලංකාවේ නෙමෙයිද තියෙන්නේ? කොළඹ තියෙනවට වඩා හොදයි දුරක තියේ නම් ආරක්අෂාවටත් එක්ක. ඔය මොලේ තියෙන දේවල් ලියන්න එපා... (නි)

:       0       0

කින් බෙනට් Monday, 20 May 2013 08:17 AM

මේ ප්‍රොජෙක්ට් එක ජපනා හදනවා නම් ටිප් ටොප් එකට හදලා දෙයි... (නි)

:       0       0

නීල් Monday, 20 May 2013 09:26 AM

ජපනාට දෙන සල්ලි මට දෙන්න. මම හදලා දෙන්නම් ඉස්තරම් පිරිපහදුවක්. විශ්ව විද්‍යායාලට ඇතුලත් වෙන්න පෙර විශේෂ ආධුනිකයෙක් ලෙස සපුගස්කන්දේ සෑම ඇන මුරිච්චියක්ම හඳුනන තරමට මම ඕකේ වැඩකරලා තිබෙනවා. (නි)

:       0       0

අමිල Monday, 20 May 2013 09:40 AM

බොර තෙල් පිරිපහදු කිරිමේ උපකරන සැලසුම් කරන සමාගමක සේවය මට නම් සිතෙන්නෙ,නව පිරිපහදුවක් ණය වී සැදීමට වඩා, තිබෙන එක අලුත් වැඩියා කර එමගින් උපරිම නිශ්පාදනයක් කිරීමට උත්සහ කිරීම හොද බවය. එසේ කිරිමෙන් පසු නව පිරිපහදුවක් ගොඩනැගීම වඩා සුදුසු බව සිතේ. චීනය මේ සදහා සම්බන්ධ කර නොගැනීම ඉතා හොද තීරනයකි.(ස)

:       0       0

විරාජ් කාලිංග Sunday, 19 May 2013 09:20 PM

කොමිස් කුට්ටිය බලාගෙන ලොක්කෝ ගෙනෙයි. පස්සේ කියයි පාඩුයි කියලා. එකත් ජනතාවටම ගෙවන්න වෙයි. තවත් නොරෝච්චෝලක් වෙයිද දන්නේ නැහැ. අපිට රටට ආදරේට නම් ඕවා ගේන්නේ නැහැ.(නදී)

:       0       0

දිල්ශානි Sunday, 19 May 2013 09:21 PM

මේකෙන් කාටද කොමිස් එක.(නදී)

:       0       0

නීල් Sunday, 19 May 2013 09:35 PM

ලංකාවේ බලශක්ති වෙළඳපොල ජපානය විසින් ආක්‍රමණය කිරීම ආරම්බවී තිබෙනවා. දශක කීපයක් තිස්සේ සපුගස්කන්ද පිරිපහදුව පට්ටගැහුව මිසක් එයින් ලැබුන ලාබයෙන් නව පිරිපහදුවක් හැදීම හෝ තිබෙන එක නවීකරණය කිරීමක් සිදුනොවුනේ ඇයිද යන්න පරීක්ෂා කර දැන්වත් ගොඩයන ක්‍රමවේදයක් සකස්කර ගත යුතුයි.(අ)

:       0       0

සකී Monday, 20 May 2013 10:35 AM

මලා..! තවත් ණය..(ස)

:       0       0

අසංග Monday, 20 May 2013 10:35 AM

ජපානය වගේ රටකට දෙන්න අදහස් කරපු එක ලොකු දෙයක්. ජපානය අවංක සේවයක් අපේ රටට කරනවා.(ස)

:       0       0

සේරම් පැරිස් Sunday, 19 May 2013 04:55 PM

ජපන් රජය පෙර සිටම අපට දෙන ආධාර අවංකවම අපට කරන දේවල් . මෙය අප ජපානය අගය කල යුතු දෙයක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 2 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 31 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 27 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 184 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 165 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 536 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site