IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නව ලක්ෂයක චන්ද්‍රිකා ග්‍රාහක අල්ලයි

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ  අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ඉන්දියාවේ  චෙන්නායි නුවර සිට මෙරටට රැගෙන ආ චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ 120 ක් සමග ශ‍්‍රී ලාංකිකයෝ දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරුවන් කොළඹ පදිංචි රෙදි පිළි ව්‍යාපාරිකයන් වන අතර මින් එක් අයෙකු ලග චන්ද්‍රිකා ග්‍රාහක 50 ක්ද අනෙකා ලග 70 ක්ද  තිබූ බව රේගුව කියයි. මොවුන් අත්අඩංගුවට ගන්නා  අවස්ථාවේ මොවුන් සමග පැමිණී තවත් පුද්ගලයෙකු තවත් චන්ද්‍රිකා ග්‍රාහක 65 ක් සහිත ගමන් මල්ලක් ගුවන්තොටුපොළේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව රේගුව කියයි.
අත්අඩංගුවට ගත් චන්ද්‍රිකා ග්‍රාහක වල වටිනාකම රුපියල් නව ලක්ෂ විසිපන්දහසක් බවට රේගුව ගනන් බලා ඇත.
නිතර නිතර  ඉන්දියාවට යන බව කියන මොවුහු  ඊයේ ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබිලිව්. 252 දරණ ගුවන යානයෙන්   ඉන්දියාවේ චෙන්නායි නුවර සිට  මෙරටට පැමිණ ඇත. 
සැකකරුවෝ මෙම භාන්ඩ ගමන් මලූ කිහිපයක  බහා මෙහි ගෙනවිත් තිබූ බව රේගුව කියයි.  
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ, දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන්  රේගු අධිකාරීවරුන් වන හර්ෂ ජයතිලක, රංජිත් අල්විස්, චන්දන විජේසේකර සහ නියෝජ්‍ය රේගු අදිකාරීවරුන් වන එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන  ශ‍්‍රී ලාල් විජේවර්ධන, එම්.එම්.එස්.සී කුමාර යන නිලධාරිහූ සිදු කරති..




අදහස් (0)

නව ලක්ෂයක චන්ද්‍රිකා ග්‍රාහක අල්ලයි

සුනිල් Wednesday, 29 May 2013 04:25 PM

හෙට අනිද්දා ඕවා පිටකොටුවේ පලවෙනි හරස් වීදියේ විකුණන්න පුළුවන් (නි)

:       0       0

සුනිල් Wednesday, 29 May 2013 04:27 PM

ඇමති කෙනෙක් ගේ බෑග් එකක් වුණා නම් ඒත් ඔහොම වෙයිද? (නි)

:       0       0

ෆාස්ලී කටාර් Wednesday, 29 May 2013 11:11 PM

පගාව දීල නැතුව ඇතී ,එම නිසා අල්ලලා තියෙන්නේ , රේගු නිලදාරීන් දවසකට පගාවෙන් හම්බකරනවා වගේ ලංකාවේ කිසිම කෙනෙක් හම්බකරන්නේ නෙහැ, හරි පගාවක් දුන්නොත් මේ බඩු ටික මෙලහාකටත් එළියේ. (දී)

:       0       0

සේරම් පැරිස් Wednesday, 29 May 2013 05:16 PM

එක පැත්තකින් නීති විරෝධී වැඩ සහ දේවල්. අනික් පැත්තෙන් බදු මුදල් සහ වංචාව. උපරිම දඩයක් ගහන්න. නැවත රට නොයන්න ගමන් බලපත්‍ර අහිමි කරන්න (නි)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 29 May 2013 05:17 PM

අපේ රේගු නිලදාරින්ට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

ඉර්ෆාන් ධර්ම Thursday, 30 May 2013 07:15 AM

මේවා චන්ද්‍රිකා රුපවාහිනී ග්‍රාහක උපකරන්නේ, මේවා ලෝකේ ඕනෑම තැනකින් අඩුවට මිලදීගන්න පුළුවන්, ලංකාවේ තහනම් කලේ ඇයි කියල හිතාගන්න බැහැ. (දී)

:       0       0

මාලක Wednesday, 29 May 2013 03:32 PM

තහනම් කලාට වැඩක් නැහැ ලෝකේ ඕනෑම තරම් තියෙනවා

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 29 May 2013 03:32 PM

චන්ද්‍රිකා ගෙන් තියෙන කරදරයක්. (නි)

:       0       0

චන්දා Wednesday, 29 May 2013 03:39 PM

මේ පාර යම් ගැටළුවක් වෙලා තියෙන හැඩයි. නැත්නම් මෙච්චර මේ විදියට වෙන්න විදියක් නැහැ. නිතර ඉන්දියාවට යන අය මෝඩ ද ? (නි)

:       0       0

ගමරාළ Thursday, 30 May 2013 08:36 AM

මේවා ටීවී බලන්න සවිකරනවා වැනි ඩෙකෝටර්නෙ. රු 2500/ පිට කොටුවෙ තියෙන්නෙ.

:       0       0

නීල් Wednesday, 29 May 2013 03:46 PM

මේ උපකරණ මොනවාදැයි හරියටම පැහැදිලි නැහැ. පෙනෙන විදිහට ඒවා චන්ද්‍රිකා සංඥා ග්‍රාහක උපකරණ පමණයි. එය එසේනම් ඒවා ගෙනඒමට විදුලි සංදේශන නියාමන කොමිසමේ පූර්ව අනුමැතිය අවශ්‍යවීම නීති පොතට ඇතුලත්කළ වැරැද්දක්. මෙය නිවැරදි කළ යුතුයි. (නි)

:       0       0

රොහාන් Wednesday, 29 May 2013 09:46 PM

හරි ලොකු වැඩක් කරලා ........... ඇමතිලගේ ඒවත් ඔහොම බලනවද ? (අ)

:       0       0

කෙවින් Wednesday, 29 May 2013 03:59 PM

කෝ අරක්කු ස්පිතු ගෙනාපු කෙනාට මොකද කෙරුවේ? (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 29 May 2013 04:15 PM

මේ චන්ද්‍රිකා කාලයක් නැතුව හිටියා. දැන් ආයෙමත් කරදර කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 699 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 937 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2041 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4338 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2265 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 848 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site