IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘නව ලිබරල් වාදය එපා‘

නව ලිබරල්වාදය සහ එය රකින විධායක ක‍්‍රමය පරාජය කිරීමට තමන් වටා ඒක රාශි වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා   පොලොන්නරරුවේ පැවැති සම්මන්ත‍්‍රණයකදී කීවේය.

‘මහින්ද රාජපක්ෂ ක‍්‍රියාවට නඟමින් ඉන්නෙත් 1977 බලයට පත් වුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරපු නව ලිබරල් ධනවාදී ආර්ථිකයයි. ලෝකයේ අධිරාජයවාදී ධනපති ක‍්‍රමය ලංකාවේ ක‍්‍රියාත්මක වෙන්නෙ ඒ හරහා බව අමතක කරන්න බෑ. මහින්ද අධිරාජ්‍යවාදය ගැන මොනවා කිව්වත් ඒක වෙනස් කළේ නෑ. අධිරාජයවාදයට එරෙහි මහින්දම තමයි ඒ අධිරාජ්‍යවාදයේ ලංකාවට අදාළ වැඩපිලිවෙළ ඉදිරියට ගෙන යන්නෙ. දැන් ඉදිරි ජනාධිපතිවරණයෙදි මහින්ද අපේක්ෂකයා හැටියට තුනවෙනි පාර එන්නෙ ඒක වෙනස්කරන්න කියලද? නෑ. එහෙම නැත්නම් මෙතෙක් මහින්ද එක්ක හිටිය මෛත‍්‍රිපාල සිරිසේන මොකද කියන්නෙ. එයා ජනාධිපතිවරණයට එන්නෙ නවලිබරල් ධනවාදය වැරදියි කියලා ඒක වෙනස් කරනවා කියන පොරොන්දුව දෙන්නද? නෑ එයා එන්නෙත් ඒක ක‍්‍රියාත්මක කරන්නයි. මෛත‍්‍රිපාල සිරිසේන පසුපස ඉන්න චන්‍ද්‍රිකාලා රනිල්ලා කියන්නෙ මේ ආර්ථික ක‍්‍රමය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කැපවුණු ලංකාවෙ නියෝජිතයෝ.

 චන්ද්‍රිකා 1994දි බලයට ආවෙ විවෘත ආර්ථිකයට මානුෂික මූණක් දෙනවා කියලා.  පටන් ගත්තෙම ඇන්සල් ලංකා කම්කරුවන්ගෙ ඉල්ලීම්වලට වෙඩි උන්ඩෙන් උත්තර දීලා.

නව ලිබරල් ධනවාදයේ, එහෙම නැත්නම් විවෘත ආර්ථිකය හැටියට 77 හඳුන්වා දුන්න චන්ද්‍රිකා කියපු මානුෂික මුහුණුවර එහෙමයි. කටුනායකදි කම්කරුවන්ට වෙඩි තියපු, හලාවතදි ධීවරයන්ට වෙඩි තියපු, රතුපස්වලදි ජනතා උද්ඝෝෂණයකට වෙඩි තියපු මහින්දගෙ ප‍්‍රතිපත්තියත් ඒකමයි. නවලිබරල් ධනවාදය ඉදිරියට ගෙනයන්න තමයා විධායක ජනාදිපති ක‍්‍රමය හඳුන්වා දුන්නෙ. එක් පුද්ගලයකු වටා බලය ඒකරාහි කලේ අත්තනෝමතික පාලකයකු හඳුන්වා දුන්නෙ ඒකටයි. ඇයි එහෙම පාලකයෙක්  ඕන. නවලිබරල් ධනවාදය ක‍්‍රියාවට නඟන්න යද්දි ඇතිවන නැගිටීම්, සමාජ විරෝධය පාගලා ඒ වැඩපිලිවෙළ ඉදිරියට ගෙනයන්න අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවය ඉටු කරන්නයි විධායක බලය  ඕන. ජනතාව විසින් විධායක බලය ඇති නායකයො පත්කරන්න චන්දය දීලා හතරපාරක් අත්හදා බලලා තියෙනවා. ඒ පාලකයන් ඒකාදිපතියන් බවට පත් වුණාම නැවත ඒ අය ඉවත් කරන්න පාරට බහින්න, චන්දය දෙන්න ජනතාවට සිදු වෙනවා. ඒ නායකයන්ගෙ පුද්ගලික හේතු නිසා පමනක් නෙවෙයි මේ ඒකාදිපති පාලන ක‍්‍රමය පවත්වාගෙන යන්නෙ. ජනතාවට වාසිදායක නැති අධිරාජ්‍යවාදයට, ධනපතියන්ට විතරක් වාසි ගෙන දෙන මේ වැරදි ආර්ථික පිළිවෙත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට, නිදහස් අදහස් සහිතව, විනිවිදභාවයෙන් ක‍්‍රියාත්මක කරන්න බෑ. මේ නවලිබරල් ආර්ථිකය නඩත්තු කරන්න වෙන්නෙ අත්නෝමතික බලයකින් තමයි. මේක අපිට අවුරුදු 36ක් තිස්සෙම ඔප්පු වෙලා තියෙන කාරණයක්.



අදහස් (12)

‘නව ලිබරල් වාදය එපා‘

ප්‍රනාන්දු Monday, 01 December 2014 10:22 AM

ඔය බොරු.මෛත්‍රීපාලට ජය.(හේ)

:       0       0

සිල්වා Monday, 01 December 2014 11:05 AM

ඔබ තුමාව බොහොම ඉක්මට මුල්ලෙරියව්ට ගෙනියන්න වෙයි අපරාදේ මුදල් සහ කාලය !! (ම)

:       0       0

රත්නසිරි Monday, 01 December 2014 11:14 AM

සමාජවාදය ගැන දන්නෙත් නෑ. රුසියා‍වේ වුනේ මොකක්ද කියලා දන්නෙත් නැතිව මේ තියන ගද ගහන සමාජය හොදයිනම් දරුවෙකුට ගෙදර අනාරක්ෂිතයි, පාසල අනාරක්ෂිතයි සමාජයම අසහනයෙන් ඉතින් මෙයින් මිදෙන්න නම් සමස්ත ක්‍රමය වෙනස් වන සැලසුම් සහගත ආර්ථික රටාවක් ඇති කිරීමට මැදිහත් විය යුතුමයි (දිල්)

:       0       0

නජිත් Monday, 01 December 2014 11:29 AM

මේ කතාව ඇත්ත.(හේ)

:       0       0

කැලුම් Monday, 01 December 2014 12:49 PM

අනුෂ්ක, දේශපාලනය තේරෙන්නේ නැත්නම් හොඳම දේ පිස්සු කොමෙන්ට්ස් නොදා ඉන්න එක නේද? (ර)

:       0       0

නවීන් Monday, 01 December 2014 03:55 PM

මෛත්‍රීගේ ඡන්ද කඩන්න මහින්දගේ පෙරටුගාමියෝ වැඩට බැහැල (අ)

:       0       0

වි.වර්ණකුලසුරිය Monday, 01 December 2014 03:56 PM

වමේ දේශපාලනය තව තවත් ජනතාවට එපා නොකරන්නේ නම් මැනවි. (අ)

:       0       0

හිරු Monday, 01 December 2014 05:25 PM

පිටරටවල අසාර්ථක වෙච්ච පාලන ක්‍රම මෙහෙට ගේනන තමා මේගොල්ලො හදන්නෙ. (අ)

:       0       0

සමන්ති Tuesday, 02 December 2014 01:17 AM

කැලුම්, ඔයාට නම් දේශපාලන බුද්ධියක් තියෙනවා වගෙයි ? මේ දවස්වල වහින නිසා ගේ ඇතුලට වෙලා ඉන්න. (නදී)

:       0       0

ආර්. ලියනගේ Monday, 01 December 2014 10:05 AM

අයියෝ වෙලාව නාස්ති කරනවා අපේ. (ර)

:       0       0

අනුෂ්කා ඒකනායක Monday, 01 December 2014 10:12 AM

ආයෙමත් හාල් පෝලිම් පාන් පෝලිම් යුගේට යන්නද මෙයා කියන්නේ. මෙයාල මේ කියන සංවෘත ආර්ථික ක්‍රමයක තියන දුක් ගැහැට මේ රටේ මිනිස්සු 70-77 දී හොදටම අත්වින්දා. සෝවියට් යුගයේදී රුසියාවෙත් තවම කියුබාවෙත් ක්‍රියාත්මක වෙන අසාර්ථක සමාජවාදී අර්ථ ක්‍රමයද මේ කියන ප්‍රශ්න වලට විසදුම ? (නදී)

:       0       0

මාලි යසන්තා Tuesday, 07 September 2021 05:49 PM

ලෝකයේ කොහේවත් සමාජවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නැහැ. සමාජවාදය න්‍යායක් විතරයි. ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක වීමේදී සිදුවූ බාධා පිළිබඳව ඉතිහාසය පුරා සාක්ෂි රැසක් තියෙනවා. චීනය ඉදිරියට ආවේ කොමියුනිස්ට් ප්‍රතිසංස්කරණ නිසා... සොබාදහම හා එක්ව නොයන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. සම්භාව්‍ය ලිබරල්, නූතන ලිබරල් ආර්ථික ක්‍රමවලින් ඉදිරියට ගිය කැනඩාවේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති අධ්‍යයනය කරන්න. සමාජවාදය ගොඩනගන්න සමාජ ක්‍රමය වෙනස් කරන්න විප්ලව කරපු ඒ කාලයේ මොල සෝදාගෙන අති මහත් ලෙස අමාරුවේ වැටුණු මම වගේ අයට හොඳ පාඩමක් කියලා දෙනවා කැනඩාවේ ධනවාදී, ආර්ථික ප්‍රතිපත්ති.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1293 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 795 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1320 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 938 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 770 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38521 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site