භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් චීන සමාගමකින් ඇමෙරිකා ඩොලර් කෝටි හතකට (රුපියල් කෝටි 924)මිලට ගැනීමට ශ්‍රී ලංකාව සැරැසෙයි.
ශ්‍රී ලංකා නැව් සමාගම යළි පණ ගන්වා නැවියන් පුහුණු කිරීමටද මෙම නැව් දෙක යොදා ගනු ඇත.
දෙවසරක් ඇතුළතදී නැව් දෙක ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.
රජය ගිය ඔක්තෝබරයේදී නාවික හමුදාපති රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ නැව් සංස්ථාවේ සභාපති ලෙස පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ හොඳ නැව් හදන්නේ දකුණු කොරියාවේ, මේ චීන නැව් තාක්ෂණය අතින් බාලය.
නැව් නැති එකම රට ශ්‍රී ලංකාව .බොහොම හොඳ දෙයක් .ලංකාවේ හදන්න පුළුවන් උනාට වෙන රටවල ඉල්ලුමට සැපයුම් කරන්න බැරි නිසා වෙන රටකින් තමා ගන්න වෙන්නේ. (අ)
චීන ජරාව නැතිව හොද නැවක් ගන්නකෝ.(නදී)
සමහර අය නැව් ගිලපු කාලෙකුත් තිබුනා.(නදී)
දැන් මොනවා කරන්න ගියත් චීනෙන් එන්න ඕනා.(නදී)
ඩුබායි තිලක්, මත්තලට ගුවන් යානා නාවට කමක් නැහැ. ඒකෙන් තැනක් ආවනේ. ඒ ඇති රට දියුණු වෙන්න. (රට කියා මා මෙහි අදහස් කළ දෙය ඔබට වැටහෙයි කියා හිතනවා).(නදී)
මේ නැව් වල සැබෑ වටිනාකම මෙහි සඳහන් මිළට වඩා හුඟක් අඩුයි. අපේ හොරුත් එක්ක මේ තක්කඩි කම කරන්නේ චීනයේ රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනයක්. ඒ අයටත් ලජ්ජා නැහැ අපේ අයටත් ලජ්ජා නැහැ.(නදී)
කොළඹ . නැවු තටාකාංගනය තියෙද්දී අපිට මොකටද චීනයේ නැවු .දෙන්න අපිට හදන්න.(අ)
නාවික හමුදාවේ නිලදාරීන්ගේ සහ නැවියන් (ශිල්පී )දැනුම තාක්ෂණය මුලික කරගෙන රටට ජාතියට ,සේවයක් වශයෙන් ලොවට අපේ දැනුම අවබෝද කර දීමට මෙම නෞක ලංකාවේ නිෂ්පාදනය කලොත් අපේ මුදල් ඉතුරු කලහැකි . (අ)
මොනවා හරි වැඩකට ඇතිදෙයක් නම් කමක් නැහැ.හැබැයි අතරමඟ නතර වෙන දෙයක් නම් පන නොදෙන තරමටම තමා හොඳ.(අ)
අපිම හදමුකෝ. කටුනායක කොල්ලෝ.(නදී)
මොහොතක් කල්පනාකාර බලන්න නැව්පති තුමනි.(නදී)
අත්‍යාවශ්‍ය ද කියලත් අහනවා. මොකෝ හැමදාම ලංකාවට සුනාමි එනවා කියලද? (නදී)
කෝටි ගානක් මහජන මුදල් වියදම් කරලා හදපු මත්තලට දැන් එකම ගුවන් යානයක් වත් එනවා කියලවත් කියන්නේ නැත්තේ ඇයි? මම නම් ලංකාවට එන්න අන්තර්ජාලය පීරලා හෙව්වා. එකම ගුවන් යානයක්වත් මත්තලට එන්නේ නැහැනේ. අඩුම වසයෙන් මත්තල කියන නමවත් නැහැ දන්නා කෙනෙක්.(නදී)
අමිල, දැන් උනත් නෞව්කා හදලා දෙනවා. වරක් ඉන්දියාවට නැවක් හැදුවා මගීන් 400 ක් යන්න පුලුවන්.(නදී)
මේ නැව ලංකාවට අත්‍යාවශ්‍ය ද (අ)
නැව් සංස්ථාව ගිල්ලේ ඒකේම හිටපු අයමයි. දැන් අලුත් නැව් ගෙන්නලා අපේ බදු මුදල් වලින් තවත් නාඩගම් නටන්නයි යන්නේ.(නදී)
චීනයෙන් කෝටි 924ක නැව් දෙකක්. හෙට අනිද්දම බඩු මිල තවත් ඉහල යාවි. අපිට දෙවියන්ගේම පිහිටයි.(නදී)
පසු ගිය කාලේ ලංකාවෙත් නැවි හදලා වික්කා නේද? (නදී)