(ඉන්දිකා රාමනායක)
ත්‍රිකුණාමලය බැක්බේ මුහුදු තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා යාත්‍රාවක ධීවර යාත්‍රාවක් හප්පා අලාභහානි සිදු කළැයි කියන ධීවරයන් තිදෙනෙක් ත්‍රිකුණාමලය වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
නාවික හමුදාව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසියට කළ පැමිණිල්ලකට අදාව මෙම ධීවරයින් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බැක්බේ මුහුදු සීමාවේ දී ධීවරයන් පිරිසක් තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතෙවල නිරත වන බවට නාවික හමුදාවට නිරීක්ෂණය වීමේ පසු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට අයත් පී 115 දරණ වෝටර් ජෙට් යාත්‍රාව එම ස්ථානයට ගොස් තහනම් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවර යාත්‍රාව අත්අඩංගරැවට ගැනීමට සූදානම් වු අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ එම මුහුදු ප්‍රදේශයේ ධීවර යාත්‍රා 35 පමණ තිබී ඇති අතර, ඔවුන් අතරින් පිරිසක් නාවික හමුදා රාජකාරියට බාර කරමින් සැකකාර ධීවර යාත්‍රාවේ සිටි පිරිස අත්අඩංගුවට ගැනීම වලක්වා ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
එහි තිබු එක් යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවේ ගැටීමට සැලැස්වීමෙන් නාවික හමුදා යාත්‍රාවට හානි සිදුව ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාවික හමුදාවට පාට් දැමූ ධීවරයෝ තුනක් මාට්ටු
හෙලයා Wednesday, 29 March 2023 09:44 PM
තව ඉන්දියන් කාරයන්ටත් ලයිසන් දීපල්ලකෝ. ඔයිට හපන් වෙනවා!