ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී පිතිකරුවන් ලෙස ඉදිරියෙන් සිටීමට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් සමත් වූ නමුත් නවක පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක්වූවෝ අසාර්ථක වූහ.
තරග 4 කදී ශතකයක්ද සමගින් ලකුණු 222 ක් ලබාගැනීමට කුමාර් සංගක්කාර සමත් වූවද නවකයන්ගේ අසාර්ථකභාවය හේතුවෙන් ශූරයන්ගේ කුසලානය පෙනි පෙනී, අවසන් පූර්ව වටයේදී සිය ගමන නතර කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදුවිය.
ශී‍්‍ර ලංකා පිල මහත් බලාපොරොත්තු තබා සිටි යොවුන් පිතිකරුවකු වන කුෂල් ජනිත් පෙරේරා තරග 4 කදී ලබාගත්තේ ලකුණු 14 ක් පමණක් වන අතර දිනේෂ් චන්දිමාල් ඉනිම 2 කින් ලබාගත්තේ ලකුණු 31 කි.
පන්දු යවන්නන් අතරේ පෙරමුණ ගත්තේද පළපුරුදුකාරයන් වන ලසිත් මාලිංග සහ රංගන හේරත් දෙදෙනාය. ජීවන් මෙන්ඩිස් ඕවර 3 කදී දැඩි ප‍්‍රහාරයකට ( ඕවරයකදී ලකුණු 9.33 ක්) ලක්වූ අතර තරග දෙකකට පමණක් කී‍්‍රඩා කළ තිසර පෙරේරාට කඩුල්ලක් දවාගැනීමට නොහැකි විය.
| ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සහ පන්දු රැකීම | |||||||||||
| නම | ත | ඉ | නො. | ලකුණු | වැ. ල. | 100 | 50 | 0 | සාමාන්‍යය | උ.ප. | ස්ට. |
| කුමාර් සංගක්කාර | 4 | 4 | 1 | 222 | 134* | 1 | 1 | 0 | 74.00 | 4 | 1 |
| මහේල ජයවර්ධන | 4 | 4 | 1 | 168 | 84* | 0 | 1 | 0 | 56.00 | 2 | 0 |
| තිලකරත්න ඩිල්ෂාන් | 4 | 4 | 1 | 116 | 44 | 0 | 0 | 0 | 38.67 | 2 | 0 |
| නුවන් කුලසේකර | 3 | 3 | 1 | 65 | 58* | 0 | 1 | 0 | 32.50 | 1 | 0 |
| ජීවන් මෙන්ඩිස් | 1 | 1 | 0 | 25 | 25 | 0 | 0 | 0 | 25.00 | 0 | 0 |
| ළහිරු තිරිමාන්න | 4 | 3 | 0 | 73 | 57 | 0 | 1 | 0 | 24.33 | 0 | 0 |
| ඇන්ජලෝ මැතිව්ස් | 4 | 3 | 0 | 72 | 51 | 0 | 1 | 0 | 24.00 | 0 | 0 |
| දිනේෂ් චන්දිමාල් | 3 | 2 | 0 | 31 | 31 | 0 | 0 | 1 | 15.50 | 0 | 0 |
| ලසිත් මාලිංග | 4 | 3 | 2 | 11 | 7* | 0 | 0 | 0 | 11.00 | 0 | 0 |
| රංගන හේරත් | 4 | 2 | 1 | 10 | 8* | 0 | 0 | 0 | 10.00 | 0 | 0 |
| තිසර පෙරේරා | 2 | 2 | 0 | 15 | 15 | 0 | 0 | 1 | 7.50 | 0 | 0 |
| කුසල් ජනිත් | 4 | 4 | 0 | 14 | 6 | 0 | 0 | 1 | 3.50 | 1 | 0 |
| ශමින්ද එරංග | 3 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0.00 | 1 | 0 |
| කෙටි යෙදුම් | |||||||||||
| ත-තරග, ඉ-ඉනිම, නො-නොදැවීම්, වැ.ල.- වැඩිම ලකුණු, උ.ප.- උඩපන්දු, ස්ට-ස්ටම්ප් කිරීම් | |||||||||||
| ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ පන්දු යැවීම | |||||||
| නම | තරග | ඕවර | නි. ඕ. | ලකුණු | කඩුලූ | හො. ප. යැ. | ඕ. ල. |
| ලසිත් මාලිංග | 4 | 37.0 | 4 | 206 | 7 | 34/4 | 5.56 |
| රංගන හේරත් | 4 | 34.0 | - | 144 | 5 | 46/2 | 4.23 |
| ශමින්ද එරංග | 3 | 26.0 | 1 | 165 | 5 | 45/2 | 6.34 |
| නුවන් කුලසේකර | 3 | 29.0 | - | 129 | 4 | 42/3 | 4.44 |
| තිලකරත්න ඩිල්ෂාන් | 4 | 14.0 | 1 | 52 | 2 | 11/1 | 3.71 |
| ඇන්ජලෝ මැතිව්ස් | 4 | 13.0 | - | 59 | 2 | 10/1 | 4.53 |
| ජීවන් මෙන්ඩිස් | 1 | 3.0 | - | 28 | 1 | 28/1 | 9.33 |
| තිසර පෙරේරා | 2 | 8.0 | - | 29 | 0 | - | 3.62 |
| කෙටි යෙදුම් | |||||||
| නි.ඕ - නිලකුණු ඕවර, හො.ප.යැ - හොදම පන්දු යැවීම, ඕ.ල. - ඕවරයකදී ලකුණු | |||||||
සංඛ්‍යාත්මක දත්ත සැකසුම : රොෂාන් ගුණරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දිමාල් දහස් වටිනවා,මැතිව්ස් නම් ටෙස්ට් ගහන්නම තමා. නායකත්වයට වඩා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට හිටියා නම් හොඳයි වගේ. කුසල් බැටින් ලයිනප් එකේ පහලට දැම්මා නම් මීට වඩා ගහනවා. ඊලඟට ආයේත් ඉන්දියාව හමුවෙනවා අපිට. එතකොට බලමුකෝ, අපි ඊලඟ මාසේ (නි)
අයි මේ හැමෝම අයි පි එල් අල්ලගන. එතකොට පකිස්තානය අයි පි එල් ගැහුවද? අපේ වොට්මෝ ඉඳලත් පැරදුනේ. මෙතන ප්‍රශ්නේ අයි පි එල් නොවේ. නවකයන්ගේ දස්කම් වල ප්‍රශ්නයක්. අපට හැමදාම දිල්ෂාන්, සංගා,මහේල මත දිනන්න බැහැ. ලෝක කුසලානේ දිනද්දී එකොලොස්දෙනාම එකවගේ ක්‍රීඩා කලා. සහයෝගය දුන්න. අද එහෙම එකක් නැහැ. තනි තනිව ගහනවා. කිසිම නවක අයකුට වගකීමකින් පහර දෙන්න බැහැ. ස්‌ථාවරත්වයක් නැහැ. කණ්ඩායම පමණක් නොව පසු පසින් ඉන්න කණ්ඩායමත් මේකට වග කියන්න ඕන.හොඳම උදාහරණය දිගටම අඩු ගානට අවුට් වෙද්දී මහේලව ආරම්භක පිතිකරු ලෙස එවල කුසල් වෙනුවට වෙන අයකු අඩුම තරම අවසන් තරඟයේවත් දැම්මද? (අ)
මොන පිස්සුද. අයි.පී.එල් වල අපේ ක්‍රීඩකයෝ වැඩි හරියක් බංකු වල වාඩිවෙලා හිටිය අනෙක් විදේශ ක්‍රීඩකයෝ සෙල්ලන කරන හැටි බල බලා. අවස්ථාව ලැබුනත් ලකුණු අඩුවෙන් රැස් කරලා ඉකමනට දැවිලා ගියා. ඉන්දියාවේ පිතිකරුවන් මාලිංගට හොදින් පුරුදු වුණා.(නදී)
කවුරු මොනවා කිවුවත් ඉන්දියාවේ ක්‍රිකට් ගොඩ ගියේ අයි.පී.එල්. නිසයි (නි)
අපේ අය අයි.පී.එල්. යන්නේ ක්‍රීඩා දියුනු කර ගන්න නෙමෙයි. අද්දැකීම් ලබා ගැනීම නම් බොහොම අඩුයි (නි)
නිල්මිණි , සමින්ද , ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවත්වන එස්.එල්.පී.එල්. තරගාවලියට ඉන්දියානුවන් නොපැමිනෙන්නේ ඇයි ??? මගේ පෞද්ගලික හැගිම වන්නේ අපේ කොල්ලෝ අයි.පී.එල්. යන්න ඕනෑ නැහැ. ලංකාවේ අන්තර් සමාජ තරග හොද මට්ටමකට ගන්න පුළුවන්, එමගින් අපි අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. (නි)
නිල්මිණි, ඔබගේ අදහස නිවැරදියි. අයි.පී.එල්. නිසා අපේ ක්‍රීඩකයන්ගේ අඩු පාඩු ඉන්දියානුවන්ට දැන ගන්න ලැබුනා. නමුත්ඒකේ අනිත් පැත්ත සිද්ද නොවෙන්නේ ඇයි ? අපේ ක්‍රීඩකයන්න්ට ඉන්දියානුවන්ගේ අඩු පාඩු දකින්න බැරි ඇයි? අයි.පී.එල්. නිසා අපිටත් අවස්ථාවක් තිබෙනවා ඔවුන්ගේ අඩු පාඩු සොයා ගන්න පුහුණු කරුවෝ කලමනකරුවෝ ජෙෂ්ට ක්‍රීඩකයෝ මීට වඩා ඒ ගැන සැලකිල්ලක් දැක්විය යුතුයි (නි)
මොනම හේතුවක් නිසාවත් ආධුනිකයන් ජාතික කණ්ඩායමට ගැනීම සුදුසු නැහැ. චරක් කිව්වා වගේ පහල සිට එන අයට අවස්ථා දෙන්න ඕනෑ. අනිවාර්යයෙන්ම ජාතික කණ්ඩායමට එන්න දෙවන පෙළ හොදට දස්කම් දැක්විය යුතුයි. ඒ සමගම 19 පහල දක්ෂයන්ව දෙවන පෙළ අවස්ථා දිය යුතුයි. මෙය මගේ හැගීමයි. තවද මොවුන්ට දෙන දීමනා ටිකක් අඩුකළ යුතුයි (නි)
නිල්මිණි , ඉන්දියානුවෝ දක්ෂ නිසා තමයි අපි පරදින්නේ. නමුත් පැහැදිලි ලෙසම අයි.පී.එල්. ඉන්දියානුවෝ දක්ෂයෝ බවට පත් කරනවා. ඔයා ඒක පිලි ගන්නවද ? (නි)
සංඛ්‍යාත්මක දත්ත පස්සේ බලපු කෙනෙක්. (ත)
චාරක, ඔබගේ අදහස 100% නිවැරදියි. (නි)
ඕෂන්, අනේ මේ ඉතින් අපේ අය අයි.පී.එල්. ගිහාම ඉන්දියාවේ අය අපේ දුර්වලතා අදුනා ගන්නවා වගේ අපේ අයටත් හොද අවස්ථාවක් එයාලගේ දුර්වලකම් හදුනා ගන්න. මොනවත් නෙමෙයි මෙයාලට වැඩිය ඉන්දියානුවෝ දක්ෂයි (නි)
ඔය එක්කම දැම්මා නම් හොද නැද්ද අත ඇරපු උඩ පන්දු ගැනත්? (නි)
දක්ෂ දෙවන පෙළක් තියෙනවා නම් ඔහොම වෙන්න නැහැ.ඔය අලුත් ක්‍රීඩකයෝ ඕනෑවට වඩා පුම්බන්නේ නැතුව, පුළුවන් තරම් අලුත් ක්‍රීඩකයෝ අතර කණඩායමේ තැනකට තරඟයක් ඇතී කරතොත් අපිට අනාගතයක් තියේවී. එහෙම නැත්නම් අපිත් මීට වර්ෂ කිහිපයකට පෙර කොදෙව් පිල ( දැන් එහෙම නැත ) වැටි තිබු තැනට වැටෙයි. (නි)
අනිල්, ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව ඉදිරියට හැමදාම පරදින්නේ අයි.පී.එල්. නිසා. මොකද ඔවුන් අපේ ක්‍රීඩකයන්ගේ දුර්වලතා හොද හෙටි ඉන් අදුනා ගන්නවා (නි)
අනිත් රටවල් දිහා බලනකොට කොච්චර තරුණ ක්‍රීඩකයන්ගේ දියුණුවක් පේනවද? අපේ කණ්ඩායම තවමත් පැරණිම ක්‍රීඩකයන් 4 දෙනෙක් මත යැපෙන බව මේ පරාජයෙන් තේරෙනවා. මෙහෙම ගියොත් ඔවුන් විශ්‍රාම ගිය විගස අපේ ක්‍රිකට් කණ්ඩායමේ කිසිම වැඩක් නැතුව යනවා. වහාම මේකට විසඳුමක් ලෙස තරුණයන්ට වගකීමක් සහිත ක්‍රීඩා කරන්න අවස්ථාව ලබාදිය යුතුයි. දිනුම වැඩක් නැහැ. එය තාවකලිකයි. කණ්ඩායමේ මූලය හදාගැනීම වඩාත් වැදගත්. (නි)
1 වැනි තරගෙදි දෝලනය වන බෝලෙට වැරදි පාරක් ගැහුවා තමා. ගහල 0 ට අවුට් වුනාට, මම නම් චන්දිමාල්ට වැරැද්දක් කියන්නෙ නැහැ නමුත් චන්දිමාල් තරයේ හිතට ගන්න ඕනෑ ඒ පාරෙන් ලංකවේ කී දෙනෙක්ගේ පපුව එවෙලේ නැවතුනාද කියලා 2 වැනි මැච් එකේ මහේල එක්ක දාපු සම්බන්දතාව හින්දා ඒ ලකුණු ගානට යන්න පුළුවන් වුනා, ඒක අපි දිනුවා. 3 වැන්නට චන්දිමාල්ව අයින් කලා (නි)
සංගක්කාර ,මහේල ,ඩිල්ෂාන් කොහොමත් වැඩපෙන්නලා ඇතුලට ආපු අය.ඔතන ඉන්නවා තවත් වැඩකරුවෝ කීප දෙනෙක් එයාලා අනාගෙන තියෙන්නේ අයි.පි.එල් වලින්. කට්ටිය ඉන්දියාවට යවලා පුහුනුවක් දීලම ගන්න වෙනවා. (නි)