IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නවකවදයෙන් සිසුවකු මැරූ සිසුවාට මරණ දඩුවම

පේරාදේණිය විශ්ව විද්‍යාලයයේ ඉන්ජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවකු වූ සෙල්ව විනයාගර් වරප්‍රකාශ් නවක වද සිද්ධියක දී පැහැරගෙන ගොස් මරා දැමූ බාලචන්ද්‍රන් ප්‍රසාද් සදීශ්කරන්ට මධ්‍යම පළාත්බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඊයේ (04) මරණ දඩුවම නියම කළේය.

දඬුවම් නියමවූ බාලචන්ද්‍රන් ප්‍රසාද් සදීශ්කරන් 1997 ඔක්තෝබර 26 වැනි දා මිය ගිය සිසුවා පැහැරගන්නා විට එම විශ්ව විද්‍යාලයයේම වැඩිහිටි සිසුවකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටියේය.

2004 විත්තිකාර සිසුවා රටින් පළාගොස් ඇතැයි හෙළි වීම නිසා නඩුව විභාගයට ගත්තේ ඔහු නොමැතිවය.

නඩුතීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා රටින් පළා ගිය විත්තිකරු ජාත්‍යන්තර පොලිසියේ සහායෙන් අත්අඩංගුවට ගන්නා ලෙස ද නියෝග කළේය.

මෙම නඩුවේ දෙවැනි විත්තිකරුවකු වන සිවපාල සුන්දරම් කිබාහරන්, වරප්‍රකාශ් ඝාතනයට ලක්වූ ස්ථානයේ සිටි බවට අධිකරණයේ දී අනාවරණය වුවත් ඔහු සෘජු ලෙස මෙම ඝාතනයට සම්බන්ධ නොවූ බවට අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව දෙවැනි විත්තිකරුට රුපියල් 1500ක දඩයක් නියම කළ විනිසුරු ඊට අමතරව මිය ගිය සෙල්වවිනයගර් වරප්‍රකාශ්ගේ පියාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළේය.

මෙම නඩුවට අදාළ සිද්ධිය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ අතර සිද්ධියෙන් ඝාතනයට ලක්වූ ඉංජිනේරු සිසුවා එවකට එම විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් අතින් දරුණු ලෙස නවක වදයට ලක්වූ බව ද නඩු විභාගයේ දී අනාවරණය විය.

 



අදහස් (0)

නවකවදයෙන් සිසුවකු මැරූ සිසුවාට මරණ දඩුවම

බුද්ධදාස Saturday, 05 July 2014 01:35 PM

මේ වගේ දේවල් වලට උපරිම දඬුවම් අවශ්‍යයි (නදී)

:       0       0

බණ්ඩාර Friday, 04 July 2014 08:41 PM

නවක වදයෙන් කොච්චර ළමයින් ජීවිතේ ගැන කළකිරිලා ඉන්නවද? (නි)

:       0       0

බණ්ඩාර Friday, 04 July 2014 08:46 PM

කුමාර, අපේ විශ්ව විද්‍යාල වල විෂය කරුණු තාම පරණ ඒවා. ඒවා අලුත් කරන්න ඔය අන්තරේ අයට උවමනාවක් නැහැ. (නි)

:       0       0

රන්ජිත් Friday, 04 July 2014 08:46 PM

තීන්දුව දෙන්න අවුරුදු 17ක් ගිහින්.... (නි)

:       0       0

රවිදු Friday, 04 July 2014 09:01 PM

ඉතා හොඳ තීරණයක් (නි)

:       0       0

සමන් Friday, 04 July 2014 09:08 PM

කුමාර, ඔයා නිකන් මොකුත් නොදන්නා බබා වගේ කතා කරන්නේ. ඔය සිද්ධිය වෙනකොට මම ඔය සරසවියේ අවසන් වසරේ. එදා වගේම වසර 17 කට පස්සේ අදත් ඔය නවක වදය කොළඹ සරසවියේ හැර අනෙක් බොහෝ සරසවි වල තියනවා. (නි)

:       0       0

චානක. Friday, 04 July 2014 09:10 PM

සේන, කියලා වැඩක් නැහැ. අවාසනාවට අපි ඉපදිලා ඉන්නේ වැරදි කාලෙක වැරදි රටක. (නි)

:       0       0

සදුනි Friday, 04 July 2014 09:24 PM

මේ සිද්ධිය වනවිට අපි පාසල් සිසු අවදියේ. ගොඩක් පුංචියි. නමුත් හොඳට මතකයි. (නි)

:       0       0

අනෝමා Friday, 04 July 2014 09:34 PM

අධිකරණ තීරණයට ස්තූතියි! (නි)

:       0       0

මීනා Friday, 04 July 2014 09:52 PM

ඉතා කණගාටුදායක සිද්ධියක්. (නි)

:       0       0

විජයබා Friday, 04 July 2014 09:56 PM

නවක වදය යනු මහා වසංගත රෝගයකි. මේ ක්‍රියාවට විරුද්ධව ගුරුවරුන්, සිසුන් ඇතුළු සමාජයේ සියලු දෙනා දැනුවත් වී බලවත් මතයක් සමාජගත කළ යුතුයි. නවක වදය සම්බන්ධ සුළු සිද්ධීන් වලදී දෙවරක් සමාව දී, තුන්වැනි වර ශිෂ්‍යභාවය සම්පුර්ණයෙන් අහෝසි කළ යුතුයි. (නි)

:       0       0

අනුරාධ. Friday, 04 July 2014 10:02 PM

මුලින්ම අවධාරණයෙන්ම කියන්න ඕනෑ ඔය නවක වදය දෙන්නේ මානසික ව්‍යාධියකින් පෙළෙන අය බව. යහපත් සිතිවිලි තිබෙන අය තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්න සිතන්නේ නැහැ. මේ දුන් දඬුවම වගේ අනෙක් අයටත් හොඳට සැළකුවා නම් හොඳටම හොඳයි (නි)

:       0       0

උපුල් Friday, 04 July 2014 10:17 PM

නඩු තීන්දුව දෙනකොට වැරදිකාරයින් රටෙත් නැහැ.ලංකාවේ සමහර නඩු අහලා අවසන් වෙනකොට චුදිතයින් මහළු වෙලා (නි)

:       0       0

බි.පෙරේරා Friday, 04 July 2014 10:32 PM

මේක වුණේ රටේ කලබල කාලේ නේද? (නි)

:       0       0

රුවන් Friday, 04 July 2014 11:47 PM

නවක වධයට ලක්වන්නේ හැමවිටම හොස්ටල් එකේදී. කැම්පස් එක තුලදී නොවේ. එ්ක නිසා මම හිතන්නේ හොස්ටල් වෙනුවට පෞද්ගලික නවාතැන් ලබාගැනීමට රජය යම් සහනයක් (මුදලක්) ලබා දෙනවා නම් ඔය නවක වදය නැති කරන්න පුළුවන් කියලා (නදී)

:       0       0

බටුවත්ත ගමගේ සුමිත් කුමාර Saturday, 05 July 2014 12:07 AM

නිකම් බොරුවට කෑගහල වෑඩක් නෑ. මේ මැරුනු කෙනා සහ නවක වදය දුන්නු අය ඔක්කොමලා දෙමල අය. මිට අවුරුදු 17 කට කලින් යුද්දය උපරිම වකවානුවක සිදු උන සිදුවිමක්. (නදී)

:       0       0

අරවින්ද Saturday, 05 July 2014 12:24 AM

නවක වදය වැරදියි. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය නවක වදයට ලගු කරන්න බෑ. අනික 97 තරමි දැන් නවක වදය නැහැ. (නදී)

:       0       0

ටිරෝන් Saturday, 05 July 2014 12:44 AM

නවක වදය දෙන සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි. මන්ද, එවන් මන්ද බුද්ධිකයන්ට ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබාදීමත් ජාතික අපරාධයක් වෙන නිසා. (නදී)

:       0       0

සම්පත් Monday, 07 July 2014 11:55 AM

මේවා නතර කරන්න ඕනේ (නදී)

:       0       0

අශාන් Saturday, 05 July 2014 03:35 AM

සේන ඔබේ කතාවට මාත් එකගයි. අපි ඉන්න රටවල මේ වගේ නඩු වලට එක දිගට දින නියම කරනවා. විත්තිකරු අවුරුදු 7 පස්සේ රටින් යනකම් දන්නේ නැහැ. අන්තිමට අහිංසක පියාට දරුවාගේ වටිනාකම වුනේ රුපියල් ලක්ෂයයි. කරුණාකර නීතිය ක්‍රියාත්මක කිරීම වේගවත් කරන්න. (නදී)

:       0       0

ටිරෝන් Saturday, 05 July 2014 03:42 AM

මේ තිරණය දෙන්න තිබුනේ මිට කලින්. ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉන්න වැඩි හරියක්ම කරන්නේ අපිට තව පහසුකම් දෙන්න කියල තියෙන රාජ්‍ය දේපල විනාශ කරන එක. එ්කෙන් කරන්නේ ඊළඟ වසරේ එන ශිෂ්‍යන්ට තියෙන පහසුකමුත් නැතිවෙන එක. මේකට කරන්න තියෙන්නේ හැම ළමයෙක්ම අතුලුවෙනකොටම පොරොන්දුවක් අත්සන් කරලා හැම කෙනෙක්ම එක තුන්වරක් කඩකරොත් අස්කරන එක. මොකද කොච්චර මොලේ තිබුනත් විනීත බවක් නැත්නම් ඔහු කුලුහරකෙක් හා සමාන නිසා. මේ දේවල් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා උසස් අද්‍යාපන ඇමතිට කරන්න තියෙන දේවල්. අනික තමා විශ්ව විද්‍යාලවල හැම සමිතියක්ම තහනම් කරන්න ඕනා. ඒ ළමුන් එන්නේ ඉගන ගන්න සමිති සමාගම් හදන්න නෙමේ. එහෙම සමාගම් හදන්න උනා නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මරණාධාර සමිති පිහිටන එක මොකද නවක වදෙන් නැතිවෙන ළමුන්ට එ්කෙන්වත් සහනයක් ලැබෙන නිසා. ජනාදිපති තුමනි ඉගනගන්න තියෙන පාසල කනත්තක් වෙන්න දෙන්න එපා. (නදී)

:       0       0

මදුෂාන් Saturday, 05 July 2014 07:18 PM

අවුරුදු 17ක් ගියාද ඕක දෙන්න. (නදී)

:       0       0

සිරී Saturday, 05 July 2014 07:29 PM

කොහොම උනත් අන්තරේ කට්ටිය මේ තීන්දුවටත් විරුද්ධව පෙළපාලි පිකටින් උද්ඝෝෂණ තියයිද දන්නේ නැහැ (නදී)

:       0       0

ෆ්රන්චිස් Saturday, 05 July 2014 04:38 AM

ඔය අන්තරේ කියන මානසික ලෙඩ මනසක් තියන අය තමයි ඕවා කරන්නේ. ඔය අන්තරේ තුරන් කරපු දවසට ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න පුලුවන් (නදී)

:       0       0

සම්පත් Saturday, 05 July 2014 04:58 AM

ඇත්තද කුමාර, ඔයා දන්නා අන්තරේ දරුවෝ. එ්කත් ත්‍රස්තවාදයක්. නමුත් ජනතාවට පේන්නේ නැහැ විශ්ව විද්‍යාල ඇතුලේ වෙන නිසා. මේගොල්ලෝ මේ හැමදේම සාධාරණීකරණය කරන්න යොදා ගන්න වචන තමයි නිදහස් අධ්‍යාපනය සහ විශ්ව විද්‍යාල තුල උප සංස්කෘතිය. අන්තරේ අසාධාරණ ක්‍රියා වලට බහුතර ළමුන් අකමැතියි. අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන පැමිණි කාරණය ඉටු කර ගන්න බැරි වෙයි කියල බයට සද්ද නැතුව ඉන්නවා. නමුත් යුක්තිය නොඉවසන කොන්ද පන ඇති අය මේ අසාධාරණයට එරෙහි වෙනවා. අන්තරේ කියන්නේ ජේ.වී.පී කුරුටුගාමීන්ට කඩේ යන අයට. නමුත් තමන් එසේ කරන බව ප්‍රසිද්දියේ කියන්න බය කපටි රැලක්. මොවුන් විශ්ව විද්‍යාල පාලනාධිකාරියෙන් මොනවා හරි ළමයින්ට පහසුකමක් දෙන්න යනකොට ඒ බව කලින් දැන ගත්තොත් එය 'දියව්' කියල වහාම පිකටින් කරනවා ලකුණු දාගන්න. නොදන්නා අය හිතන්නේ ඒ පහසුකම මේගොල්ලෝ උද්ගෝෂණ කරලා ලබා දුන්න කියලා. මේගොල්ලෝ විරුද්ද මත දරන අයට මුලින්ම බනිනවා. බැරි නම් ගහනවා. බැරිම උනොත් මරනවා. මේ ළමයා අන්තරේ නියෝජිතයන් වන මහා ශිෂ්‍ය සංගමයෙන් ඉවර කළේ ඔහු කොන්ද කෙලින් තියාගෙන හිටපු නිසා. මේ යතාර්තය අපේ සමාජය තුලට තාමත් කාන්දු වෙලා නැහැ වාසනාවට. එදාට ඔය අන්තරේ පව්කාරයන්ට මිනිස්සු කෙල ගහාවි දුටු තැන. (නදී)

:       0       0

උපුල් ඉන්දික Friday, 04 July 2014 04:52 PM

මෙන්න මේ නිසා තමයි පුද්ගලික විශ්ව විද්‍යාල අපට ඕනෑ. (නි)

:       0       0

ශෙහාන් Friday, 04 July 2014 05:02 PM

කවුද මේවාට වගකියන්නේ? (නි)

:       0       0

හේමන්ත Friday, 04 July 2014 05:02 PM

ඇයි සිසුන් මෙහෙම හැසිරෙන්නේ? (නි)

:       0       0

හේරත් Friday, 04 July 2014 05:03 PM

නවක වදයකින් සිසුවකු මරන්න තරම් ඇයි සිතක් දරුණු වුණේ? (නි)

:       0       0

කුමාර Friday, 04 July 2014 05:07 PM

මනුෂ්‍යයෙකුට කරන්න පුලුවන්ද මෙහෙම දෙයක්? ඇයි තව කෙනෙක්ව මෙහෙම මැරුවේ? (නි)

:       0       0

සෙව්වන්දි Friday, 04 July 2014 05:10 PM

එතකොට අහිංසක පියෙකුගේ දුවව පැහැරගෙන ගිය දේශපාලකන්ට දෙන දඩුවම මොනවද? වාහන පර්මිට්ද ? විදේශ සංචාරද ? කෝටි ගණන් වටිනා නිල නිවාසද? මොනවද? කියන්ඩකෝ (නදී)

:       0       0

ශංක Saturday, 05 July 2014 06:51 AM

මම නම් කියන්නේ අන්තරේ තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕනේ. මේකට හොඳම විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම (නදී)

:       0       0

බංඩාර Saturday, 05 July 2014 06:52 AM

සම්පත්, කතාව 100% ඇත්ත. අන්තරේ කියන්නේ වෛරස් එකක් වගේ. එක එක කාලෙට එක එක ලෙඩ දානවා. බොරුවට පිකටින් කරනවා. යල් පැනපු සමාජවාදී අදහස් දරන ලින් ගෙම්බෝ ටිකක්. (නදී)

:       0       0

රන්ජිත් Friday, 04 July 2014 05:22 PM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

රොෂාන් Friday, 04 July 2014 05:22 PM

ලංකාවේ මෙහෙම දේවලුත් වෙනවද? සිසුවෙක්ට පුලුවන්ද තවත් සිසුවෙකුට මෙහෙම කරන්න? (නි)

:       0       0

රෝයි Friday, 04 July 2014 05:38 PM

සිසුන්ට දෙවන වසරට යන විට පළමු වසරේ ගතකළ අපහසුතා වදහිංසා අමතකයි. දෙවන වසරේදී ඔවුන්ට 'අං' එනවා. අලුත් සිසුන් පිළිගන්න කායික මානසික පීඩා නොවන වෙනත් ක්‍රම මොනතරම් තිබෙනවද? එසේ නොකර නවක සිසුන්ගෙන් පළිගැනීමයි මොවුන් කරන්නේ. (නි)

:       0       0

අරවින්ද Monday, 07 July 2014 04:57 PM

අදහස් දක්වා තිබෙන කිසිම කෙනෙක් සිද්ධිය ගැන හරියට දන්නෙ නැහැ වගෙයි (නි)

:       0       0

නිමල් Friday, 04 July 2014 05:39 PM

සෙව්වන්දි දුව, අවාසනාවට ඒක එහෙම තමා. (නි)

:       0       0

සාරසී Friday, 04 July 2014 05:41 PM

මේ වගේ දේවල් වලට උපරිම දඬුවම් අවශ්‍යයි (නි)

:       0       0

දයාල් Friday, 04 July 2014 05:43 PM

සෙව්වන්දි වගේ හිතන අය ලංකාවේ ඉන්නාතුරු ලංකාව දියුණු වෙන්නෙ නැතිවෙයි. (නි)

:       0       0

නිලංක Friday, 04 July 2014 05:47 PM

මෙය මීට වසර 17 කට කලින් උනු දෙයක්. එහෙම එකක් හින්ද දැන් පුද්ගලික විශ්ව විද්‍යාල අපට ඕනෑ කියන අය ඉන්න රටක් මේක. (නදී)

:       0       0

කුසලාවති Friday, 04 July 2014 05:57 PM

මෙන්න මේ වගේ වින්ශ්චයකාරයවරු තමා අපේ රටට අවශ්‍ය, ජයවේවා ! (නදී)

:       0       0

රෂාන් Friday, 04 July 2014 06:07 PM

රොෂාන්, දයාල්, ඔයාලා විදේශිකයෝද? (නි)

:       0       0

නුවන් Friday, 04 July 2014 06:12 PM

දයාල් වගේ හිතන අය ඉන්නකම් මේ රට විනාශ වෙන එක නවත්වන්න බැහැ. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Saturday, 05 July 2014 09:19 AM

නවසීලන්තයේ විශ්ව විද්‍යාලවල කාටවත් නොමිලේ ඉගෙන ගන්ඩ බැහැ. අපේ දුප්පත් රට එහෙම කරන්නේ නැහැ. අරගල කරන කට්ටිය මේ ගැන හිතන්න ඕනේ (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 04 July 2014 06:14 PM

විනිසුරුතුමාට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

සුසන්ත Friday, 04 July 2014 06:20 PM

නවක වදය දෙනවා කියන්නේ, තමුන්ගේ පහත් මානසිකත්වය පෙන්නුම් කිරීමයි. ඒ වගේම තමනුත් "පොරක් " බව අන් අයට ප්‍රදර්ශනය කිරීමයි. නමුත් " පොරවල් " වීම කෙසේ වෙතත්, බහුතර මහජනතාව මොවුන්ගේ හැසිරීම පිළිකුලෙන් හෙළා දකිනවා. (නි)

:       0       0

ඉන්දික Friday, 04 July 2014 06:23 PM

ගරු අධිකරණයට අපගේ උපහාරය! අපේ රටට අවශ්‍ය මෙන්න මේ වගේ නීතියට වැඩ කරන විනිශ්චයකාරවරුන්. (නි)

:       0       0

තාරක Saturday, 05 July 2014 09:43 AM

ලංකාවට මොකද වෙලා තියෙන්නේ ? (නදී)

:       0       0

ගයනි Friday, 04 July 2014 06:29 PM

අධිකරණයේ තීන්දුවට ගරු කරනවා (නි)

:       0       0

හසිත් Friday, 04 July 2014 06:41 PM

දැන් මේ පළවන විත්තිකාරයා කොහෙද එතකොට? (නි)

:       0       0

රොහාන් සෞදි Friday, 04 July 2014 06:41 PM

මරණ දඩුවම දුන්නාට මදි. එය ක්‍රියාත්මක කරන්න ඕනෑ. නැත්නම් මේ අපරාධ රැල්ල නවතින්නේ නැහැ (නි).

:       0       0

විමුක්ති Sunday, 06 July 2014 01:21 AM

මොනවා කියනවද කියලා මට හිතාගන්න බැහැ (නි)

:       0       0

ව. සුමේධ ෆෙර්ණන්දෝ Saturday, 05 July 2014 10:28 AM

අපේ රටේ නීතියේ තිබෙන දුර්වල කම මේක තමයි. සිද්දිය වෙන්නේ අවරුදු 20 කට කලින් නඩු තීන්දුව ලැබෙන්නේ අද. එහෙම වෙද්දී චුදිතයා රටෙත් නැහැ. නීතියේ ක්‍රියාන්විතය ඔයිට වැඩියවද කාර්යක්ෂම කලානම් රටේ ධනයත්, සාධාරනයත් සුරැකෙනවා කියලයි මගේ අදහස. (නදී)

:       0       0

සුරිය කාන්ත Saturday, 05 July 2014 10:34 AM

බටහිර සමාජවාදියෝ මේවට වග කිව යුතුය. මේ අයගේ මහ ලොකු සමජවාදේ ගැන දන්නවා කැම්පස් ගිය ඕන කෙනෙක් (නදී)

:       0       0

කසුන් Saturday, 05 July 2014 10:44 AM

එතකොට ලංකාවේ විශ්ව විද්‍යාල කියන්නේ වදකයන් සිටින වදකාගාර. දඩුවම් දෙන්නේ කිසිම වරදක් නොකරපු අහිංසක මිනිස්සුන්ට (නදී)

:       0       0

සමන් Friday, 04 July 2014 06:55 PM

එදාට වඩා මෙදාට වටිනා තීන්දුවක්. ඉදිරියේ දී මෙවන් විපත් නැවත නොවීමට නවක වධයට උඩ ගෙඩි දෙන අන්තවාදී සිසු සංගම් වහා තහනම් කර නවක වධය සරසවි බිමෙන් දැන්වත් තුරන්කරමු. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 05 July 2014 10:47 AM

අපේ අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉතාමත් හොදින් පැහැදිලි වෙනවා මේ නඩුවෙන්. තීන්දුව දෙන්න අවුරුදු 17ක් ගිහින්. අපේ සෙව්වන්දි නගා ඒ අස්සේ එතනත් මාළු බාන්න හදනවා. දැන් ඔය කියන ගැහැනු ළමයා පැහැර ගෙන යනවා සෙව්වන්දි දැක්කද. දේශපාලකයෙක් ආව දැක්කද. එහෙම ආවම කියමුකෝ. කෙල්ල කැමැත්තෙන් ගියේ නැතුව පැහැර ගැනීමක් උනා කියල ඔයා හරියටම දන්නවද? (නදී)

:       0       0

සෙයාඩ් Saturday, 05 July 2014 10:52 AM

මිනිමැරුමට තීන්දුව ලබාදීමට අවුරුදු 17ක් ? මැරුණු පුතා වෙනුවෙන් පියාට ලක්ෂයක්. (නදී)

:       0       0

කසුන් Saturday, 05 July 2014 11:02 AM

වැඩි හිටි විශ්ව විද්‍යාල සිසුන්ට මනෝ වෛද්‍ය සායනයක් තිව්වා නම් නරකද ? (නදී)

:       0       0

චමින්ද Sunday, 06 July 2014 03:35 AM

මෙතන නවක වදය වහෙන්ඔරෝ භාෂාවෙන් සධාරණීයකරණය කිරීමට උත්සහා දරන, එදා තරම් දරුණුවට අද නවක වදය නැහැ කියන මතයේ සිටින හෝ විශ්ව විද්‍යාලයකට ගිය කවුරුහරි කියනවද බලන්න ,නවක වදය දීමෙන් මොවුන් කුමක්ද බලාපොරොත්තු වන්නේ කියා.මම විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙක් නෙමෙයි.දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

රොෂාන් Monday, 07 July 2014 06:03 PM

ඇයි ආණ්ඩුවට බැරි නවක වදය නවත්තන්ඩ.(අ)

:       0       0

නුවන් Friday, 04 July 2014 07:22 PM

එතකොට එළිපිට මිනී මරපු අයට මොකද කරන්නේ. කෝ නීතියක්. ඔය කෑ ගහන එක්කෙනෙක්වත් ඒවා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? මේ දඬුවම නීතිය සාධාරණයි. ඒත් ඒ නිතිය හැමෝටම එක සමාන විය යුතුයි (නදී)

:       0       0

කුමාර Friday, 04 July 2014 07:31 PM

මේක මේ 97 උන එකක්නේ. ඔය නවක වද දැන් කැම්පස් වල නැහැ. අපේ දරුවෝ තාමත් නිදහස් අධ්‍යාපනය ලබන්නේ අන්තරේ දරුවෝ එ්ක රැක ගත්ත නිසා (නදී)

:       0       0

ගයාන් Saturday, 05 July 2014 11:52 AM

අන්තරේ කියන්නේ විසක්. අවරුදු 18 - 25 කියන්නේ ඕනෑම එකෙක්ට හොඳට අන්දන්න පුළුවන් වයසක්. උන් ඒකෙන් වැඩ ගන්නවා. 77 87 කාලේ මැරුනේ මේ රටේ විශ්ව විද්‍යාල වල හොඳට ඉගෙන ගත්තු කොල්ලෝ කෙල්ලෝ. හිතන්න අද උන් හිටියා නම් (නදී)

:       0       0

චමින්ද Friday, 04 July 2014 07:39 PM

නුවන්,අපිට කියන්න තිබෙන දේවල්, කියන්න අවශ්‍ය වුණාට එහෙම කරන්න අමාරුයි (නි)

:       0       0

කැලුම් Friday, 04 July 2014 07:41 PM

අවුරුදු 17 කට පසුව ලැබුණ තීන්දුවක් (නි)

:       0       0

සුසන්ත Friday, 04 July 2014 07:45 PM

කුමාර, සැබෑවක්ද පවසන්නේ? නවක වදය ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

සේන Friday, 04 July 2014 07:52 PM

මේක වෙලා තියෙන්නේ 1997. නමුත් 2004 විත්තිකරු රටින් පැනල ගිහින්. එ් කියන්නේ මිනීමරුවා නිදැල්ලේ ඉඳල තියෙන්නේ. මරණ දඩුවම දුන්නත් මිනීමරුවා ලංකාවේ නැහැ . අවුරුදු 17 ගියා තීන්දුව දෙන්න. තීන්දුව දෙනකොට මිනීමරුවා ලංකාවෙත් නැහැ. මැරුණු ළමයගේ දෙමාපියෝ වයසට ගිහින් දැන් මැරිලත් ඇති. (නදී)

:       0       0

කමනී Friday, 04 July 2014 07:55 PM

අහිංසක දෙමාපියෝ දරුවන් ලොකු මහත් කරලා උසස් අධ්‍යාපනය ලබාදෙන්න මොන තරම් දුකක් විදිනවද? මේ වගේ අපරාද කරන අයට ජීවත් වෙන්න අයිතියක් නැහැ. මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 275 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2045 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 925 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1016 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1240 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site