නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්වීමේ නඩුවේ ප්‍රධාන සාක්කිකරුවකු වූ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ පුණ්‍යසේනගේ සිරුර ළිඳකින් හමුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිසියෙන් ඉල්ලයි.
එම නඩුවේ සුසිලා හේරත් මහත්මියගේ ජයග්‍රහණයට පුණසේනගේ සාක්කිය බෙහෙවින් වැදගත් වී යැයි ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ කොට ගවුමක් ඇඳන් ගිය නිසා ලංකා තිලක් වත් කවුදෝ දන ගස්සලා! මොකද මේ පරල වෙලා වගේ කියවන්නේ. ? (නදී)
හැඳි නොගා හදන හොද්ද වගේ දරුවන් හදන දෙමව්පියන්ටම මතු කලක ප්‍රතිපල ලැබේවි. (නදී)
තමන්ගේ ළමයින්ව හරියට හදා ගෙන නැති දේශපාලකයන් දරුවන් ගැන අනිත් දෙමව්පියන්ට උපදෙස් දිදී රට වටේම යනවා. (නදී)
නුවර කාර් එකක් උඩ රඟපු තාත්තගේ ,වටරැක හාමදුරුවන්ගේ ,ට්‍රැෆික් රාලහාමිගේ (එයා තාම නාගෙන යනවා) සිදුවීම් වලදී කට්ටිය මේ තීරුවේ දාපු අදහස් වගේම තමයි මේකත්..විකුනන්න ලැබුණු වෙලාවේ අම්ම තාත්ත උනත් විකුණන දේශපාලන අපතයෝ පිරිච්ච මේ තීරුවේ දැන් කට්ටිය නඩුව අහල තීන්දුවත් දීල ඉවරයි ..පැමිණිල්ලත් එයාල..නඩු අහන්නෙත් එයාල ..තීන්දු දෙන්නෙත් එයාල. තාම මේ සිදුවීමේ අගක් මුලක් දන්නෙත් නැතුව. ඇහින් දැක්ක වගේ මේක විකුනන්න හදන හැටි දැක්කම හිනත් යනවා. කට්ටිය මේ පාරත් සුපුරුදු විදියටම හත්පොලේ ගාගෙන නා ගන්නවා. (නදී)
ඔන්න පස්ස උඩ දාගෙන ගිහින් ආයෙත් ඡන්දෙ දාන්න සුදුසු අපේක්ෂකයෙක්.(නදී)
මෙන්න කාලෙකින් ලංකා තිලක් හත්පලේ ගාගන්න ඇවිල්ලා. මෙයා තමයි දේශපාලකයන්ගේ කොරනෙල් රාලහාමි. මෙතන ඉන්න උදවියට අපතයෝ කියන්න කලින් ඔය කඩේ යන්න මල්ල පල්ලෙන් හැලෙන්නේ මොනවද බලන්න. (නදී)
නරකද ලංකා තිලක් ඔබත් කොට ගවුමක් ඇඳගෙන ගිහින් මේ පාසලේම පන්තියක ඉඳ ගත්තා නම් (නදී)
මෙයාව නැවත පළාත් සබාවට යවන්න එවිට අර මැඩම්ගේ මිනියත් ලිදකින් හමුවේවි ,මෝඩ මිනිසුනේ ඔලුව පව්ච්චිකරන්න (නදී)
මේ ලංකා තිලක් මෙතන ඔබට හරියන විදියට අදහස් ලියන්න අපි කවුරුත් බැඳිලා නැහැ. අපිට ඕන දෙයක් අපි ලියනවා. එය පල කරන්න සුදුසු නම් පල වේවි. හිතට අමාරු නම් ,ඔබත් කොට ගවුමක් ඇඳගෙන ඇවිත් මුළු පාඨක සභාවේම මිනිස්සුන්ව පුළුවන් නම් දන ගස්සවන්න (නදී)
අනේ මේ ලංකා තිලක් , ඔබ මෙතන නටන්නේ හරියට කාටද කොට ගවුම අන්දවපු කෙනා වගේනේ. මෙතන බහුතරයක් කියලා තියෙන්නේ පාසල් වල විනය නීති රීති වලට අනුව තමන්ගේ දරුවන් හදා වඩා ගැනීම ගැන. (නදී)
දේශපාලන බේබි ලාගේ ඇත්ත තත්වය කියන කොට ලංකා තිලක් ගේ දරු කැක්කුම දෝරේ ගලනවා. (නදී)
කුරුණෑගල මලියදේව ප්‍රශ්ණයට මොකක්ද වුනේ? මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගන්න ඕනේ (නදී
ඇඳගෙන රැලි සුදු ගවුමක් කොටට කොට. ලංකා තිලක් ආවලු අපේ සභාවට. අදහස් ලියන උදවිය දන ගස්සන්ට යනවිට මතක් විය ඇඳගත් ගවුමෙ කොට. (නදී)
මට පේන්නේ ගවුම කොට නිසා අමාරුවේ වැටිලා ඉන්නේ ලංකා තිලක් ද කොහෙද. (නදී)
ලංකා තිලක් බලාගෙන. ඔය කොට ගවුම ඇඳගෙන වැඩිය නැමෙන්න එපා. (නදී)
මේ මිනිසාගේ මරණය ගැන සැකයක් පහළවීම අමුතු දෙයක් නෙමේ.මොකෝ මේ සිද්දිය පිළිබඳව අපි හැමෝම දන්නා නිසා.එය සාධාරණ වූ සැකයක්.මෙය පිලිබඳ අපක්ෂපාතී තීරණයක් අවශ්‍යයි.අපි හදිසි වෙන්න ඕන නෑ කාටවත් ඇඟිල්ල දික් කරන්න.විමසිල්ලෙන් බල සිටිමු.නූගත් දේශපාලුවන් අපේ රටට කරන වින්නැහියක්.මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙහෙම නම් මොවුන් පාර්ලිමේන්තුවට ගියදාට අපිට අබ සරණයි.නවගත්තේගම හා කුරාම් ෂෙයික් සිද්ධීන් අපේ රටට ඉතාම අසුබදායි ලකුණු. (දී)
අන්න අන්තර්ජාලයේ සත්‍ය සිද්දිය තියෙනවා. පුලුවන්නම් බලන්න. (නදී)
ලංකා තිලක්,බන්දුල පෙරේරා දෙන්නාටම හරි අමාරුයි වගේ පාලනයේ වැරැද්දක් කියනකොට. (නි)
මේ තීරයට ලියන අය අතුරින් බුද්ධිමත්ම පුද්ගලයා බන්දුලයි. ඔය අදත් ලියලා තියෙන්නේ බුද්ධිය විකිරණය වෙන ජාතියේ කතාවක්. බල්ලෝ හඳට බුරන්නේ නිකන් නොවෙයි. (නි)
ආශ්චර්යයට යන මාවතේයි අපි දැන් ඉන්නේ (නි)
ළමයිනේ, කොට ගවුම උනත් කොට කලිසම උනත් මිනිස් සිරුරේ තිබෙන අවයව ගැන ඒ තරම් ලජ්ජා වෙන්න දෙයක් නැහැ. මම මේ කියන්නේ ගුරුතුමිය ට නෙවි, මේ අදහස් පල කරන අයටයි. (නදී)
මම නම් හිතන්නේ අපේ බන්දුලයයි මේ ලංකා තිලකුයි දෙන්නම ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා දෙන්නෙක්. මුන් දෙදෙනාම ලියන්නේ දේශපාලු භාෂාවෙන්. ඒ වෙනස හොදට පෙනෙනවා (නදී)
උක්කුන් දැන් කොට ගවුමක් දික් කරන්න ගිහින් නේද අන්තිමේ ළිඳකින් මිනියක් මතු වුනේ. අපිට මේ දේශපාලු ළමයින් හදන්න බැහැ. අපේ ළමයින් හදා ගන්නවා මිසක්. (නදී)
මේක පුදුම ලෝකයක්..දවසකට සිය දහස් ගානක් රිය අනතුරු වෙන රටේ අනුරකුමාරගේ රථය හැපෙන්න බැහැ..සෝභිත හාමදුරුවන්ගේ රථය හැපෙන්න බැහැ. ඒවා විශේෂ වාහන..මම හිතන්නේ එලවන්නේ දෙවි දේවතාවෝ වෙන්න ඇති. ඒවා හැපුනොත් එතන කුමන්ත්‍රණයක්..හිතා මතා සිදුකල සිදුවීමක්..කාටද මේ විහිලු සපයන්නේ.....මේ මනුස්සයාගේ මරණයත් දැන් හදන්නේ අර මනුස්සයාගේ බිලට කඩන්න පුලුවන්ද බලන්න.(නදී)
ලිබියාව, ටියුනීසියාව වගේ අපේ ටියුනීසියාව, ඊජිප්තුවට උනා වගේ අපේ රටේ ජනතාව එකමුතු වී ජන හඩක් නැගුවා නම් (නදී)
ජයන්ත, එහෙම හරියනවද? පාසැල පොදු තැනක්. දේශපාලකයින්ට ඕනෑ හැටියට යටන්න දෙන්න හැකිද (නදී)
දේශපාලක දරුවා කියල අහක බලගන හිටියොත් ටික දවසකින් මුළු පාසැලම පිනන ඇඳුම් ඇඳගන පාසල් එන්න ගනී. ප්‍රශ්නෙට විසඳුම මිනීමරු දේශපාලකයන්ව ඉදිරිපත් කරන දේශපාන පක්ෂ පරාජය කරලා නායකයන්ට පාඩමක් ඉගැන්වීමි. ජනපති හොඳ වැඩ කලට අපරාද මර්දනය කරන්නේ නැහැ.(නදී)
සාධාරණ පරීක්ෂණයක් පවත්වනවා කියලා කිව්වම එහෙම සාධාරණ පරීක්ෂණ වෙනවාද ? (නදී)
සාධාරණ පරීක්ෂණයක් ? අර හදෙන් ගෙනත් දුන්නු හාල් කැවිලද? (නදී)
තංගල්ලේ සිද්ධිය වගේ, මුළු ලංකාවම මේ සිද්ධිය දිහාත්, බලා ඉන්නවා කියලා හිතා ගත්තොත් හොදයි. (නදී)
ජයන්ත , ඔයාගේ කටට මසුරන්දන්න ඕනා. ඉස්සර දේශපාලනය කලේ ගමේ රටේ වැදගත් උගත් දක්ෂ මහත්වරු. අද ඊට වෙනස්. රට කාලා විනාශ කර දාලා තියෙන්නේ. (නදී)
මෙවැනි දේශපාලකයන්ට ඡන්දය දෙන අපේ වැරැද්ද තමා මේක. මේ සාක්කිකාරයන්ට එංගලන්තේ ගමන් බලපත්‍රයක් නොමැති නිසා කව්රුවත් මේ ගැන හොයන එකක් නැහැ (නදී)
ඇත්තමයි , මීට පස්සේ දෙන අවවාදයක් සාමාන්‍ය පුරවැසියන්ගේ දරුවන්ට දීලා මේ මැති ඇමති දරුවන් කැමති විදියට හැදුනාවේ කියලා ගුරුවරු නිකම් ඉන්න තියෙන්නේ. දරුවන් හරියට හදා ගන්න උවමනාවක් තිබෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට විතරයි. ඔබලා අපිට අපේ දරුවන් ටික හරියට හදල දෙන්න . දරුවාට වරදට දඬුවම් කළා කියල අපි නම් රෙදි අතේ අරගෙන පාසල ට කඩාගෙන එන්නේ නැහැ . මගේ ගුරුවරු ඉන්න පැත්තට මම අදත් වඳිනවා මාව මේ තැනට ගෙනාවට. (නදී)
දේශපාලකයන්ගේ විනයක් හික්මීමක් නැති දරුවන් ගැන කතා කරලා වැඩක් නැහැ. මීට පස්සේ කොටට නෙවෙයි නාන ඇඳුමින් සැරසිලා පාසල් ආවත් මේ දේශපාලක දරුවන්ට මොනවත් කියන්න එපා කියලා මම ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ. ඒ ගොල්ලන්ට ළමයින් හදා ගන්න උවමනාවක් නැතිනම් ඔබ තුමීල ඒ ළමයින් ගැන වද වෙන්න යන්න එපා. තමන් වපුරපු විදියට ඒ උදවිය කවදා හරි නෙලා ගනීවි. (නදී)
මම නම් මේ දේශපාලකයන්ගේ ළමයින් ඉන්න පන්තියකටවත් මගේ ළමය වැටෙනවාට කැමති නැහැ . (නදී)
අපිට බලවතුන්ගේ ලජ්ජා බය නැති දුවලයි චන්ඩි පුතාලයි හදන්න බැහැ. අපේ ළමයි හරියට හදා ගනිමු. (නදී)
ගොඩක් රට පාලනය කරන අතරේ මැරයෝ ඉන්නවා.(නදී)
දැන් ඉල්ලුවම, නොවරදවාම සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් හම්බු වෙයි බලාඉන්න. අපේ සීයා මේවා අහල කීවේ "මෙහෙව් රටේ පනමට පොල් හැටේ" කියලා. (නදී)
මමත් ලංකා ගුරු සංගමයේ සාමාජිකයෙක්. මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ගුරුසංගමය කලයුතු උපරිම දේ කලයුතුයි. මේ මරණයට සාක්කි දීම හේතුවක් නම් අනිවාර්යයෙන්ම අර ලැබුනු වන්දි මුදල හරි මදිනම් තවත් වියදම් කරලා හරි මේ වීර පුද්ගලයාගේ මරණයට වගකිවයුතු අයට උපරිම දඩුවම් දීමට කටයුතු කරමු. පාදඩ දේශපාලකයා හිරගෙදරටම යවමු. (නදී)
විලි ලජ්ජා නැති කමයි චන්ඩි කමයි කියන්නේ දේශපාලනයට අත්‍යාවශ්‍ය දේවල්. ඊළඟ පරම්පරාවටත් මේවා අඩුවක් නැතිව තියනවා කියලා ඔප්පු වුනානේ. මේවා ගුරුවරුන්ට හදන්න පුළුවන් දේවල් ද ? (නදී)
මෙහෙම බලනකොට මේ නඩුවේ අගතියට පත් පාර්ශවයේ ඉඳල සාක්කි කාරයා දක්වා ජීවිත අනතුරේ. (නදී)
මෙහෙම බලනකොට මේ නඩුවේ අගතියට පත් පාර්ශවයේ ඉඳල සාක්කි කාරයා දක්වා ජීවිත අනතුරේ. (නදී)
අර කුරුනෑගල විදුහල්පති කෙනෙක් ගුරිවරියක්ව සමාව ගන්න ගෙන් සමාව ගන්න නගර සභාවට යවපු එකට මොකද වුනේ (නදී)
අපි අපේ ළමයින්ව හරියට හදා ගනිමු. දේශපාලකයන් ළමයින් හදන ක්‍රමය හරිද වැරදිද කියලා එගොල්ලම අනාගතයේදී දැන ගනීවි. (නදී)