IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නවගත්තේගම ළිඳේ සිරුර ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්වීමේ නඩුවේ ප්‍රධාන සාක්කිකරුවකු වූ රාජකරුණා හේරත් මුදියන්සේලාගේ පුණ්‍යසේනගේ සිරුර ළිඳකින් හමුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිසියෙන් ඉල්ලයි.

එම නඩුවේ සුසිලා හේරත් මහත්මියගේ ජයග්‍රහණයට පුණසේනගේ   සාක්කිය බෙහෙවින් වැදගත් වී යැයි ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.



අදහස් (0)

නවගත්තේගම ළිඳේ සිරුර ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි

කුමාරි Sunday, 03 August 2014 09:16 AM

අපිට බලවතුන්ගේ ලජ්ජා බය නැති දුවලයි චන්ඩි පුතාලයි හදන්න බැහැ. අපේ ළමයි හරියට හදා ගනිමු. (නදී)

:       0       0

වසන්ත ද සිල්වා Sunday, 03 August 2014 09:23 AM

ගොඩක් රට පාලනය කරන අතරේ මැරයෝ ඉන්නවා.(නදී)

:       0       0

කුමාර් Sunday, 03 August 2014 09:28 AM

දැන් ඉල්ලුවම, නොවරදවාම සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් හම්බු වෙයි බලාඉන්න. අපේ සීයා මේවා අහල කීවේ "මෙහෙව් රටේ පනමට පොල් හැටේ" කියලා. (නදී)

:       0       0

පතිරණ Sunday, 03 August 2014 09:27 AM

මමත් ලංකා ගුරු සංගමයේ සාමාජිකයෙක්. මිය ගිය පුද්ගලයා වෙනුවෙන් ගුරුසංගමය කලයුතු උපරිම දේ කලයුතුයි. මේ මරණයට සාක්කි දීම හේතුවක් නම් අනිවාර්යයෙන්ම අර ලැබුනු වන්දි මුදල හරි මදිනම් තවත් වියදම් කරලා හරි මේ වීර පුද්ගලයාගේ මරණයට වගකිවයුතු අයට උපරිම දඩුවම් දීමට කටයුතු කරමු. පාදඩ දේශපාලකයා හිරගෙදරටම යවමු. (නදී)

:       0       0

නිමල් Sunday, 03 August 2014 09:29 AM

විලි ලජ්ජා නැති කමයි චන්ඩි කමයි කියන්නේ දේශපාලනයට අත්‍යාවශ්‍ය දේවල්. ඊළඟ පරම්පරාවටත් මේවා අඩුවක් නැතිව තියනවා කියලා ඔප්පු වුනානේ. මේවා ගුරුවරුන්ට හදන්න පුළුවන් දේවල් ද ? (නදී)

:       0       0

සජිත් Sunday, 03 August 2014 09:34 AM

මෙහෙම බලනකොට මේ නඩුවේ අගතියට පත් පාර්ශවයේ ඉඳල සාක්කි කාරයා දක්වා ජීවිත අනතුරේ. (නදී)

:       0       0

සජිත් Sunday, 03 August 2014 09:35 AM

මෙහෙම බලනකොට මේ නඩුවේ අගතියට පත් පාර්ශවයේ ඉඳල සාක්කි කාරයා දක්වා ජීවිත අනතුරේ. (නදී)

:       0       0

කරුණ Monday, 04 August 2014 06:41 AM

ළමයිනේ, කොට ගවුම උනත් කොට කලිසම උනත් මිනිස් සිරුරේ තිබෙන අවයව ගැන ඒ තරම් ලජ්ජා වෙන්න දෙයක් නැහැ. මම මේ කියන්නේ ගුරුතුමිය ට නෙවි, මේ අදහස් පල කරන අයටයි. (නදී)

:       0       0

මේනකා Sunday, 03 August 2014 09:40 AM

අර කුරුනෑගල විදුහල්පති කෙනෙක් ගුරිවරියක්ව සමාව ගන්න ගෙන් සමාව ගන්න නගර සභාවට යවපු එකට මොකද වුනේ (නදී)

:       0       0

ජයනී Sunday, 03 August 2014 09:41 AM

අපි අපේ ළමයින්ව හරියට හදා ගනිමු. දේශපාලකයන් ළමයින් හදන ක්‍රමය හරිද වැරදිද කියලා එගොල්ලම අනාගතයේදී දැන ගනීවි. (නදී)

:       0       0

මේනකා Sunday, 03 August 2014 09:43 AM

කුරුණෑගල මලියදේව ප්‍රශ්ණයට මොකක්ද වුනේ?  මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගන්න ඕනේ (නදී

:       0       0

මාලි Sunday, 03 August 2014 09:45 AM

හැඳි නොගා හදන හොද්ද වගේ දරුවන් හදන දෙමව්පියන්ටම මතු කලක ප්‍රතිපල ලැබේවි. (නදී)

:       0       0

සුභාෂි Sunday, 03 August 2014 09:51 AM

තමන්ගේ ළමයින්ව හරියට හදා ගෙන නැති දේශපාලකයන් දරුවන් ගැන අනිත් දෙමව්පියන්ට උපදෙස් දිදී රට වටේම යනවා. (නදී)

:       0       0

ලංකා තිලක් Sunday, 03 August 2014 10:44 AM

නුවර කාර් එකක් උඩ රඟපු තාත්තගේ ,වටරැක හාමදුරුවන්ගේ ,ට්‍රැෆික් රාලහාමිගේ (එයා තාම නාගෙන යනවා) සිදුවීම් වලදී කට්ටිය මේ තීරුවේ දාපු අදහස් වගේම තමයි මේකත්..විකුනන්න ලැබුණු වෙලාවේ අම්ම තාත්ත උනත් විකුණන දේශපාලන අපතයෝ පිරිච්ච මේ තීරුවේ දැන් කට්ටිය නඩුව අහල තීන්දුවත් දීල ඉවරයි ..පැමිණිල්ලත් එයාල..නඩු අහන්නෙත් එයාල ..තීන්දු දෙන්නෙත් එයාල. තාම මේ සිදුවීමේ අගක් මුලක් දන්නෙත් නැතුව. ඇහින් දැක්ක වගේ මේක විකුනන්න හදන හැටි දැක්කම හිනත් යනවා. කට්ටිය මේ පාරත් සුපුරුදු විදියටම හත්පොලේ ගාගෙන නා ගන්නවා. (නදී)

:       0       0

සත්‍යා Monday, 04 August 2014 01:14 AM

මේ තීරයට ලියන අය අතුරින් බුද්ධිමත්ම පුද්ගලයා බන්දුලයි. ඔය අදත් ලියලා තියෙන්නේ බුද්ධිය විකිරණය වෙන ජාතියේ කතාවක්. බල්ලෝ හඳට බුරන්නේ නිකන් නොවෙයි. (නි)

:       0       0

පානි Sunday, 03 August 2014 11:09 AM

ඔන්න පස්ස උඩ දාගෙන ගිහින් ආයෙත් ඡන්දෙ දාන්න සුදුසු අපේක්ෂකයෙක්.(නදී)

:       0       0

ගුනේ Sunday, 03 August 2014 11:37 AM

මෙන්න කාලෙකින් ලංකා තිලක් හත්පලේ ගාගන්න ඇවිල්ලා. මෙයා තමයි දේශපාලකයන්ගේ කොරනෙල් රාලහාමි. මෙතන ඉන්න උදවියට අපතයෝ කියන්න කලින් ඔය කඩේ යන්න මල්ල පල්ලෙන් හැලෙන්නේ මොනවද බලන්න. (නදී)

:       0       0

කමල් Sunday, 03 August 2014 11:41 AM

නරකද ලංකා තිලක් ඔබත් කොට ගවුමක් ඇඳගෙන ගිහින් මේ පාසලේම පන්තියක ඉඳ ගත්තා නම් (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 03 August 2014 11:47 AM

මෙයාව නැවත පළාත් සබාවට යවන්න එවිට අර මැඩම්ගේ මිනියත් ලිදකින් හමුවේවි ,මෝඩ මිනිසුනේ ඔලුව පව්ච්චිකරන්න (නදී)

:       0       0

දිනේෂ් Sunday, 03 August 2014 11:50 AM

මේ ලංකා තිලක් මෙතන ඔබට හරියන විදියට අදහස් ලියන්න අපි කවුරුත් බැඳිලා නැහැ. අපිට ඕන දෙයක් අපි ලියනවා. එය පල කරන්න සුදුසු නම් පල වේවි. හිතට අමාරු නම් ,ඔබත් කොට ගවුමක් ඇඳගෙන ඇවිත් මුළු පාඨක සභාවේම මිනිස්සුන්ව පුළුවන් නම් දන ගස්සවන්න (නදී)

:       0       0

ගමගේ Monday, 04 August 2014 02:16 AM

ආශ්චර්යයට යන මාවතේයි අපි දැන් ඉන්නේ (නි)

:       0       0

ජිනප්‍රිය Sunday, 03 August 2014 11:56 AM

අනේ මේ ලංකා තිලක් , ඔබ මෙතන නටන්නේ හරියට කාටද කොට ගවුම අන්දවපු කෙනා වගේනේ. මෙතන බහුතරයක් කියලා තියෙන්නේ පාසල් වල විනය නීති රීති වලට අනුව තමන්ගේ දරුවන් හදා වඩා ගැනීම ගැන. (නදී)

:       0       0

දර්ශණ Sunday, 03 August 2014 11:59 AM

දේශපාලන බේබි ලාගේ ඇත්ත තත්වය කියන කොට ලංකා තිලක් ගේ දරු කැක්කුම දෝරේ ගලනවා. (නදී)

:       0       0

චරිත Sunday, 03 August 2014 12:13 PM

මම හිතන්නේ කොට ගවුමක් ඇඳන් ගිය නිසා ලංකා තිලක් වත් කවුදෝ දන ගස්සලා! මොකද මේ පරල වෙලා වගේ කියවන්නේ. ? (නදී)

:       0       0

දිමුතු Sunday, 03 August 2014 12:20 PM

ඇඳගෙන රැලි සුදු ගවුමක් කොටට කොට. ලංකා තිලක් ආවලු අපේ සභාවට. අදහස් ලියන උදවිය දන ගස්සන්ට යනවිට මතක් විය ඇඳගත් ගවුමෙ කොට. (නදී)

:       0       0

ගංගා Sunday, 03 August 2014 12:35 PM

මට පේන්නේ ගවුම කොට නිසා අමාරුවේ වැටිලා ඉන්නේ ලංකා තිලක් ද කොහෙද. (නදී)

:       0       0

මේනකා Sunday, 03 August 2014 12:36 PM

ලංකා තිලක් බලාගෙන. ඔය කොට ගවුම ඇඳගෙන වැඩිය නැමෙන්න එපා. (නදී)

:       0       0

ඉන්දික Sunday, 03 August 2014 01:48 PM

මේ මිනිසාගේ මරණය ගැන සැකයක් පහළවීම අමුතු දෙයක් නෙමේ.මොකෝ මේ සිද්දිය පිළිබඳව අපි හැමෝම දන්නා නිසා.එය සාධාරණ වූ සැකයක්.මෙය පිලිබඳ අපක්ෂපාතී තීරණයක් අවශ්‍යයි.අපි හදිසි වෙන්න ඕන නෑ කාටවත් ඇඟිල්ල දික් කරන්න.විමසිල්ලෙන් බල සිටිමු.නූගත් දේශපාලුවන් අපේ රටට කරන වින්නැහියක්.මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙහෙම නම් මොවුන් පාර්ලිමේන්තුවට ගියදාට අපිට අබ සරණයි.නවගත්තේගම හා කුරාම් ෂෙයික් සිද්ධීන් අපේ රටට ඉතාම අසුබදායි ලකුණු. (දී)

:       0       0

රූපවතී Monday, 04 August 2014 07:47 PM

මම නම් හිතන්නේ අපේ බන්දුලයයි මේ ලංකා තිලකුයි දෙන්නම ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා දෙන්නෙක්. මුන් දෙදෙනාම ලියන්නේ දේශපාලු භාෂාවෙන්. ඒ වෙනස හොදට පෙනෙනවා (නදී)

:       0       0

ජයන්ත Sunday, 03 August 2014 06:56 AM

දේශපාලකයන්ගේ විනයක් හික්මීමක් නැති දරුවන් ගැන කතා කරලා වැඩක් නැහැ. මීට පස්සේ කොටට නෙවෙයි නාන ඇඳුමින් සැරසිලා පාසල් ආවත් මේ දේශපාලක දරුවන්ට මොනවත් කියන්න එපා කියලා මම ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ. ඒ ගොල්ලන්ට ළමයින් හදා ගන්න උවමනාවක් නැතිනම් ඔබ තුමීල ඒ ළමයින් ගැන වද වෙන්න යන්න එපා. තමන් වපුරපු විදියට ඒ උදවිය කවදා හරි නෙලා ගනීවි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 03 August 2014 04:28 PM

අන්න අන්තර්ජාලයේ සත්‍ය සිද්දිය තියෙනවා. පුලුවන්නම් බලන්න. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 03 August 2014 07:04 AM

මේක පුදුම ලෝකයක්..දවසකට සිය දහස් ගානක් රිය අනතුරු වෙන රටේ අනුරකුමාරගේ රථය හැපෙන්න බැහැ..සෝභිත හාමදුරුවන්ගේ රථය හැපෙන්න බැහැ. ඒවා විශේෂ වාහන..මම හිතන්නේ එලවන්නේ දෙවි දේවතාවෝ වෙන්න ඇති. ඒවා හැපුනොත් එතන කුමන්ත්‍රණයක්..හිතා මතා සිදුකල සිදුවීමක්..කාටද මේ විහිලු සපයන්නේ.....මේ මනුස්සයාගේ මරණයත් දැන් හදන්නේ අර මනුස්සයාගේ බිලට කඩන්න පුලුවන්ද බලන්න.(නදී)

:       0       0

කබුක් සිල්වා Sunday, 03 August 2014 07:32 AM

ලිබියාව, ටියුනීසියාව වගේ අපේ ටියුනීසියාව, ඊජිප්තුවට උනා වගේ අපේ රටේ ජනතාව එකමුතු වී ජන හඩක් නැගුවා නම් (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 03 August 2014 07:32 AM

ජයන්ත, එහෙම හරියනවද? පාසැල පොදු තැනක්. දේශපාලකයින්ට ඕනෑ හැටියට යටන්න දෙන්න හැකිද (නදී)

:       0       0

උක්කුන් Sunday, 03 August 2014 07:53 AM

දේශපාලක දරුවා කියල අහක බලගන හිටියොත් ටික දවසකින් මුළු පාසැලම පිනන ඇඳුම් ඇඳගන පාසල් එන්න ගනී. ප්‍රශ්නෙට විසඳුම මිනීමරු දේශපාලකයන්ව ඉදිරිපත් කරන දේශපාන පක්ෂ පරාජය කරලා නායකයන්ට පාඩමක් ඉගැන්වීමි. ජනපති හොඳ වැඩ කලට අපරාද මර්දනය කරන්නේ නැහැ.(නදී)

:       0       0

කමල් Sunday, 03 August 2014 07:59 AM

සාධාරණ පරීක්ෂණයක් පවත්වනවා කියලා කිව්වම එහෙම සාධාරණ පරීක්ෂණ වෙනවාද ? (නදී)

:       0       0

අපොන්සු Sunday, 03 August 2014 08:07 AM

සාධාරණ පරීක්ෂණයක් ? අර හදෙන් ගෙනත් දුන්නු හාල් කැවිලද? (නදී)

:       0       0

චමින්ද Sunday, 03 August 2014 08:15 AM

තංගල්ලේ සිද්ධිය වගේ, මුළු ලංකාවම මේ සිද්ධිය දිහාත්, බලා ඉන්නවා කියලා හිතා ගත්තොත් හොදයි. (නදී)

:       0       0

කොස්වත්ත Sunday, 03 August 2014 08:36 AM

ජයන්ත , ඔයාගේ කටට මසුරන්දන්න ඕනා. ඉස්සර දේශපාලනය කලේ ගමේ රටේ වැදගත් උගත් දක්ෂ මහත්වරු. අද ඊට වෙනස්. රට කාලා විනාශ කර දාලා තියෙන්නේ. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 03 August 2014 09:01 AM

මෙවැනි දේශපාලකයන්ට ඡන්දය දෙන අපේ වැරැද්ද තමා මේක. මේ සාක්කිකාරයන්ට එංගලන්තේ ගමන් බලපත්‍රයක් නොමැති නිසා කව්රුවත් මේ ගැන හොයන එකක් නැහැ (නදී)

:       0       0

සිරිපාල Sunday, 03 August 2014 07:26 PM

ලංකා තිලක්,බන්දුල පෙරේරා දෙන්නාටම හරි අමාරුයි වගේ පාලනයේ වැරැද්දක් කියනකොට. (නි)

:       0       0

ලසිත් Sunday, 03 August 2014 09:05 AM

ඇත්තමයි , මීට පස්සේ දෙන අවවාදයක් සාමාන්‍ය පුරවැසියන්ගේ දරුවන්ට දීලා මේ මැති ඇමති දරුවන් කැමති විදියට හැදුනාවේ කියලා ගුරුවරු නිකම් ඉන්න තියෙන්නේ. දරුවන් හරියට හදා ගන්න උවමනාවක් තිබෙන්නේ මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට විතරයි. ඔබලා අපිට අපේ දරුවන් ටික හරියට හදල දෙන්න . දරුවාට වරදට දඬුවම් කළා කියල අපි නම් රෙදි අතේ අරගෙන පාසල ට කඩාගෙන එන්නේ නැහැ . මගේ ගුරුවරු ඉන්න පැත්තට මම අදත් වඳිනවා මාව මේ තැනට ගෙනාවට. (නදී)

:       0       0

ගුනේ Sunday, 03 August 2014 09:08 AM

උක්කුන් දැන් කොට ගවුමක් දික් කරන්න ගිහින් නේද අන්තිමේ ළිඳකින් මිනියක් මතු වුනේ. අපිට මේ දේශපාලු ළමයින් හදන්න බැහැ. අපේ ළමයින් හදා ගන්නවා මිසක්. (නදී)

:       0       0

වරුණ Sunday, 03 August 2014 09:15 AM

මම නම් මේ දේශපාලකයන්ගේ ළමයින් ඉන්න පන්තියකටවත් මගේ ළමය වැටෙනවාට කැමති නැහැ . (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවයින පුරාම සවස් කාලයේ තද වැසි
2024 සැප්තැම්බර් මස 28 22 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 1291 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 416 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4971 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1674 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 792 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37814 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24921 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site