IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නිවාඩුවේ නිවාඩු නොගත් පාසලක්

(පියදාස සමරවීර)

පාසල් නිවාඩු කාලයෙත් නිවාඩුවක් නොගෙන සිසු දරුවන්ට නොමිලේ අකුරු කරන පාසලක ගුරුභවතුන් පිරිසක් සම්බන්ධ තොරතුරු පදවියෙන් වාර්තාවේ.

පදවිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පදවිය සී යාය විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්‌ඩලය මෙම උතුම් සද් ක්‍රියාවට දායක වී තිබේ.

10 , 11 ශ්‍රේණිවල සිසු දරුවන්ට සතියේ දින පහේම හා අනෙකුත් පන්තිවලට සතියට දින තුනක් පන්ති පවත්වා දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීමට මෙම පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්‌ඩලය කටයුතු කිරීම මවුපිය ගෞරවාදරයට පාත්‍ර වී තිබේ.

මේ සම්බන්ධව පාසලේ විදුහල්පතිනිය  ඩබ්ලිව්. ජී. නිශාන්ති චන්ද්‍රිකා වත්තේගෙදර මහත්මිය මෙසේ සදහන් කළාය.

පදවිය "සී" යාය විදුහලේ අධ්‍යාපනය ලබන්නේ ගොඩාක්ම ආර්ථික අපහසුතා තිබුණද අධ්‍යාපනයට දැඩි උනන්දුවක් ඇති දරුවන් පිරිසක් ඉන්නවා. පාසල් නිවාඩු කාලය වුවද ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති මුදලට පවත්වනවා. සමහර දරුවන්ට ඒවාට සහභාගි වෙන්න වත්කමක් නෑ. දරුවන් අසරණ වෙනවා.

ඒ නිසාම තමයි මමත් ගුරු මණ්ඩලයත් සාකච්ඡා කරලා මවුපිය අවසරය ද ලබාගෙන පාසලේ නොමිලේ පන්ති පවත්වාගෙන යන්නේ. දෙසැම්බර් 22 රජයේ නිවාඩු ලැබුණේ. දෙසැම්බර් 23 සිට 26 දක්වා නිවාඩු දින නිසා අපි දෙසැම්බර් 27 වැනිදා සිට පාසලේ පන්ති පවත්වාගෙන එනවා.

 

 



අදහස් (8)

නිවාඩුවේ නිවාඩු නොගත් පාසලක්

Chinthaka Herath Monday, 29 January 2024 03:52 PM

ස්වෙච්චාවෙන් මෙවැනි කැප කිරීම් කරන විදුහල්පති තුමා අතුලු ගුරු මඩුල්ලට මේ වල පල්ලට යන රටේ සියලු දෙනගේම ගෞරවය හිමි විය යුතුයි.

:       0       0

ප්‍රියානි ගුණරත්න Tuesday, 30 January 2024 05:31 AM

මෙවැනි ගුරුවරු අගේ කළ යුතුයි. ඕට් අත්සන් කරල තමන්ගෙ පුද්ගලික වැඩ කරන ඇතැම් රජයේ සේවකයන්ට හොද ආදර්ශයක් දීල තියෙනව. දරුවන්ගේ ඇස් පෑදීම විශාල පිනක්.

:       2       2

chitra Tuesday, 30 January 2024 05:35 AM

ඉතා හොඳ අදහසක්, ස්තූතියි !! සියලුම ගුරුවරු..

:       2       0

Sharm Tuesday, 30 January 2024 06:38 AM

ඔබ සැම සැබෑ ගුරු දෙවිවරු ... හිස නමා ආචාර කරනවා...

:       0       0

Kazi Shajahan Tuesday, 30 January 2024 07:38 AM

ඉදිරියට එන ආණ්ඩුවට ඔබ වනි පරිත්‍යාගශීලී මිනිසුන් අපිට ඕන

:       2       0

nimal Tuesday, 30 January 2024 07:40 AM

හරි විදිහට නම් නිවාඩු කාලේ ටියුෂන්,පාසල් සියල්ල තහනම් කරන්න ඕන

:       1       5

Lasmantha Tuesday, 30 January 2024 09:42 AM

විශිෂ්ටයි !!!

:       2       2

upul Tuesday, 30 January 2024 12:48 PM

මේක අගය කරන්න ඕන තමයි. ඒත් දවසෙම ඉස්කෝලෙ නොතියා 1.30 ට අරින්නෙත්, මාස තුනක් ඉගැන්නුවට පස්සෙ මාසයක් නිවාඩු දෙන්නෙත් දරුවන්ට නිවාඩුව කියන මානසික සහනය අවශ්‍ය නිසයි. කවුරුත් එකඟ වෙලා කරපු නිසා වැරැද්දක් කියන්නත් බෑ. හැබැයි මේක හොඳ දෙයක් නෙවෙයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1000 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 666 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1826 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 352 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 594 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1567 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38923 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site