IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නුවන් කුලසේකර - අකිල අයි.පී.එල්. නොයන ලකුණු

ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්.) සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් 13 දෙනා අතරින් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය තරගාවලියට සහභාගි වන බවට අද (01) පස්වරුව දක්වා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දක්වා නොතිබුණි.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ පූනේ වෝරියස් යන කණ්ඩායම්වලින් මෙවර තරගාවලියට සහභාගි වන ලෙස චන්දිමාල්ගෙන් කළ ඉල්ලීම් ඔහු ප‍්‍රතික්ෂේප කර තිබේ.

තරගාවලියට සහභාගි වන බව සෙසු ක‍්‍රීඩකයන් 11 දෙනා මේ වන විටත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ. 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර සහ අකිල ධනංජය යන ක‍්‍රීඩකයන් මේ දක්වා තරගාවලියට සහභාගි වන බවට ලිඛිතව දැනුම්දී නොමැති බවයි.

‘‘අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන සෙසු ක‍්‍රීඩකයන් ඒ පිළිබඳ ලිපියක් මගින් ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා. නමුත් චන්දිමාල්, කුලසේකර සහ අකිල මේ දක්වා ලිපි යොමුකර නෑ’’ යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම තමන් දරණ බවට ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී ඇතැයි මේ පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.

මෙවර තරගාවලියේදී මහේල ජයවර්ධන (දිල්ලි), කුමාර් සංගක්කාර (හයිඞ්ට‍්‍රබාත්) සහ ඇන්ජලෝ මැතිව්ස් (පූනේ) ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් නායකයන් ලෙස කටයුතු කරති.
ජීවන් මෙන්ඩිස්, (දිල්ලි), සචිත‍්‍ර සේනානායක (කොල්කටා), ලසිත් මාලිංග (මුම්බායි), අජන්ත මෙන්ඩිස් (පූනේ), කුසල් ජනිත් පෙරේරා (රාජස්තාන්), තිලකරත්න ඩිල්ෂාන් සහ මුත්තයියා මුරලිදරන් (බැංගලෝර්) සහ තිසර පෙරේරා (හයිට‍්‍රාබාත්) අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන සෙසු ක‍්‍රීඩකයෝ වෙති.   
 

 



අදහස් (0)

නුවන් කුලසේකර - අකිල අයි.පී.එල්. නොයන ලකුණු

සිල්වා Tuesday, 02 April 2013 04:42 AM

පරණ අයව අයි.පී.එල්. යවලා අපි චන්දිමාල් වගේ දක්ෂයන්ට අවස්ථාවක් දෙමුද? (නි)

:       0       0

ලංකා Monday, 01 April 2013 07:37 PM

ලංකාවේ තරඟ වලට හොදට සුදානම් වෙන්න (දී)

:       0       0

අමිල Tuesday, 02 April 2013 12:25 PM

මුරලිත් යනවාද (දී)

:       0       0

අජන්ත කුමාර Tuesday, 02 April 2013 06:36 AM

ඔබලා ඉතා නුවණක්කාර තීරණයක් අරගෙන තියෙනවා (දී)

:       0       0

අමිල Tuesday, 02 April 2013 12:26 PM

කෝ අර එස්.එල්.ටී. ක්‍රිකට් තරු(ස)

:       0       0

අනුර Monday, 01 April 2013 08:19 PM

ඉස්සැල්ලම ගුවන්යානයට මාලිංග නගියි. (නදී)

:       0       0

ප්‍රභා Monday, 01 April 2013 08:12 PM

කවුරු නොගියත් අරයනමි යයි.(නදී)

:       0       0

වන්නි Tuesday, 02 April 2013 08:17 AM

සල්ලිද , ජිවිතයද , මේ තුන් දෙන්නා හැරෙන්න අනෙක් කට්ටිය යනවාද (දී)

:       0       0

සුදා Tuesday, 02 April 2013 08:22 AM

ඔයාලාට කෝටි 10ක් 15ක් දුන්නොත් ඔයාලා නොයා ඉන්නවාද ? (ස)

:       0       0

ජනක Wednesday, 03 April 2013 12:27 PM

මම හිතන්නේ අපි සැවොම එහේ යා යුතුයි. අපි කාටවත් බය නැති සිංහයන් බව පෙන්වමු (ස)

:       0       0

ශාන්ත Monday, 01 April 2013 08:49 PM

අයි.පී.එල්. නොයන අයට ජාතික කණ්ඩායමේ විශේෂ ස්ථානයක් හිමිවිය යුතුයි. (නි)

:       0       0

සරත් Tuesday, 02 April 2013 08:39 AM

අපේ සිංහයෝ ගැන කියන්න වචන නැහැ අපිට. (නි)

:       0       0

වීරසේකර Tuesday, 02 April 2013 08:42 AM

නිකන් යනවා මනුස්සයෝ යන්න. අපි. අයි පී. එල්. යනවා මීට කලින් දැකලා නැත්ද ? (ස)

:       0       0

නිශෘන්ත Tuesday, 02 April 2013 09:00 AM

යන අයට යන්න දෙන්නකෝ. (නි)

:       0       0

නවින් Monday, 01 April 2013 09:15 PM

ඒ තීරණය හොදයි (දී)

:       0       0

ඉන්දික Tuesday, 02 April 2013 09:03 AM

දේශයේ පුත්‍රයාණනි නුඹලාට අපගේ උත්තමාචාරය ! (ස)

:       0       0

මහේෂ් Tuesday, 02 April 2013 01:17 PM

කුලසේකර ඉන්දියාවට බය වෙන්න එපා (දී)

:       0       0

රොමේෂ් Tuesday, 02 April 2013 09:22 AM

නියම සිංහයෝ! කවදාවත් බයේ හැංගෙන්නෙ නැහැ. ජය වේවා කොල්ලනේ! (නි)

:       0       0

රොෂාන් Tuesday, 02 April 2013 09:54 AM

අයියෝ අපේ කොල්ලෝ ජයලලිතාට බය වෙලා වගේ (දී)

:       0       0

රවී Monday, 01 April 2013 10:11 PM

මැචි වලට විතරක් නෙමෙයි මොනම දේකටවත් අපිට ඉන්දියාවට නොගිහින් ඉන්න බැරිද?(නදී)

:       0       0

දිල්ශාන් Tuesday, 02 April 2013 01:57 PM

සල්ලි වලට ක්‍රීඩාව යට කරන්න එපා (දී)

:       0       0

ප්‍රසන්න Monday, 01 April 2013 05:10 PM

මෙන්න දේශද්‍රෝභියෝ. සල්ලිවලට රට විකුනන අය. පිල්ලේ නෝනාටයි ජයලලිතාටයි මේ එක්කෙනෙක් දෙන්නෙක් කසාද බන්දලා දෙන්න ඕනේ.(නදී)

:       0       0

නිරාජ් Monday, 01 April 2013 05:08 PM

මුන්ට සල්ලි ලැබෙනව නමි අම්මා තාත්තා වුනත් විකුනයි.(නදී)

:       0       0

මහේෂ් දිල්ෂාන් Monday, 01 April 2013 10:51 PM

ඇත්තටම මේ ගැන සෑහෙන්න දුකයි. ඉන්දියව අපිට මෙච්චර හතුරුකම් කරද්දිත් මෙයාලා සල්ලි වලට විකිනෙන එක ගැන. තමන්ගේ දේශය පාවාදීම ගැන අපට ඇත්තේ කණගාටුවක්. (නි)

:       0       0

ෂිරාස් Monday, 01 April 2013 05:09 PM

මුලින්ම ඒ ළමයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අව්සථාවක් දෙන්න.(නදී)

:       0       0

යොහාන් Monday, 01 April 2013 05:31 PM

මේ අයට යුද්දෙ කාලේ මෙපමන මුදලක් දෙනවා කිව්වා නම් යාපනෙත් යයි.(නදී)

:       0       0

කුමාර Monday, 01 April 2013 11:02 PM

යන්න එපා ගල් පාරක් හරි වැදුනොත් කාටද ඔබ තුමා තමයි කරදර විදින්න ඕනේ (දී)

:       0       0

හිරාන් Monday, 01 April 2013 11:23 PM

දැන් සමහරුන්ට සල්ලි නිසා දෙමවුපියොවත් අදුරන්න බැහැ. (නි)

:       0       0

තත්සරණී Wednesday, 03 April 2013 07:40 PM

මාත් ජනක ගේ අදහසට එකගයි. මොකද අපි වැරද්දක් කරා නම් තමි බය වෙන්න ඕන. අපේ රට කාටවත් වරදක් කරලා නැත්තන් අපේ වීරයෝ බය වෙන්නැතිව අයි.පී.එල් යන්න ඕනේ. අපි වරදක් කර නම් එක පිළිගන්න වනම් තමි අපි අයි.පී.එල් වර්ජනය කල යුත්තේ. (නදී)

:       0       0

තත්සරණි Wednesday, 03 April 2013 07:43 PM

අපේ වීරයෝ කොහේ ගියත් එයාලගේ දක්ෂතා පෙන්වීමට හැකි වේවා අපි සිංහයෝ නිසා කාටවත් බය විය යුතු නෑ. සඟ සංගා ඇතුළු අපේ වීරයන්ට ජය. (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 01 April 2013 06:23 PM

චන්ඩි මල්ලි, අර්ජුන අයියා වගේ සල්ලි හොල්ලන අයට අහුනොවී කෙලින් ඉන්න පුළුවන් නම් දිගටම හරි හොදයි. ආනන්දෙට නම්බුවක්.(නදී)

:       0       0

අතපත්තු Monday, 01 April 2013 06:25 PM

හොද තීරණයක් (දී)

:       0       0

දෙව්මිත් Tuesday, 02 April 2013 12:06 AM

රට ජාතිය ගැන හිතන්නෙ නැතුව අයි.පි.එල්. යන අයට තමිල්ණාඩුවෙන් හොද පරිප්පුවක් කන්න වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අතපත්තු Monday, 01 April 2013 06:33 PM

ලංකාවේ ක්‍රිකට් දැන් හොද තැනක තියෙනවා (දී)

:       0       0

උදය Tuesday, 02 April 2013 03:12 PM

2013 ගනු දෙනු.(නදී)

:       0       0

මැණික් Tuesday, 02 April 2013 01:41 AM

එයාලගේ බිරින්ඳෑවරුන්ගේ ටිකට්ස් .... (ස)

:       0       0

සුභා Tuesday, 02 April 2013 02:01 AM

සල්ලි වලට වඩා ජීවිතය වටිනවා (දී)

:       0       0

මදුශ Tuesday, 02 April 2013 03:38 PM

රට වෙනුවෙන් සෙල්ලම් කිරීම ඉතා වැදගත් (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 02 April 2013 11:48 AM

චන්දිමාල්, අකිල, නුවන් හැර 11 දෙනෙක්‌ අයිපීඑල් යති ඒ අනුව කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්‌, කුසල් ජනිත්, ජීවන් මෙන්ඩිස්‌, අජන්ත මෙන්ඩිස්‌, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයන් හෙට (3දා) ඇරඹෙන අයි.පී.එල් තරග අවස්‌ථාව ලබාගැනීමට කැමැත්ත පළ කර ඇත. (දී)

:       0       0

කමල් Monday, 01 April 2013 07:08 PM

අර්ජුන කවදාවක් මේ වගේ තත්වයකට ඇද වැටිච්ච ක්‍රීඩකයෙක් නෙමෙයි. අවබෝධයෙන් අදහස් ඉදිරිපත් කරනව නමි හොදයි.(නදී)

:       0       0

කුසිත් Monday, 01 April 2013 07:05 PM

රටේ නම්බුව රකින්න පුළුවන් කීයෙන් කී දෙනාටද? අයි.පී.එල් නොයන්නේ ශ්‍රී ලංකාවේ නියම වීර පුත්තු තමයි. ඔබලාට ජයවේවා! (නදී)

:       0       0

මහේල Tuesday, 02 April 2013 11:53 AM

සල්ලි වලට වඩා ජීවිතය වටින්මා බව ඔප්පු ලකා (දී)

:       0       0

තුසිත Tuesday, 02 April 2013 03:35 AM

සල්ලි ලැබුණහම ඕනෑම දෙයක් කරන්න කියන අය අවංකවම හිතලා බලන්න තමන් අවංකද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 449 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 50 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 371 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 469 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 684 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site