( ශාන්ත චන්ද්‍රසිරි)
බස් රථ දෙකකට පහරදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (01) වර්ජනයක නියලී සිටිති.
එම මාර්ගයේ ධාවනය කරනු ලබන බස් රථ දෙකක් ලිඳුල ප්‍රදේශයේ රාත්‍රීයේ ගාල් කොට තබා තිබියදී කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එම බස් රථවලට පහරදී අලාභ හානි සිදු කීරිමකට එරෙහිව පුද්ගලික බස් රථ හිමියන් විසින් මෙම වර්ජනය ආරම්භ කොට තිබේ.
බස් රථ වර්ජනයට තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථ එකතු වී ඇති බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ තලවකැලේ ස්ථානභාර නිලධාරී සඳරුවන් අබේවික්‍රම මහතා පැවැසීය.
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ආරම්භ කොට ඇති මෙම බස් රථ වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ පාසල් සිසුන්, කාර්යාලීය සේවකයන්, පුද්ගලික ආයතනවල සේවකයන් ඇතුළු සෙසු මගී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටියහ.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නුවරඑළියේ බස් වර්ජනයක්
ජයනාත් Monday, 01 July 2024 11:39 AM
අත්‍යාවශ්‍ය සේවා නේද ..