IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නාවල සැකකරුගේ ලේ පිරික්සයි

නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨාධිපතිනියට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළැයි කියන නීති ශිෂ්‍යයා ලේ සාම්පලයක් කොළඹ විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ විෂ විද්‍යා පර්යේෂණායතනයට යොමු කළ බව කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර ලයනල් මොහන්දිරම් මහතා කියයි.

වෛද්‍යවරයකු ද වන සැකකරු බොන්නට ඇතැයි කියන විෂ ද්‍රව්‍ය කුමක්දැයි හඳුනාගැනීමට එම පියවර ගෙන ඇත.

කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටින ඔහුගේ තත්ත්වය අවධානම් බවත්, මෙතෙක් සිහිය නොලැබුණු බවත් ඔහු වෙන්ටිලේටර යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති බවත් රෝහල කියයි.

රිමාන්ඩ් භාරයේ සිටින ඔහු යාපන පලාලියේ පදිංචිකරුවෙකි. ඔහු කොළඹ කොටහේනේ තාවකාලිකව පදිංචිව සිටියේය.

නීති අංශාධිපතිනි යශෝධරා කදිරගාමර්තම්බි මහත්මියට පිහියෙන් අනිනු දුටු තිදෙනකුගේ සාක්කි පොලිසියෙන් සටහන් කරගෙන ඇත.



අදහස් (0)

නාවල සැකකරුගේ ලේ පිරික්සයි

කුමාරසිරි Friday, 21 June 2013 12:33 AM

වරුණ ඔයා හරියටම හරි. ඒ තැන සිංහල කෙනක් හිටියා නම් මෙලහකටත් ජීනීවා ගිහින්. (නි)

:       0       0

ගමා Friday, 21 June 2013 06:25 AM

මටත් ඔය වගේ අත් දැකීම් තියෙනවා ඕනෑතරම් . ( ඒවා මෙහි සටහන් කිරීම සමාජ ගැටළු ඇතිවීමට හේතුවන බැවින් නොලියමි ) හැබැයි මගේ මෝඩකමටද මන්දා , මම ගත්ත තීරණය වුනේ ඒ තැන් වලින් ඉවත්වන එක. අද මම ඉන්නේ ඇමෙරිකාවේ.ලංකාවේ නොවෙයි ලෝකයේ ඕනෑම රටක ඉගෙනීමට පමණක් නොවෙයි ජීවිතේ ඕනෑම ගැටලුවකදී ඒ සඳහා අපිට හොඳ සමබර පෞරුෂයක් තියෙන්න ඕනෑ. මිනිසුන් සමඟ කටයුතු කිරීම ජීවිතයේ එක කලාවක්. විෂය කරුණු නිපුනවීම හා මේ කලාව දෙකක්. ඒ තත්වයම තමයි ගුරුවරයාගේ පැත්තත්. හීනමානයෙන් හෝ මාන්නයෙන් පෙලෙන ගුරුවරුන් ඕනෑ තරම්. නැගිටින්න දෙන්නෙම නැහැ. ඒ නිසා විෂය සමගාමීව ජිවිත කලාව අපි ළමයින්ට කියලා දෙන්න ඕනෑ. දෙමව්පින් සහ ගුරුවරුන් දෙගොල්ලගෙම වගකීමක් මේක .මේ ජීවිත කලාව අවබෝධ නොකරගත් කෙනා සීමාවන් ඉක්මවා ගියවිට එක්කෝ තමාගේ එහෙම නැත්නම් අන් අයගේ ජීවිතයට හානියක් කරන්නන්ට යොමුවෙනවා. (නි)

:       0       0

චමිල Thursday, 20 June 2013 01:37 PM

දැන් නම් පෙන්නේ වෛද්‍යවරුනට හොදටම අභිමානේ දැනිල වගේ.(ස)

:       0       0

ප්‍රගීත් Thursday, 20 June 2013 01:38 PM

අනේ මන්දා.ඔතන මොකක්හරි ලොකු දෙයක් වෙන්න ඇති.ඔය කියන නීති අංශාධිපතිනි සමහරවිට සැර කෙනෙක් වෙන්න ඇති..කරන්නම දෙයක් නැති තැන අර තරුණයා පිහියෙක් කොටන්න ඇති..හදිසි කෝපය නිසා උන දෙයක්..(ස)

:       0       0

රන්ජිත් Thursday, 20 June 2013 01:40 PM

මෙය එක විශේශිෂිත සිදුවීමක් ලෙස සලකන්න. මුළු විශ්ව විද්‍යාල පද්ධතියටම ගරහන අයට අවස්ථාවක් නොදෙන්න. බොහෝ දෙනා ඉතාමත් වැදගත් ලෙස අධ්‍යාපනය හදාරා උසස් සේවයන් කරනවා වගේම පිස්සෝ ටිකකුත් ඉන්නවා.. (ස)

:       0       0

චතුල වෙරෝනා Thursday, 20 June 2013 01:43 PM

මේ මනුස්සය දොස්තර කෙනෙක් නේද අපරාදෙ රටට ලොකු වෑඩක් ගන්න තිබුන මනුස්සය ඉක්මන් කෝපය නිසා ඔක්කොම අවුල් කරගත්තා.(ස)

:       0       0

සනුල් Thursday, 20 June 2013 02:09 PM

මේ මනුස්සයට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න ඇත්තෙ විශ්වවිද්‍යාල වලට බදවා ගැනීමේ දී ලබා දෙන කෝටා ක්‍රමය නිසා. උතුරෙන් විශ්වවිව්‍යාල වලට තේරෙන්නෙ අවශ්‍ය වන්නෙ ඉතා අඩු ලකුණු ප්‍රමාණයක්. දකුනෙ දක්ෂයන් ගෙදර ඉන්න කොට උතුරට වැඩි අවස්තාවන් දීල බදවා ගත් අයගෙ බුද්දියේ තරම තමයි මේ. උතුරෙ ඉන්න මේ වගේ මිනිස්සුන්ටත් දොස්තරකම ලැබෙන කොට දකුනෙ සබෑ දක්ෂයො ගෙදර. ඒත් හැම තිස්සෙම කියන්නෙ උතුරට අසාධාරණයක් වෙනව කියල. (අ)

:       0       0

සේනක සිඩ්නි Thursday, 20 June 2013 07:47 PM

අපෝ මමත් කැම්පස් ඉන්න කාලේ අනින්න හිතුන අය ඕනෑ තරම් හිටියා. එයින් පළවෙනියා තමයි බෝඩිමේ ඇන්ටි. ලයිට් දාගෙන පාඩම් කරනකොට මේන් සුවිච් එක ඕෆ් කරනවා. කාමරේ වතුර උණු කරනවද බලන්න ජනේලෙන් එබිලා බලනවා. යාලුවෙක් කාමරේට ආවොත් මූණ උඩ අඹ පුපුරන්න පුළුවන්. අනෙකා තමයි කැන්ටිමේ අයිතිකාරයා. රට වටේ මුහුද තිබුනත් ලුණු ටිකක් දාලා කරියක් හදන්න බැහැ. පොඩි මාලුවෙක් බත් එකට දෙනවා. මාළුවාගේ බඩ කවදාවත් අයින් කරන්නේ නැහැ. මාළුවා කාපු හැමදෙයක්ම අපිත් කන්න ඕනෑ. (නි)

:       0       0

අනුර පනාගොඩ Thursday, 20 June 2013 02:50 PM

දොස්තර කෙනෙක් නිසා නිර්වින්දනය නොකර ශෛල්‍යකර්මයක් කරන්න හිතුනද දන්නේ නෑ.(ස)

:       0       0

කුමාර Thursday, 20 June 2013 03:02 PM

මෙය ඉක්මන් කෝපයක් නොවේ. සැලසුම් සහගතව කළ පහර දීමක්. සමහර වෛද්‍යවරුන් බොරු සුවිශේෂත්වයක් ගෙන පම්පෝරි ගැහුවට ඔවුනුත් මේ සමාජයේම මුදලට රැකියාවක් කරන සාමාන්‍යය මිනිසුන්. සමස්ත සමාජයේම සිදුව ඇති පරිහානිය ඔවුන් තුලිනුත් පිලිඹිබු වේ. (නි)

:       0       0

වරුණ Thursday, 20 June 2013 03:18 PM

හොද වෙලාවට දෙන්නම දෙමල උනේ. නැත්නම් මානව හිමිකම් ප්‍රශ්නයක්! (ස)

:       0       0

සදුනි Thursday, 20 June 2013 09:45 PM

සහතික ඇත්ත සිඩිනි.(නදී)

:       0       0

ස්ටීව් Thursday, 20 June 2013 03:53 PM

මොකද දන්නේ නැහැ දොස්තරට ලෝයර් කෙනෙක් වෙන්න හිතුනේ (නි)

:       0       0

විරාජ් කාලිංග Thursday, 20 June 2013 04:05 PM

මේක ඉක්මන් කෝපය නෙවේ සැලසුම් සහගතවම සිදු කරපු ඝාතනයක්. පිහියක් අරන් කැම්පස් යන්නේ නැහැනේ. සුදානමකින්ම තමයි ඇවිල්ලා තියෙන්නේ අනින්න. පිහියක අවශ්‍ය තාවයක් නැනේ මෙයා කොහොමත් දොස්තර කෙනෙක් නේ. මාළු විකුණන මනුස්සයෙක් හරි රා මදින්නෙක් හරි උනා නම් කියන්න තිබ්බා ක්ෂණික කෝපෙට ඇන්නා කියලා. පිහියක් කොයි වෙලෙත් ලගමනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 173 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2055 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2300 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2990 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1307 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site