(අංජුල මහික වීරරත්න)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිටි සමහර නිලධාරීන් අනුන්ගේ ඉඩම් වල නිවාස හදා ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.
එම නිලධාරීන් දැනට විශ්‍රාම ගොස් ඇති බව කී සූරියආරච්චි මහතා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අදාල යුග වල කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති හෙයින් වර්තමානයේදී ඒවාට ගෙවීම් කරන්නට සිදුවී තිබෙන බව සභාපතිවරයා කීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරීවරුන්ගේ සමුළුවට සහභාගී වෙමින් සභාපතිවරයා මේ බව කීය.බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී මෙම සමුළුව පැවැත්විණි.
ටොරින්ටන් නිවාස ව්‍යාපෘතියටත් එවැනි වැඩක් සිදුවී තිබෙන බව කී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම ඉඩම වෙනුවෙන් එක් කෝටි අසූ ලක්ෂයක් ගෙවීමට සිදුවී ඇති අතර එය ගෙවා දැමීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා දෙන බව සඳහන් කළේය.
නිලධාරීන් හරියාකාරව රාජකාරී නොකළ නිසා මෙවැනි දේ සිදුවන බවත් ඒවාට පරීක්ෂණ, නිරීක්ෂණ, චක්‍රලේඛ කිසිවක් නැතැයි සභාපතිවරයා කීය.
ටොරින්ටන් නිවාස ව්‍යාපෘතියෙන් මුදල් ගෙවා නිවාස ගත් මිනිසුන්ට අදටත් ඔප්පු නැතැයි කී සභාපතිවරයා එම ජනතාව ඔප්පු ගන්නට එන විට මේ ප්‍රශ්නය මතු වූ බව සඳහන් කළේය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිවාස අධිකාරිය අනුන්ගේ ඉඩම්වල ගෙවල් හැදූ කතාවක් එළියට