තිහගොඩ ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්වෙද්දී නිවාස තුනකට ගිනි තැබූ බව කියන පස් දෙනෙක් තිහගොඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පොල් අතු හා පිදුරු වලින් ඉදිකර තිබූ මේ නිවාසවල සිටි සිසුහු එළියට පැණගත්හ. සැකකරුවන් අතර පාසලේ ආදි සිසුන් දෙදෙනකු සිටින බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තරගයේදී නිවාස වලටත් ලකුණු දෙන නිසා ඒවා නැතිකරන්න කරපු වැඩක්වද්ද? (නි)
මොනතරම් වැරදි වැඩක් ද කරලා තියෙන්නේ? වැරදි කරුවෝ හොයාගන්නම ඕනේ. (දී)
ඕක ඔය හැටි ගණන් ගන්න එපා. ගිනි කෙළි සංදර්ශන වලට කවුරුත් කැමතියි. මීට පස්සේ ඒවා බලන්න යනකොට ගිනි කෙළිත් බලන්න යන්න. (නි)
ඒවා හදන්න මහන්සි වුණ ළමයින්ට කොච්චර දුක ඇද්ද? (නි)
ක්‍රීඩා තරඟ තියන්නේ එකමුතුවෙලා වැඩ කරන්න, සහභාගීත්වය පෙන්නුම් කරන්න, තම තමන්ගේ දක්ෂ කම් පෙන්වන්න නේද??? දැන් මේ මොකද වෙලා තියෙන්නේ?? වැඩේ වැරදි විදියට කරලා නේද ?? බොහොම කැතයි.. (ස)
සිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු පාසලේ කීර්තිය කෙළෙසන්න උත්සාහ කරපු මේ පිරිසට දැඩි දඩුවම් පැමිණවිය යුතුයි, මතුවට මෙවන් දෙයක් නොවන්නට. (නි)